Naifm

Sri Lanka's Number.01 News Website

විස්සයි-20 ලෝක කුසලාන

ක්‍රිකට් කිවුවම දැන්නම් පොඩ්ඩක් සාංකාව වගේ දිනන්න හරි පරදින්නහරි මැච් එකක් බලන්න තිබ්බනම් කියලා හිතෙනවා අපි එච්චරටම ක්‍රිකට් වලට ඇඩික්, කොවිd 19 වයිරසයේ බලපෑමෙන් ලොව පුරා කටයුතු අඩපණව පැවැතියද මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා ඇති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි කිසිදු වෙනසක් සිදුකිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පවසයි. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය පවසා ඇත්තේ ලොව පුරා ජාතන්තර ක්‍රීඩා තරගාවලි සියල්ල පවතින වසංගත තත්ත්වය හමුවේ අවලංගු කිරීමට තීරණය කර තිබුණද ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට කටයුතු යොදා ඇති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි පැවැත්විය හැකි වේ යයි විශ්වාස කරන බවයි. තවද අයි.සී.සී.ය මගින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් කර තිබිණි.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල සංවිධායක කමිටුව මඟින් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමසිල්ලකින් කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් නිරතුරුවම කොවිd-19 වයිරසයේ බලපෑම සහ ඉදිරි සැලසුම් සම්බන්ධවත් මීට සමඟාමීව සාකච්ඡා කරමින් පවතිනවා. කෙසේ වෙතත් මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති කාලය වන විට කොවිඩ් වයිරසයේ බලපෑම පහව යනු ඇති බව අප තරයේ විශ්වාස කරනවා. එසේ සිදුවුවහොත් තරගාවලිය කිසිදු වෙනසකින් තොරව විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට හැකියාව පවතිනවා

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ මේ වසරේදී විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත් එය 2022 වසර දක්වා කල් දැමීමට සිදුවනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි. 2021 වසරේ ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති නිසා මෙම වසරේ කල්දැමෙන තරගාවලිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇති බවද එහි සදහන්ය මේ අතර 2020 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගාවලි කමිටු ප්‍රදාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරන නික් හොක්ලි පවසා ඇත්තේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තම කමිටුව නිරන්තරයෙන් සුපරික්ෂාකාරීව පසුවන් බවත් අවසාන මොහොත දක්වා තරගාවලිය කල් දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තමා සූදානම් නැති බවයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇති නික් හොක්ලි අප සැලසුම් කර ඇති පරිදි මෙම තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇති බවට විශ්වාසයෙන් යුතුව මේ අවස්ථාවේදී අප ඉදිරි කටයුතු සැළසුම් කළ පරිදි සිදු කරමින් පවතිනවා. එමෙන්ම මේ අවස්ථාවේදී ක්ෂණික තීන්දු කිසිවක් ගැනීමේ අවශ්‍යතාවයක් සහ හැකියාවක් අපට නැහැ. ඒ සඳහා අවසාන මොහොත දක්වා සිටීමයි අපගේ අරමුණ වී ඇත්තේ. මේ වන විටත් තරගාවලිය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලුම කටයුතු අප සුදානම් කර අවසානයි. යනුවෙන් පවසා තිබිණි.

තවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති නික් හොක්ලි මහතා ඕස්ට්‍රේලියාවට ශීත සෘතුව එළැඹීමත් සමඟින් කිසියම් අසීරු තත්ත්වයක් ඇති වේ යයි බියක් පැවතුණත් කිසිදු දරුණු තත්ත්වයක් ඇති නොවේ යයි අප ප්‍රාර්ථනා කරනවා. මක් නිසාද යත් මෙවැනි විශිෂ්ට ගණයේ තරගාවලියක් සංවිධානය කිරීමේ අවස්ථාව ඕස්ට්‍රේලියාවට හිමිවන්නේ වසර 10කින් පසුව වීමත් එය ඕස්ට්‍රේලියානුවන්ට ඉතා වැදගත් තරගාවලියත් වීම නිසයි. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව නිසා ලෝක කුසලාන තරගාවලි නැරඹීමට ක්‍රීඩා ලෝලීන් විශාල උනන්දුවක් දක්වනවා. එමෙන්ම එම හේතුව නිසාම ඕස්ට්‍රේලියාව පුරා ක්‍රීඩාංගණ සියල්ල ආවරණය වන පරිදි මෙම තරගාවලිය පැවැත්වීමටත් අප සැළසුම් කළා. ඒ නිසාම මෙහි ටිකට්පත් මිලදී ගැනිමටත් ක්‍රීඩා ලෝලීන් අතර විශාල උනන්දුවක් පවතිනව. කෙසේ වෙතත් වාසනාවන්ත ලෙසින් කොවිඩ් වයිරසයේ බලපෑම ඉදිරි කාලයේදී ලෝකයෙන්ම තුරන්ව ගොස් තරගාවලිය අප සැළසුම් කර ඇති පරිදි අති සාර්ථකව පැවැත්වීමට හැකි වේ යැයි මේ අවස්ථාවේදී සියලුම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේත් ප්‍රාර්ථනය වී තිබෙනවා. යනුවෙන් සඳහන් කර තිබිණි.