තනියෙන් ඉන්න බැහැ හොඳ කෙනෙක් හමු වුනොත් බදිනවා.විවාහයෙන් වෙන් වෙලා දිවිගෙවන පියුමි කියන අමුතු කතාව.
පියුමි බොතේජු කියන්නේ ටෙලි නාට්‍ය කලාව තුළ සිනමාව තුළත් දක්ෂතාවයන් රැසකින් පරිපූර්ණ වූ රංගන ශිල්පිනියක්.රංගනය නර්තනය ගීතය නිවේදනය කියන මේ හැම දේකටම ඇය දක්ෂයි.එනිසාම පුංචි තිරය තුළ විවිධ චරිත හරහා අපිට ඇයව දැක බලා ගන්න අවස්ථාව තියෙනවා.
ඒ වගේම තමයි පියුමි රංගනයට එන්න හිටපු කෙනෙක් නෙවෙයි ඇය අහම්බෙන් තමයි කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ.කොහොම නමුත් එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පබා ටෙලිනාට්‍යය හරහා තමයි බොහෝ දෙනෙක්ගේ හදවතේ ලැගුම් ගත් රංගන ශිල්පිනියක් බවට පත්වෙන්න පියුමිට අවස්ථාව ලැබුනේ.
ඉතින් ඒ දේවල් එක්ක අද වන විටත් පියුමි විවාහ ජීවිතයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක් කියන්න බොහෝ දෙනෙක් දන්නවා.ඒ වගේම පියුමි ආදරය ගැන දකින්නේ ඒ වගේම ආදරය ගැන හිතන්නේ වෙනස්ම විදිහකට.ඒ නිසාම තාමත් තනිකඩ ව දිවි ගෙවන ඇය ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.
“නැවත විවාහ වෙන්න දැනට බලාපොරොත්තුවක් නැහැ.හොඳයි කියලා කෙනෙක් හම්බ වුනොත් විවාහ වෙන්න පුළුවන් හැමදාම තනියෙන් ඉන්නත් බැහැ.රංගනයේදී විවිධ පුද්ගලයන් සමග වැඩ කරන්න ඕනේ මේ කාරණාව තේරුම් ගන්නවා නම් කවදාවත් පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ ඒ නිසා එකිනෙකා අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම ආදරය ආදරයේදී සාර්ථක පවුල් ජීවිතයකට ඉතා වැදගත්”
ඉතින් ඇය සිතන පතන ආකාරයෙන්ම ඇය ව තේරුම් ගත්තු පුද්ගලයෙක් ඇයගේ ජීවිතයට හමුවේවා කියා අපිත් සිතින් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.