Naifm

Sri Lanka's Number.01 News Website

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය

මෙම වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය කොවිd 19 වයිරසයේ බලපෑම හේතුවෙන් කල් දැමීමට හෝ අතහැර දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ගනු ලැබූ තීරණය ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි-20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි ඒ අනුව ඉන්දීය පිල එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3කින් සහ විස්සයි-20 තරග 3කින් සමන්විත තරගාවලියක් සඳහා එළැඹෙන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් කොවිd -19 වයිරසයේ බලපෑම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල්දැමුණද දින 21ක කාලයක් සඳහා ඉන්දියාව වසා දැමීමට ගත් තීරණයත් සමඟින් අයි.පී.එල්. ආරම්භය මැයි මාසය දක්වා කල් දැමීමට වැඩි ඉඩක් පවතින බවද එහි සඳහන්ව ඇත. යම් හෙයකින් අයි.පී.එල්. තරගාවලිය මැයි සහ ජුනි මාසවල පැවැත්වීමට තීරණය කරනු ලැබුවහොත් ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට හෝ අතහැර දැමීමට සිදුවනු ඇති බවද එම මාධ්‍ය වාර්තාවන්වල වැඩිදුරටත් දක්වා තිබේ.

“මේ තියෙන තත්ත්වයත් එක්ක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අනිවාර්යයෙන්ම කල් දැමීමට සිද්ධවෙනවා. එයට හේතු වෙලා තියෙන්නේ අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මැයි සහ ජුනි මාසවලදී පැවැත්වීම වෙනුවෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වීමයි. කොහොම වුණත් කොවිd 19 වයිරසයේ බලපෑම නිමා වන තෙක් කිසිවක් නිෂ්චිත වශයෙන් තීරණය කරන්න බැහැ. ඉදිරියේදී තත්ත්වය සාමාන්‍ය අතට පත් වුණොත් හැකි ඉක්මනින් අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමටත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා තරග සංචාරය ඇතුළු වයිරසයේ බලපෑම හේතුවෙන් කල් දැමුණු අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි පැවැත්වීම අපේ ඉලක්කය වෙලා තියෙනවා” යනුවෙන් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා ඇත. විචිත්‍ර වීරසිංහ, ගමිත දෙහිපිටිය