Naifm

Sri Lanka's Number.01 News Website

පත්තිනි දෙවඟන

ලංකා භුමිය ආරක්ෂා රන්න පත්තිනි මෑණියන් දිවස් හෙලා සිටින බව බොහෝදෙනේදෙක් විශ්වාස කරනවා නවගමුව මහ දේව මන්දිරේ වැඩ සිටින මුළු ශ්‍රී ලංකාද්වීපයටම දිවැස් හෙළන සිද්ධ පත්තිනි දෙවඟන වරෙක මේ ලොව සත් පත්තිනි ලෙස පහළ වූ බව කියැවේ එනම් අඹ මලෙන් පිනි බිඳුවෙන් පත්‍ර ශාඛාවෙන් ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් දෙමට මලෙන් නාග කඳුළෙන්ස ළුවෙන්ය. තවත් වරෙක ඇය දොළොස් වාරයක් පහළ වූ නිසා පත්තිනි ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. එනම් ගින්නෙන් සිනහා රැල්ලෙන් විදුලියෙන් දිය බුබුළෙන් සමන් මල් මිටෙන් කදුරු පොත්තෙන් පුන් කලසෙන් නුග පත්‍රයෙන් ඔරුවෙන් මානෙල් ගැබෙන් කැකුණු මලෙන් ගලෙන්ර න් සළඹෙන්ද වේ සැමටම එක සේ සෙත සදන මතු බුදුවීමට පෙරුම් පුරන මහානුභාව සම්පන්න තේජස් බලයක් ඇති සිද්ධ පත්තිනි දෙවඟන අඹ මලෙන් වරෙක උපන් නිසා ඇය අඹ පත්තිනි වූවාය දෙවොල් මඩු ගම් මඩු පූජා මඩු පහන් මඩු වැනි ශාන්තිකර්මවලදී අඹ විදීම ලෙස රංගනයෙන් පෙන්වන්නේ පත්තිනි දෙවඟනගේ අඹ මලෙන් උපන් කථාංගයයි. පාඨක ඔබේ දැන ගැනීම සඳහා එය කෙටියෙන් ලියා එවමි.

එදා පෙර රජ දවසේ පඩිරජුගේ මනරම් අඹ උයනක් විය. එහි බලාපොරොත්තු නොවූ තරමට අකලට විශාල දිය කළයක් මෙන් විශාල අඹ ගෙඩියක් පලගැන්වී තිබිණි එය විස්මයජනක සිද්ධියකි. මෙම අඹ ගෙඩිය කඩා ගෙනවිත් දෙන ලෙස පඩිරජතුමා උයන්පල්ලන් හට නියම කළද, එය කඩා ගැනීමට කිසිවකු සමත් නොවීය පඩි රජතුමා විසින් මෙම අඹ ගෙඩිය කඩාදීමට හැකි කෙනකු රජ වාසලට පැමිණෙන ලෙස දැන්වීය. එසේ ඉදිරිපත් වන කෙනකු නොමැති විය.

අවසන් මොහොතේ මහලු මිනිසෙක් උයනට පැමිණ තමාට මේ අඹ ගෙඩිය කැඩීමට හැකි බව දැන්වීය. පුදුමයකි වහාම උයන්පල්ලන් විසින් මෙම පණිවුඩය රජ වාසලට දන්වා යවා පඩි රජු උයනට කැඳවා ගත්තේය මෙම විශාල අඹ ගෙඩිය කැඩීමට පඩි රජගේ දුන්න මෙම මහල්ලාගේ අතට ගන්නැයි කීවත් ඔහු එය නොගත්තේය තමාගේ දුන්න මේ සඳහා සුදුසු බව පැවැසුවේය මහල්ලා අඹ ගෙඩියේ නැට්ටට දුන්නේ තබා එක හී පහරින් විද්දේය ඊතලය අඹ ගෙඩියේ නැට්ටේ වැදී ඒ මහා විශාල අඹ ගෙඩිය බිම ඇදවැටුණේ හැමදෙනාවම පුදුම කරවමිනි මෙය දුටු පඩිරජු උඩ බැලුවේය.

අඹ නැට්ටෙන් වැටුණු කිරි බිඳක් පඩි රජුගේ නළලට වැටුණි. එයින් පඩි රජුගේ නළල මත වූ තුන්නෙත අන්ධ වී ගියේය. පඩි රජුට නෙත් තුනක් විය. මෙම නෙත නැතිවීම මහත් විස්ම සහගත සිදුවීමක් විය. මහල්ලා විසින් කඩා බිම දැමූ අඹ ගෙඩිය රජ වාසලට ගෙන යෑමට පඩි රජු බියට පත්විය. පඩි රජු ඒ අඹය කෑමට නොගෙන රන් ඔරුවක තබා කාවේරි ගඟේ පා කර හැරියේය. අඹ ගෙඩියට දුන්නෙන් විද කැඩූ මහල්ලා එක වරම නොපෙනී ගියේය. ඒ මොහොතේ මහලු වේශයක් මවාගෙන පැමිණියේ සක්දෙවි රජුය. මෙසේ පා කර යැවූ අඹ ගෙඩිය සහිත ඔරුව ‘මානායර’ නම් වෙළෙන්දකුට හමුවිය.

ඔහු ඔරුවේ තිබුණු අඹ ගෙඩිය තම නිවෙසට ගෙන ගොස් රන් බඳුනක තබා ප්‍රවේශම් කළේය. දින ගණනක් ගතවී ගිය පසු එක දවසක් මෙම වෙළෙන්දාගේ නිවෙසට පැමිණි හිඟන්නෙක් අඹ ගෙඩියක් ඉල්ලා ගැනීමට පැමිණි බව පැවැසීය. එවිට වෙළෙන්දා විසින් තමා සුරැකිව තබා තිබූ අඹ ගෙඩිය පිළිබඳ මතක් වී නිවෙස තුළට ගොස් බැලූ විට තමාට පෙනුණේ අතිශය රූමත් බිළිඳු කුමරියකි. අඹ ඉල්ලා එහිද පැමිණියේ හිඟන වෙස්ගත් සක්දෙව් රජු බව පැවැසේ. ඔරුවේ පාකර යැවූ අඹයෙන් උපන්නේ පත්තිනි දෙවඟන බව සඳහන් වේ. අඹ පත්තිනි ලෙසද, ඔරුමාල පත්තිනි ලෙසද ප්‍රචලිත වූයේ මෙම සිද්ධ පත්තිනි දෙවඟනය. මෙම සිද්ධ පත්තිනි දේවියගේ එක් උපතකි.

මෙම සිදුවීම පහත කවියෙන්ද කියවේ. ඔබ සැමට පත්තිනි දෙවි පිහිටයි නමින් පසිඳු දඹ දිවිතල පඩි රට රජ කළ නිරිඳුට යොදුන් ගණන් අඹ උයනක් විය එහි මැද සැදුණු යසට ඇසින් බලා බැරි නිමවන රන් කඳ වෙයි ගඟේ පාට ගොසින් පතිනි ඒ අඹ ගසේ අඹයක පිළිසිඳ මොනවට අරින සැරත් පොලු ගල් කැට වෙඩි සැර ආමුන පෙරළා කරන සටන් බැරිව සෙනඟ සිට ආයුද අත හැරලා විඳින වෙහෙස දැක දිවසින් සක්රජ කරුණා කරලා රැගෙන දුන්න සහ ඔලගුව මහලු වෙසක් ගෙන දරලා පුරුක් නවය සන්දි නිසා දුන්න අදියි වර නමන්ට වරක් විදලා ඊය මෙසේ කිවි නිරිඳුට උඩ බලන්ට කලක් පවතිනා අණසක ගුවනේ කැරකී තිබෙන්ට උලක් ඇන්න සේ අඹ කිරි වැටුණේ පඩි නෙත මැකෙන්ට