Gossip Lanka

මට ඔබ නැතුව පාලුයි ලංකාව අතහැර කැනඩාවට ගියපු ගයත්‍රි හදිස්සියේම තැබූ සටහන

ගයත්‍රි ඩයස් කියලා කිව්වහම ගොඩක් දෙනෙක් ඇයව අඳුරනවා. දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙනුත් රූපලාවණ්‍ය ශිල්පිනියක්  වශයෙනුත් ගයත්‍රි කියන චරිතය බොහෝ දෙනෙක් අතර මේ වෙද්දී ප්‍රසිද්ධයි. ලංකාවේ ජනප්‍රිය නිළියන් අතර කැපී පෙනෙන රුවකට හිමි කම් කියන්න වාසනාවන්ත වුණු ඇය කලකට ඉහත දී විවාහ වෙන්නේ ක්ෂේත්‍රයේම දක්ෂ රංගන ශිල්පියෙක් සහ වර්තමානයේ අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් කටයුතු කරන චන්න පෙරේරා සමඟයි.

 ඔවුන් ටික කාලයක් ඉතාමත් හොඳින්  ජීවිතය ගත කළ අතර ආදරණීය දියණියන් දෙදෙනකුගේ සෙනෙහෙබර මවක් වෙන්නටත් වාසනාව ලැබුවා. කෙසේ නමුත් මේ විදියට ඔවුන් දෙදෙනා ජීවත් වෙද්දී ඇතිවෙන්නා වු කිසියම් මතභේදාත්මක ගැටලු  සහගත තත්ත්වයන් නිසා විවාහ ජීවිතෙන් වෙන්වෙන්නට චන්න සහ ගයත්‍රි තීරණය කරනවා.

ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වුනත් දරුවන්ගේ සියලුම  වැඩ කටයුතු පිළිබඳව තීරණය කරන්න එකට එකතු වෙන්න අමතක කරන්නේ නැහැ. ගයත්‍රි මේ  වෙද්දී ශ්‍රී ලංකාව අතහැරලා කැනඩාවේ පදිංචියට ගිහින් ඉන්නේ. අම්මගේ වියෝව නිසා ප්‍රධාන වශයෙන් ම  ලංකාව එපා වෙන්න එක හේතුවක් උනා කියලත් ඇය සඳහන් කළා.

ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා කැනඩාවට යන්න ඇය තීරණය කරනවා. මේ වෙද්දී ගයාත්‍රිට ම කියලා රූපලාවණ්‍ය ආයතනයක් තියෙනවා. මේ ආයතනය ඇය විදේශගත වෙන්න කලින් හොදගානකට විකුනන්න අවස්ථාවක් උදා වෙනවා. නමුත් ඒ පිළිබඳව තීරණයක් ගන්නේ නැතුව තාමත් සේවකයන්ට සැලූන් එක බලාගන්න දීලා ඇය ඒ කටයුතු අධීක්ෂණය කරනවා. ඒ වගේම විදේශ ගත වුණත් ඒ රට තුළ දී හොඳ නිර්මාණයක් රූගත කරන්න කවුරු හරි ආවොත් සහ එයට දායක වෙන්න ආරාධනා ලැබුණොත් ඒ ආරාධනාව පිළිගන්න ඇය සූදානමින් ඉන්නවා.

කැනඩාවට නිදහසේ ජීවත්වන ගයත්‍රි තමන්ගෙ හිතේ තිබ්බ යම් කිසි හැඟීමක් මුහුණු පොත තුල සටහන් කරන්නට අමතක කරන්නේ නැහැ. ඒ සටහන පහතින් සඳහන් කර ඇත.

හිරුට මල් මඟ හැරුණාක් මෙන්, ශීත සෘතුවේ ගැඹුරේ හිරුට මල් මඟ හැරුණාක් මෙන්, මට ඔබ නැතුව පාලුයි, එහි ආලෝකය යොමු කිරීමට සුන්දරත්වය වෙනුවට, ඔබේ නොමැතිකම මා පිටුවහල් කළ මිදුණු ලෝකයක් මෙන් හදවත දැඩි වේ.ඉතින් ආදරණීය දරුවන් දෙදෙනාත් එක්ක ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යහපත් විදිහට ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි මේ සොඳුරු කලාකාරිනිය ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.