Gossip Lanka

අපේ මහන්සියට අපි කරන වැඩ ප්‍රමාණයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ

පවිත්‍රා වික්‍රමසිංහ කියලා කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් අප හමුවට එන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මෑත කාලයේ විකාශය වන බොහෝ ටෙලි නාට්‍ය හරහා අපිට ඇයව දැක බලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ අතරින් ඉහළ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තු නීල පබලු ටෙලිනාට්‍ය සහ රැල්ල වෙරලට ආදරෙයි මාණික්කාවත යන  ටෙලිනාට්‍ය තුළත් ඇය බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයන් නිරූපණය කරනවා.

ඉතින් ඒ සියලුම ටෙලි නිර්මාණ වලට ඇයට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව පවිත්‍රා මහත්මිය අදහස් ඉදිරිපත් කළේ පහත ආකාරයෙන්.

මේ දිනවල විකාශය වෙමින් පවතින සෑම නිර්මාණයක් වෙනුවෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය හරිම ආසාවෙන් මේ නිර්මාණය ගැන රංගන ශිල්පීන් ගැන කතා කරනවා. මේ තාක් මම රංගනයෙන් දායක වුණු හැම චරිතයක් වටා ම ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා ඒ නිසා මම හරි වාසනාවන්තයි.

ඇයව අපිට නිතරම දකින්න ලැබෙන්නේ අහිංසක කාරුණික මවකගේ චරිත තුළින්. පවිත්‍රා මහත්මිය නම් සඳහන් කරන්නේ රංගනයට ගියහම ඇය චරිත තෝරා බේරා  ගැනීමක් සිදු කළේ නැතත් ගොඩක් දුරට මවකගේ චරිත කරන්න ඇයට ආරාධනා ලැබෙනවා කියලයි. කෙසේ නමුත් ඒ ලැබෙන අවස්ථාවන් උපරිම උත්සහයෙන් සාර්ථකව අවසන් කරන්න ඇය කැප වෙනවා.

වර්ෂ 1944 බන්දුල විතානගේ මහත්මයාගේ  ටෙලි නිර්මාණයක් හරහා ශේත්‍රයට පැමිණෙන ඇය ටෙලිනාට්‍ය චිත්‍රපටි රූප රූප රචනා වෙළඳ දැන්වීම් ආදී බොහෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ කෙසේ නමුත් ඇය රංගනය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද මේ වෙනකම් කිසිම අධ්‍යක්ෂක වරයෙක් උපරිම වැඩ ප්‍රමාණයක් ඇයගෙන් අරගෙන නැහැ කියලා සදහන් කළා.

පසුගිය කාලසීමාව තුළ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ චෝදනාවක් තමයි  ඔවුන් අධික ලෙස වැඩ කරලා ඉතාමත් සුළු මුදලක් ලැබෙනවා කියන දේ. ඉතින් ඒ පිළිබඳව පවිත්‍රා  මහත්මිය අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

ඒකනම් ගොඩක් කනගාටුදායක තත්ත්වයක්. අපේ මහන්සියට අපි කරන වැඩ ප්‍රමාණයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. සමහර දවස් තියෙනවා උදේ පාන්දර රූගත කිරීම් වලට දුර බැහැරට ගිහින් එතන ඒ ඒ වැඩ රෑ දෙගොඩ හරිය වෙනකන් කරලා අය ගෙදර එන. පැය විසි හතරක් එක දිගට වැඩ කරපු දවස් තියෙනවා. අපේ කැපවීම සහ මහන්සි වෙනුවෙන් හරි වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

ඒ විදිහට අදහස් දක්වන ඇය සඳහන් කළේ මේ අමාරු කාලයක කලා කරුවාගේ පැත්තෙන් හිතලා සියලුම දෙනා වැඩ කටයුතු කරන්න ඕනෙ කියලයි. ඉදිරියේදී තාමත් විකාශය නොවන ටෙලි නිර්මාණ රැසක ම විකාශය වීම ආරම්භ කිරීමට නියමිතව තියෙනවා ඉතිං ඇය චිත්‍රපට කීපයකටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඒ සියලු වැඩකටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා ඇයට සුබ පැතුම්  එක් කරන්නෙමු.