Siri Lankawa

Web Postal

මට රංගනයට එන්න අදහසක් තිබ්බෙ නෑ.නැටුම් ටීචර් කෙනෙක් වෙන්න තමයි අදහස තිබ්බේ

නිතරම පුංචි තිරයේ ආදරණීය අම්මාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන්ගේ හදවත් ආකර්ෂණය කරගත් තෝ මේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් නමින් සුදර්ශි ගැලනිගම.මෙහෙම කියනවට වඩා මේ දවස් වල ගොඩක් දෙනෙක්ගේ ආදරේ සහ ප්‍රතිචාර ඔස්සේ විකාශය වන ජානු ,කී,සැලෙන නුවන් ආදී ටෙලි නිර්මාණ හරහා ඇයව අපිට බලාගන්න බලා ගන්න හැකියාව තියෙනවා.

වසර ගණනාවක්ම රංගනය වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු මේ සුන්දර කලාකාරිණිය අද කියන්නේ රංගන ශිල්පිනියක් වෙච්ච එක පිළිබඳව ඇය තුළ තියෙන ලොකුම ලොකු සතුටක් ලු.හැබැයි මොලෙන් නමේ කලාවට එන්න බලාපොරොත්තුවක් තිබ්බ කෙනෙක් නෙවෙයි ලු  වගේම ගොඩක් දුක් ගැහැට විඳලා තමයි අද ඇය මේ වෙත සාර්ථකව කලාකාරිනියක් වෙලා තියෙන්නෙ.

“මම ඇත්තටම රංගනයට එන්න අදහසක් තිබුණු කෙනෙක් නෙවෙයි නර්තන ශිල්පිනියක් නර්තන ගුරුවරියක් වෙන්න තමයි මගේ අදහස තිබ්බේ.නමුත් මම පාසල් යන කාලේ එක්දහස් නවසිය අසූ ගණන් වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න කිට්ටු කරල ආරාධනයක් ලැබුණා රණ මොනරු වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ තුළ ප්‍රධාන චරිතයක් තමයි මම දායක වුණේ ඒ අවස්ථාව ලැබීමත් එක්ක මට වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්න ලැබුණා.”

ඒ ආ ගමන්මග නිසා අද විද්‍යා ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වෙලා අවසන් ඒ වගේම ඇයගේ නර්තන සිහිනයක් මේ වෙද්දි ඇයගෙන් ඈත්වෙලද් කියලා අවසානයේදී  ඇය සඳහන් කළා. අයගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දී ආදරණීය සැමියා සහ දරුවන් කලාව තුළ දී ඇයගේ කලා කටයුතු සාර්ථක කරගන්න හෙවනැල්ලක් වගේ පස්සෙන් හිටියා කියලත් ඇය හරිම ආදරෙන් සිහිපත් කළා.

ඉතින් ඒ වගේම  තවත් බොහෝ කාලයක් රංගනයත් එක්ක සම්බන්ධ වෙන්න ඇයට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *