Gossip Lanka

“දොස්තර කියන්නේ මගේ හදවත වයසට වඩා බොහොම තරුණයි කියලා.” – ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාආරච්චි

බුද්ධදාස විතානාරච්චි කියන්නේ ලංකාවේ කලාව වෙනුවෙන් ඔහුගේ වසර ගණනාවක කැපකිරීම් කළ අපූරු රංගධරයෙක් විදිහට හඳුනාගන්නට පුළුවන්. ඔහු ගුවන් විදුලිය වේදිකාව සිනමාව රූපවාහිනිය කියන සිව් මාධ්‍යන් ඔස්සේ ඔහුගේ හැකියාවන් අප වෙත ඉදිරිපත් කළා. ඉතින් පසුගිය දවසක ඔහු ඔහුගේ මේ දවස් වල විස්තර වගේම කලා ලොවේ අලුත්ම කටයුතු පිළිබඳ වත් පුවත්පතක් ඔස්සේ සදහනක් ඉදිරිපත් කරලා තිබුණා.

ඉතින් බුද්ධදාස විතානාරච්චි මහත්මයා කියන විදිහට ඔහු කොවිඩ් වසංගත තත්වය නිසාවෙන් ගොඩක්ම ජනතාව ගැවසෙන තැන්වලට ගියේ නැහැයි කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඒ ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම නිසා වසංගතයට පෙර ඉඳන්ම බොහොම සැලකිල්ලෙන් කටයුතු කරපු බව තමයි සදහන් කරල තිබුණේ.

බුද්ධදාස මහත්මයා කියන විදිහට ඔහු වාර්ෂිකව ඔහුගේ රෝග පරීක්ෂණයක් කරනවාලු. ඔහුගේ දොස්තර කියලා තිබෙන්නේ ඔහුගේ හදවත වයසට වඩා බොහොම තරුණයි කියලා. කෑමෙන් බීමෙන් වගේම සියලු දේ වලින් ඔහු ආරක්ෂා වෙනවා කියලා තමයි කියන්නෙ. බෝ නොවන රෝග කිසිවකුට නැහැයි කියලා සඳහනක් කරලා තිබුණා.

ඒ වගේම ඔහු සඳහන් කෙරෙන කාරණාවක් තමයි භෞතිකව පමණක් නෙවෙයි පුද්ගලයෙක් ජවසම්පන්න වෙන්නට ඕනේ. ඒ වගේම හදවතින් ද ජවසම්පන්න වෙන්න ඕනෙ. මේ නිසා ආකල්ප පරිණත උනහම තමයි ඔවුන්ගේ පරිසරයට යාවත්කාලීන වෙන්නට හැකියාව ලැබෙන්නේ.

ඉතින් මේ සාකච්ඡාවේදී ඔහු බොහොම විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ ඔහු බොහොම නුදුරේදීම විදේශ ගත වෙන්නට බලාපොරොත්තු වෙනවා කියන කාරණාව. ඉතින් මේ දවස් වල ඔහුගේ අවසාන ටෙලිනාට්‍ය ‘නන්නත්තාර’ ටෙලිනාට්‍ය රූපගත කරනවා බව තමයි සදහන් වෙන්නේ. නන්නත්තාර ටෙලි නාට්‍ය රූපගත කරලා ඉවර උනාට පස්සේ ඔහු විදේශගත වෙන බව තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ.

ඔහුට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. පොඩි දුව රූපවාහිනි වැඩසටහන් වලට කලින් සම්බන්ධ වුණාත් දැන්නම් සම්බන්ධ වෙන්නේ නැහැයි කියලා තමයි ප්‍රකාශ කරලා තිබුණේ. ලොකු දුව නම් කලා කටයුතුවලට සම්බන්ධ නැහැ. ලොකු පුතා රූපවාහිනි නිෂ්පාදකවරයෙකු විදිහට හොඳම වාර්තා වැඩසටහනකට සුමති සම්මාන පවා ලබාගෙන තිබෙනවා. ඔවුන් තිදෙනාම මේ දිනවල ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවෙ. ඔවුන්ගේ මවත් ඉතින් දරුවන් ගාවට වෙලා ඉන්නවා කියලත් සඳහන් කරනවා. අවුරුදු හතරක් පමණ බුද්ධදාස මහත්මයා ලංකාවේ තනියම තමයි ජීවත් වෙලා තිබෙන්නේ. ඉතින් ඔහුට හිතෙනවාලු දැන් දරු මුණුබුරන් සමග ඉන්න කාලෙ හරි කියලා. ඒ නිසා ඔහු දරුවන්ගේ ළඟට යන්නට තීරණය කළා කියලා සඳහන් කරනවා.

ඔහු ගුවන් විදුලි වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නෙ 1970 වසරේ දී. රූපවාහිනියට 1995 වසරේ දී සම්බන්ධ වෙනවා .ඉතින් ඔහු කියන විදිහට සියලූම වර්ගවල වැඩසටහන් ඔහු කරල තිබෙනවා ඒ හා සමාන අත්දැකීම් ලබලා තිබෙනවා. නමුත් අද නිර්මාණය වන වැඩසටහන් වල එදා තිබුණ ප්‍රමිතිය සහ ගුණාත්මක බව වැඩසටහන් වලින් වියැකිලා ගිහිල්ලා තිබෙන කාරණාව තමයි ඔහුව සඳහන් කරලා තිබුන.

මාධ්‍ය ඔස්සේ ඔවුන් ඔවුන්ගේ මෙහෙය රට වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් කරල තිබෙනවා. මේ හා සම්බන්ධ කාරණාවක් ඔහුගේම වචන වලින් කියනවනම් මෙසේයි.
“සමානාත්මතාව මානව අයිතීන් මානව ගරුත්වය රැකෙන සමාජයක් බිහි වෙන්න ඕන කියන හැඟීමෙන් යම් යම් දේවල් කරල අවසානයේ හිරගෙවල් වෙලත් අවුරුදු ගණන් ඉන්න උනා නේ. එහෙම කැපකිරීම් කරල අද අපට දකින්න තිබෙන්නේ එදාටත් වඩා ප්‍රශ්න තිබෙන සමාජයක් බව සමාජයටම දැනෙනවා. පුද්ගලයන්ට දොස් කියලා වැඩක් නැහැ. ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට හෝ පාර්ලිමේන්තුවට පත්වන 225 දෙනාට බැනලා වැඩක් නෑ. ඒ අය මෙතැනට එන්නේ බලහත්කාරයෙන් නොවෙයි. තෝරා පත් කර ගත්තට පස්සේ කරන වැඩ තමන් වෙත දරා ගන්න ඕනේ. නැතිව තෝරගෙන ඉවරවෙලා හෙණ ගහන්න ඕනේ මකබෑ වෙන්න ඕනේ කියන්නේ ගොබ්බ මෝඩ ප්‍රාථමික කතා. මුහුණු පොතත් මට හිරිකිත වෙලා තිබෙන්නේ”.

කියලා තමයි ඔහු ඒ පිළිබඳව සඳහනක් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

වර්තමානයේ සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීම ගැනත් ඔහු යම් යම් කරුණු කාරණා කීපයක් ඉදිරිපත් කරලා තිබුණා. සමාජයේ ඉන්නේ මිනිස්සුන්ගේ යම් යම් මානසික තත්ත්වයන් මේ ඔස්සේ පිළිබිඹු වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. එය මිනිසුන්ගේ වින්දනය සහ දැනුම ලබාගන්න මාධ්‍යයක් විදිහට භාවිතා කරානම් මීට වැඩිය හොඳ සමාජයක් බිහි වෙන්න තිබුණ කාරණාවක් සඳහන් කරනවා .රටේ ඉන්න බහුතරයක් සමාජයේ ජීවිතය ආගම වගේ දේවල් බොළඳ ඕලාරික මානසිකත්වයකින් හිතනවා කියන කාරණාවත් සඳහනක් තිබුණා. එසේම මේ කාරණා වලට ඔහු කියන්නේ
“හෝඩිය දන්නේ නැති අයට ව්‍යාකරණ කියල දෙනවට වඩා හොඳයි මින්මතු ඒකේ මුකුත් නොදා ඉන්නවා”
කියලයි ඔහු අවසාන වශයෙන් සඳහන් කරන තිබ්බේ.

ඉති බුද්ධදාස මහත්මයා බොහොම නුදුරේදීම බොහෝ කලා ජීවිතයත් සමඟ ලංකාවෙන් පිටවෙලා යාවි. ඔහු එහිදී යම්කිසි කාරණාවක් සඳහන් කරනවා. ඒ තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නිර්මාණයකට ඔහුට ආරාධනා ලැබුණොත් විදේශගත වෙලා සිටියත් ඔහු ඒ නිර්මාණවලට සම්බන්ධ වෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඉතින් මේ අපූරු කලාකරුවාගේ බොහොම ලස්සන නිර්මාණ අනාගතයේ දී දකින්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔහුගේ අනාගතය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා කියනවාත් සමගම.