Celebrity's Gossip Gossip Lanka

උපන්දිනය වෙනුවෙන් පියුමි හන්සමාලි මහවිලච්චියට ගිහින් කරපු වැඩේ.

ලංකාවේ කොයි කවුරුත් නම කියපු සැනින් හඳුනන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. ඇය මේ වන විට ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ නොමැකෙන නමක් දිනාගත්ත කලාකාරිනියක් විදියට අපිට හඳුනාගන්නට පුළුවන්. ඊට හේතුව මේ වන විට ඇය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙසින් බොහෝ දෙනාගේ ආදරයටත් පාත්‍ර වුණු කෙනෙක්.

ඒත් සමගම ඇය පිළිබඳව ඇත්ම් දෙනා තුළ තිබෙන්නේ යහපත් ආකල්පයක් නම් නෙවෙයි. මෙයට බොහෝවිට හේතුවෙලා තිබෙන්නේ ඇය අඳින පළඳින විදිහ කතාබහ කරන විදිහ සහ සමාජයේ හැසිරෙන විදිහ කියන කාරණා වන්නට පුළුවන්. නමුත් පියුමි හන්සමාලි කියන චරිතය ඇතුළේ අපිට දකින්නට නොලැබෙන සුවිශේෂ කාන්තාවක් හැංගිලා ඉන්නවා කියන කාරණය මතක් කළ යුතුමයි.

ඇය ඇගේ චරිතය හෝ ඇගේ ජීවිතයේ සැඟවුණු පැතිකඩ පිළිබඳව බොහෝ විට කතාබහ කෙරෙනවා අඩුයි. නමුත් එක් මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වෙලා ඇගේ ජීවිතයේ  ගොඩක් දෙනා කතා නොකරන මාතෘකාවක් සහ ඇගේ නොදකින පැත්තක් පිළිබඳව කතාබහ කරනවා. ඇය විවාහ වෙන්න වයස 19 ක් තරම් කුඩා කාලයේදී. නමුත් ඇය බොහොම ඉක්මනට ඒ විවාහයෙන් වෙන්වනවා. ඉතින් අද වන විට එක් දරු මවක් විදිහට ඇය තමන්ගේ දරුවාව උස් මහත් කර ගනිමින්  තනි මවක් විදිහට සමාජයේ කටයුතු කරනවා කියලා කිව්වොත් නිවැරදියි.

 “සිංගල් මාම්” කියන සංකල්පය බටහිර රටවල් වල බොහෝ සෙයින් ක්‍රියාත්මක වුණත් ලංකාවේ ගැහැනු අය හිතන්නේ තමන්ගේ ආරක්ෂාව සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ට පිරිමි පුද්ගලයෙකුගේ හව්හරණක් ඕනෑය කියන සංකල්පය මත. නමුත් පියුමි කියන විදිහට ඇය පිරිමි පුද්ගලයකුගෙන් යැපෙන්නට සහ තමන්ගේ දරුවා හදා වඩා ගන්නට පිරිමියෙක් සමග සම්බන්ධ වෙන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි ඇය සඳහන් කරන්නේ. කොහොම වුණත් ඇගේ කලා කටයුතුවලින් ඇගේ දරුවාට බොහොම අපූරුවට උගන්වන ගමන්ම ඇයට පොඩි කාලෙදි නොලැබුණු සැප සම්පත් සහ අධ්‍යාපන වටපිටාවක් ඇය ඇයගේ දරුවාට ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා කියන කාරණාවත් මතක් කරන්නට ඕනේ.

 ඉතින් මේ කරුණු කාරණා කොයිහැටි වෙතත් ඇය කරපු බොහොම සුවිශේෂී වැඩක් ගැන පසුගිය දවසක කතාබහ වෙලා තිබුනා. ඒ ඇගේ විසි නම වෙනි උපන් දිනයට සාපේක්ෂව කරපු අපූරු පින් අතේ වැඩක් ගැන.

 අනුරාධපුර ප්‍රදේශයේ මහවිලච්චිය කියන ගමට ගිහිල්ලා අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ඇය විසින් ආධාර උපකාර කරන්නට යෙදිලා තිබුණා. ඉතින් මේ කටයුත්තට ඇගේ පුංචි පුතාත් සහභාගි උන බවයි අපට දැකගන්නට ලැබුණේ. මේ හා සමගාමී ඡායාරූප කිහිපයකුත් සහ වීඩියෝ කීපයකුත් ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලා තිබුණු ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඉතින් එහිදී පියුම් සඳහන් කරලා තිබුණු කාරණාවක් තමයි,

” පවුල් 40 කට වියළි ආහාර දෙන්න ගියා.අද මේ දවස් වල ගොඩක් අයට හරි අමාරු කාලයක්. ඉතින් මං මට පුළුවන් විදිහට එයාලට උදව් උපකාර කළා. මගේ උපන්දිනය වෙනුවෙන් අනුරාධපුර මහවිලච්චියට ආවා වියලි ආහාර බෙදන්න මගේ උපන්දිනය වෙනුවෙන්.”

 කියලා තමයි පියුමි හංසමාලි ඇගේ සටහන ඉදිරිපත් කරල තිබුනෙ. ඉතින් කොහොම වුණත් ගොඩක් අය ගේ කතාබහට ලක්වෙන මේ රංගන ශිල්පිනිය මෙම කර්තව්‍යයක් සමගින් ගොඩක් දෙනාගේ  සුභ පැතුම් සහ ආශිර්වාදයන්ට බඳුන් වන්නට වුණා.කොහොම වුණත් මේ පින්කම් වෙනුවෙන් සහ ඇගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එකතු කරන අතරම සුභම සුභ උපන්දිනයක් වෙන්නට කියලත් ප්‍රාර්ථනා කරනවා.