Gossip Lanka

දැන් ඉතින් මට සිහි කල්පනාව මදි ගෙදරට වෙලා ඇඳට වැටිලා ඉන්නවා

අයිරාංගනී සේරසිංහ කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් සිනමාවටත්   අද්විතීය මෙහෙවරක් ඉටු කරපු දක්ෂ රංගන ශිල්පිනියක්. දේශීය සිනමාවේ අති දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක් වන අයිරාංගනී සේරසිංහ මහත්මිය මේ වන විට ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටිනවා.

මේ වන විට අවුරුදු  94ක් පමණ ආයු වළඳන ඇය ඉතාම සතුටෙන් තමයි කාලය ගත කරන්නේ. අයිරාංගනී සේරසිංහ මහත්මිය ගේ රංගන කුසලතාවයෙන් කලාව හැඩ වෙලා දැනට අවුරුදු හැත්තෑවකට වඩා වැඩියි. මුලින්ම ඇය කලා ලෝකයට එන්නේ සිනමාවේ මහා සිනමාකරු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිසයි.

රුවන්වැල්ල මුදුගමුව ප්‍රදේශයේ උපත ලබන අයිරාංගනී සේරසිංහ මහත්මිය නිතරම පරිසර හිතකාමී දිවිපෙවතක් තමයි ගත කළේ. පරිසරයට  ඇය කොතෙක් ආදරේ කලාද කියලා කිව්වොත් රුක් රැක ගන්නෝ සංවිධානයේ ප්‍රධාන සාමාජිකාවක් වශයෙන් ද ඇය කටයුතු කරනවා.

කුඩා කාලයේ දී ශාන්ත බ්‍රිජට්  කන්‍යාරාමයට පාසල් ගිය ඇය  ටික කාලෙකට පස්සේ නැවත වතාවක් බිෂොප් විද්‍යාලයට ඇතුලත් වෙනවා. ඊට පස්සේ හොඳින් ඉගෙන ගෙන විශ්ව විද්‍යාල වරම් ලබන්නට අයිරාංගනී සේරසිංහ මහත්මිය වාසනාවන්ත වුණා. ඒත් විශ්වවිද්‍යාල යනවට ඇගේ තාත්තා නම් පොඩ්ඩක්වත් කැමැති වෙලා නැහැ. නමුත් අයිරාංගනී සේරසිංහ මහත්මිය විශ්වවිද්‍යාලයට යන්න ඕනිමයි කියලා ගෙදර පෙරළියක් කළා ලු. ඊට පස්සේ ඔවුන්ගේ පවුලේ ළඟම හිතවතෙක් වෙන ඩී එස් සේනානායක මැතිතුමා  තාත්තට කිව්වලු ගෑනු ළමයි හොඳට ඉගෙන ගන්න ඕනෙ එහෙම විශ්වවිද්‍යාලයට යවන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි  සේරසිංහ මහත්මියට විශ්වවිද්‍යාල වරම් හිමිවෙන්නෙ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගන්නා ඇය ඒ කාලය තුළත් විවිධ වේදිකා නාට්‍යවල රංගනයෙන් දායකත්වය දැක්වූවා. ඊට පස්සේ මුලින්ම සිනමාවට පිවිසෙන්නේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයාගේ පළමු සිනමාපටය වන රේඛාවේ කැතිරිනා චරිතය නිසයි.

ටෙලිනාට්‍ය අතින් ගත්තහම ඇය යශෝරාවය ,දූ දරුවෝ ,සල් සපුනා,අමන්දා ආදී ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වුණා. අයිරාංගනී සේරසිංහ මහත්මිය මේ වෙද්දි කලා කීර්ති සම්මානයෙන් මෙන්ම තවත් ලැබිය හැකි විශිෂ්ට සම්මාන රාශියකින් පිදුම් ලැබූ රංගන ශිල්පිනියක්.

ජීවිතයේ සැදෑ සමය ගත කරන නිසා ඇයට ඉස්සර වගේ ලොකුවට මතකයක් නැහැ. මේ දවස් වල ගත කරන ජීවිතය පිළිබඳව අයිරාංගනී සේරසිංහ මහත්මිය අදහස් දැක්වූයේ මේ විදියට. මේ දවස් වල නම් මම ගෙදරට වැටිලා ඇඳට වෙලා ඉන්නේ වැඩක් පලක් කරගන්න බැරුව ජීවත් වෙනවාට වඩානම් ජීවිතේ නැති වෙන එක හොඳයි කියලා හිතෙනවා. ජීවිතය ගැන නම් කිසිම පසුතැවීමක් නැහැ. මට කුඩා කාලයේ දී බොහොම සැප සම්පත් භුක්ති වින්දා. ඉන්පසුවත් වින්ස්ටන් සේරසිංහ සමග විවාහ වෙලා පුතුන් දෙදෙනකුගේ මවක ලෙස සතුටින් ජීවිතය ගත කළා. හැබැයි අදටත් මට වේදනාවක් ගෙන එන්නේ ලොකු පුතාගේ හදිසි වියෝව.ඒ විදිහට අදහස් දක්වන  අයිරාංගනී සේරසිංහ මහත්මිය අවසානයේ සඳහන් කළේ සිනමා ලෝකයට සම්බන්ධ වෙලා නොමැකෙන මතක රාශියක් එකතු කරන්නට ලැබීම ඇය ජීවිතය ලබපු ඉහළම ජයග්‍රහණය කියලයි. ඉතිං ඉතාමත් ආදරණීය  මතක ගොන්නක් අපිට දායාද කරපු මේ සොඳුරු  රංගන ශිල්පිනියට තවත් චිරාත් කාලයක් ජීවත් වීමට  ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.