Gossip Lanka

ෂූට් කරලා අන්තිමට සල්ලි ඉල්ලපුහම නාට්‍යයෙන් ඉවත් වෙන්න කියපු අවස්ථාත් තියෙනවා

දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා අනුෂා කියන චරිතය තුළිනුත් මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඔස්සේ විකාශය වන හිත ළඟ හිනහුනා ටෙලිනාට්‍යයේ  ලාලනි හෙවත් ල ලා ගේ චරිතය තුලිනුත් ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය අපි කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වූ අංජලී ලියනගේ. ඇය මේ දිනවල අලුත් ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතු ආරම්භ කරලා. ඒ වගේම තමයි අංජලි කියන චරිතය ගොඩක් දෙනෙක් අතර  ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහායි.

ඇය සඳහන් කරන්නේ දෙවෙනි ඉනිමෙන් අඳුන ගත්තු ඇයව පසු කාලීනව හිත ලග හිනහුනා ටෙලි නාට්‍යයේ ලලා කියන චරිතය හරහාත් ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්තා කියලයි. ඇය දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ මීට අවුරුදු 5 කට විතර කලින්. ඉතින් ඒ චරිතයට මිනිස්සුන්ගෙන් අදටත් ඇයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අංජලිගේ  කලා ගමන ආරම්භ වෙන්නේ හරිම අහම්බයක් විදිහට ඒ අතීතය පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.

1999 දී සාමාන්‍ය පෙළ අවසන් වෙලා නිවසේ ඉන්න අවස්ථාවේ දී සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගේ බොඳ මීදුම්  සකූ කියලා  නවකතා වල මුල් පිටුව නැත්නම් කවරෙ සඳහා මා පෙනී සිටියා. නවකතාවේ ප්‍රධාන චරිතය වන සංසලාගේ චරිතයට මගේ රුව තමයි යොදා ගත්තේ. ඒ නවකතාවේ මුල් පිටුවට මිනිස්සු පුදුම විදිහට ආදරය කළා. එදා ඒ සංසලාගේ චරිතයට ආදරය කළ ඒ පොත් කවරෙට ආදරය කර රසිකයන් අදටත් මාත් එක්ක කතා කතාබහ කරනවා සහ තවමත් මා සමග රැඳී සිටිනවා. ඒ ගැන මට නිහතමානි  සතුටක් තියෙනවා.”

එදා ඇය පොත් කවරයක් හරහා රසිකයන් අතරට ගියත් වර්තමානය වන විට රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා. ඉතින් මේ සුන්දර කලාකාරිනිය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක්ට නොලැබෙන ආකාරය වටිනා අවස්ථාවක් ලැබුණා. සිංහල සිනමාවේ නිළි රැජින වෙච්චි මාලනී ෆොන්සේකා මහත්මිය සමඟ ඇයගේ විකාශය වූ පළවෙනි ටෙලි නිර්මාණයේ රංගනයෙන් දායකත්වය දක්වන්නට ලැබීම.

ඉතින් එදා ප්‍රවීණයන්ගෙන් ලැබුණු ආශිර්වාදය එක්ක තමයි ඇය අද වෙද්දි මේ වගේ සාර්ථක ගමන් මගක් තුළ ඉදිරියට යන්න වාසනාව උදාකර උදා කරගත්තේ. ඒ වගේම තමයි අංජලි කියන්නේ ඇය ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගන්න කෙනෙක් නෙවෙයි කියලයි. ඕනෑම නිර්මාණයකට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් විතරයි ඇය ඒ දේවල් භාරගන්නේ. ඒ වගේම තමයි කලා ක්ෂේත්‍රය තුළ අද බහුලවම දකින්නට තියන අර්බුධකාරී තත්වය තමයි රංගන ශිල්පීන්ට  වැටුප් ගෙවීම සිද්ධ නොවීම. ඉතිං  අන්ජලීත් මේ පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.

රූගත කිරීම් අවසන් කරලා දින ගණනක විරාමයකින් පස්සේ මුදල් ලැබුණු අවස්ථා වගේම මුදල් නොලැබුණු අවස්ථා තියෙනවා.ඒ වගේම කෝල් කරලා සල්ලි ඉල්ලපු අවස්ථා තියෙනවා ඉතින් අපිට ලැබිය යුතු වැටුප තමයි ඒ විදිහට ඉල්ලන්නේ.එහෙම වැටුප ඉල්ලපු හා ම ඒ නාට්‍ය වලින් ඉවත් වෙන්න කියලා කියපු අවස්ථාත් තියෙනවා

ඒ වගේ දේවල් සෑම කෙනා අතින්ම වෙන්නේ නැහැ කියලත් ඇය සඳහන් කළා.ඒ කෙසෙනමුත් ඉදිරියටත් ඇයට වටිනා කියන චරිත වලින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න වාසනාව  වාසනාව ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.