propecia on nhs prescription viagra purchase online canada cialis 60 mg angleterre prescription free viagra canada viagra price kaiser cialis et hypertension

Naifm

Sri Lanka's Number.01 News Website

දඹදිව බුදුසමය ආලෝකවත් කළ සිංහල වීරයා

විදේශීය ආක්‍රමණිකයන් යටතට දඹදිව යටත් වූ අවස්‌ථා බොහෝය. ඉන් සමහර සංස්‌කෘතීන් විනාශ වූ අතර සමහර සංස්‌කෘතීන් අලුතෙන්ම බිහි විය.

බුදු දහම බෞද්ධ සමාජයේ දියුණුම තත්ත්වයට පත් වූයේ මෞර්ය සහ ගුප්ත කාල වකවානුවලය. විශේෂයෙන් ධර්මාශෝක මහාරාජයාගේ කාලයේ සංගායනාවක්‌ සිදුකර අසූහාරදහසක්‌ ධර්මස්‌කන්ධය වෙනුවෙන් අසූහාරදහසක්‌ වෙහෙර විහාර කර වූ බවත් විවිධ රටවල ධර්මප්‍රචාරය සඳහා ධර්මදූතයන් පිටත්කර යෑවීමක්‌ සිදුව ඇති බවත් කියෑවේ. සිංහල දීපයට බුදු දහම ලැබුණේ ධර්මාශෝක මහරජතුමා නිසාය.

කෙසේ නමුත් මුස්‌ලිම් ආක්‍රමණයන්ට දඹදිව මුළුමනින්ම යටවී ගිය සමයක සියලුම හින්දු හා බෞද්ධ කෝවිල්, පන්සල් විනාශ කළ බව ඉතිහාසය සාක්‍ෂි දරයි.

මෙසේ ක්‍රමයෙන් වසර අටසියයක්‌ දඹදිව බුදුදහමට වගකිව යුතු අයිතිකාරයකු නැතිව සිටින විට දඹදිව ලුම්බිණි, බුද්ධගයා, බරණැස ඉසිපතනය, කුසිනාරාව ආදී සියලුම සිද්ධස්‌ථාන වල් බිහි වී වනාන්තර බවට පත් විය.

සමහර බෞද්ධ සිද්ධස්‌ථාන හින්දු භක්‌තිකයන් හා මුස්‌ලිම් භක්‌තිකයන් අතට පත් වූහ.

බෞද්ධයෙක්‌, බෞද්ධ භික්‍ෂුවක්‌ නැති තරමටම දඹදිව බුදුසසුන අසරණ වී වසර අටසියයකට පසුව 1891 දී ලංකාවේ ධනවත් පවුලක උපත ලැබූ එවක දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් හැඳින් වූ බෞද්ධ තරුණයා දඹදිව වන්දනාව සඳහා පැමිණියේය.

එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ ආසියාවේ ආලෝකය කියවා ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කට්‌ මැතිතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන දැක ශ්‍රී ලංකාවේ කළ දේශන අසා කම්පාවට පත්ව ඔහු දඹදිව වන්දනාවට මුලින්ම පැමිණ ඇත්තේ බරණැස ඉසිපතන මිගදායටය. බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යන විට ගල්කණු පිරුණු කරත්ත දහයක්‌ බරණැස නගරය පැත්තට යන ආකාරයත් හිස්‌ කරත්ත කීපයක්‌ නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් හේවාවිතාරණ තරුණයා දුටුවේය. ඔහු ඒ කරත්තකරුවන්ගෙන් මේ ගැන විමසූවිට ඔවුන් පවසා ඇත්තේ තම තමන් ගෙවල්වල අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙනයන බවයි. කරත්තවලට සමීපව බලන විට දකින්නට ලැබී ඇත්තේ විහාරයේ කැටයම් කණු සහ පිළිම වහන්සේලාගේ කඩා බිඳ දැමූ කොටස්‌ය.

ඉසිපතනයට ළඟාවන විට රාත්‍රි වූ නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පළමු රැය ගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල තිබුණු නුග ගසක බෙනයකය. මහා වනාන්තරයෙන් යටව තිබුණ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේ ධම්මික ස්‌තූපය පමණි.

ලෝකයට ධර්ම චක්‍ෂුෂය, ඤාණ චක්‍ෂුෂය. විද්‍යා චක්‍ෂුෂය පහළ වූ මහා පිංබිමේ දකින්නට ලැබුණු දුක්‌බර කනගාටු අනුවේදනීය ආකාරය දැක කම්පාවට පත් වී දෙවැනි ගමන පැමිණ ඇත්තේ සිදුහත් මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පිං බිමටයි.

බුද්ධගයාවේ දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනාසහගත දර්ශනයකි. ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින් බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්පත් කරගෙන වජ්‍රාසනය මත වැඩසිටින පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්‌ටු තබා කඩුක්‌කන් පළඳවා හින්දු දේවතාවකු හැටියට පුද පූජාකළ අතර හින්දු ආගමිකයන්ට හැර වෙන කිසිවකුට එහි ඇතුල්වීම පවා තදින්ම තහනම් කර තිබිණි.

දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට ඇති වූ වේදනාව අසීමිතය.

කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අබියසට ගොස්‌ සතිපට්‌ඨාන සූත්‍ර දේශනාව දේශනාකර අධිෂ්ඨාන කර ඇත්තේ මගේ ධනය මගේ ශ්‍රමය, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බුද්ධගයාව ඇතුළු දඹදිව සියලුම සිද්ධස්‌ථාන මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවාගෙන ලෝක බොද්ධයන්ට නිදහසේ වැඳීම පිදීම පිණිස නිදහස්‌ කරගන්නා බවයි. 1891 දී එවකට කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධගයා මහාබෝධි සමාගම ආරම්භ කරන්නට යෙදුණි.

ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුන් කීපනමක්‌ එක්‌කරගෙන ගොස්‌ බුද්ධගයාවේ නතර කර තම සටන ආරම්භ කරන්නට හේවාවිතාරණ තරුණයා කටයුතු කළේය.

එතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතැන් පටන් මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී ඔහු කටයුතු කළේය.

මහන්තා සහ මහන්තාගේ මැරපිරිස බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන්, භික්‍ෂුන් යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා එදා කළ සටන අද්විතීය ය. පූජා කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළ කෙනෙකි. එතුමාගේ ධර්මදූත සේවය ආගම ප්‍රචාරය කිරීම සඳහා පමණක්‌ නොව දඹදිව දුප්පත් දුගී දරුවන්ට කෙස්‌ කැපීම, දත් පිරිසිදු කිරිම, නියපොතු පිරිසිදුව තබා ගැනීම, පිරිසිදුව ඇඳුම් ඇඳීම වැනි කටයුතු ගැන සිතා ළමුන් පස්‌දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක්‌ ආරම්භ කර මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු ද ධර්මපාලතුමා සූදානම් කළේය.

එමෙන්ම බුද්ධගයාවේ ද පාසල් පුණ්‍ය බෙහෙත් ශාලා ආදිය බොහෝ සෙයින් ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. ලෝකවාසී ජනතාවට සේවය කිරීම එතුමාගේ උදාර අරමුණුවලින් එකකි. බුද්ධගයා මහා විහාරය අද මුළුලෝකයාම වැඳපුදා ගන්නේ ධර්මපාලතුමාට පිං සිද්ධවන්නටය. බුද්ධගයාවට පමණක්‌ නොව කුසිනාරා, ලුම්බිණි. සැවැත්නුවර, කෝසම්බි, සංකස්‌ස, සාංචි ආදී සියලුම දඹදිව සිද්ධස්‌ථානයන් අද ලෝක බෞද්ධයන් වඳින්නේ පුදන්නේ ධර්මපාලතුමාගේ අප්‍රතිහත උත්සාහය හේතුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් තැන්පත් කර ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සාදා ඇති ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය බෙංගාලයේ ඇති ප්‍රථම බෞද්ධ විහාරයයි.

දඹදිව බෞද්ධ, හින්දු සැමදෙනාම විශ්වාස කරන්නේ අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට දඹදිව සිද්ධස්‌ථාන බෞද්ධයන්ට අහිමිවන බවයි. 1920 දී අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිවාස අඩස්‌සියේ වසර හතක්‌ සිරකර තැබූ අවස්‌ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්‌ථානය වූ ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය අද ලෝක උරුමයක්‌ හැටියට නම් කර ඇත.