Gossip Lanka

ජනප්‍රිය රංගන ශිල්පී කවිංග පෙරේරා අසාධ්‍ය ව රෝහල් ගත කරයි

පසුගිය කාලසීමාව තුළ කලා ලෝකයේ බොහෝ කලාකාරයන්ට එතරම් සුබ කාලවකවානුවක් වුණේ නැහැ. ඒ කියන්නේ කලා තරු බොහොමයක් දෙනා අසනීප වෙන්න පටන් ගත්තා. ඒ වගේම  අපි ආදරය කරපු කලා තරු  කීපයක්ම මෑත කාලීනව අපෙන් සමුගත්තා.

කලා ලෝකය පිළිබඳව නැවත වතාවක් අහන්න ලැබුණු හරි අවාසනාවන්ත සෝචනීය පණිවිඩයක් පිළිබඳව තමයි අපි අද ඔබට කියන්නට යන්නේ. කවිංග පෙරේරා කියලා කියන්නේ කලා තරු අතර  කොයි කාගෙත් හිත දිනාගත්ත ආකර්ෂණීය රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.

ඔහු මේ වන විට විවාහක වන අතර ජීවිතයේ හොඳම කාලේ තමන්ගේ සාර්ථකත්වය දකින ආදරණීය දෙමව්පියන්ට වාසනාව නැතිවුණා කියලා නොයෙක් අවස්ථාවලදී කාවිංග දැඩි ලෙස දුකෙන් තමයි හිටියෙ. බිරිදත් එක්ක ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරපු කාවිංග  මේ දවස් වල වැඩි වශයෙන් අපිට පුංචි තිරයෙන් දකින්නට ලැබෙනවා.

සම්මානනීය රංගන ශිල්පියෙක් වන ඔහු බොහෝ අවස්ථාවන් වලදී රඟපෑමට අමතරව අපට සමීප වන්නේ හිරු නාලිකාවේ කොපි චැට් වැඩසටහන මෙහෙයවන අපූරු නිවේදකයා වශයෙනුයි. ඉතින් මේ අවාසනාවන්ත සිදුවීම අහන්නට ලැබෙන්නේ ඔහු පිළිබඳවයි. කවිංග දැඩි ලෙස අසනීප වී කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා කියා ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ නමුත් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව මේ වන විට කිසිදු අනාවරණයක් සිද්ධ කරලා නැහැ. වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔහු වැඩිදුරටත් ප්‍රතිකාර ලබනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

පෞද්ගලික රෝහලක නැවතිලා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගන්නා මේ දක්ෂ රංගන ශිල්පියාට ඉතා ඉක්මනින්ම සුවය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.