Gossip Lanka

අම්මල දුලා එකතුවෙලා බෑන්ඩ් එක නැති කරා මගෙ කට අවුස්සගන්න එපා ඔක්කොම එලියට දානවා  අජිත් live ඇවිත් හදිසියේම කියපු කතාව

අජිත් මුතුකුමාරන කියලා කියන්නේ සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ගේම ගමනක් හදාගෙන ඉතාමත් සාර්ථකව සුමිහිරි ගීත රැසක් ප්‍රේක්ෂකයන්ට දායාද කරපු  දක්ෂ ගායකයෙක්. කාලාන්තරයක් තිස්සේ එළිමහන් ප්‍රසංග වල නිතරම අපට දැකගන්නට ලැබුණු සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම කියලා කියන්නේ අජිත්ගේ යටතේ මෙහෙයවපු සංගීත කණ්ඩායම.

මේ වෙද්දි අජිත් ප්‍රමුඛ   සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම අපිට නිතරම දැක බලා ගැනීමට හැකියාව නොමැති වුණත් ඔහු නම් සඳහන් කරන්නේ ඊළඟ අවුරුද්දේ අලුත් වැඩ රාශියකින්ම ප්‍රේක්ෂකයන් හමුවීමට එනවා කියලයි.

අජිත් ප්‍රථමව විවාහ  වෙන බිරිඳගෙන් වෙන් වීමට තීරණය කරනවා. ඊට පස්සේ ටික කාලයක්  තනිකඩ ජීවිතයක් ගත කරන ඔහු ක්ෂේත්‍රයේ දක්ෂ ගායිකාවක් වන කේ සුජීවා සමග යුග ජීවිතයක් ආරම්භ කරන්න තීරණය කරනවා. ඒ වෙද්දී සුජීවා කියලා කියන්නේ ආදරණීය දියණියන් දෙදෙනෙක් එක තනි වෙච්චි අම්මා කෙනෙක්.

මේ විදිහට අවුරුදු ගාණක් ඉතාමත් සතුටින් කාලය ගත කරන ඔවුන් දෙදෙනා හදිසියේම විවාහයෙන් වෙන් වෙන්න තීරණය කරනවා කියන පුවත ඔවුන්ට ආදරය කරන රසිකයන්ට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳ ඔවුන් දෙදෙනාගෙන් විමසද්දී ඔවුන් සදහන් කලේ ඇතිවෙන්නා වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා ඒ විවාහයට දෙදෙනාම සමු දුන්නා කියලා.

දැන් දෙන්නම දෙපැත්තකට වෙලා අවුරුදු තුනක් විතර වෙනවා. මේ වෙද්දි  අජිත් තමන්ගෙ සංගීත කණ්ඩායම නැවත වතාවක් අළුතෙන් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒමට අලුත්ම වැඩපිළිවෙළක් සකස් කරනවා කියලා ආරංචියි. ඔහු මේ වැඩපිළිවෙළත් එක්ක ම ආරම්භ කරපු අලුත් ජීවිතයට පරණ ජීවිතයේ යම් යම් සිදුවීම් නැවත වතාවක් බලපෑම් කරනවා කියලා ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබුනා.

මේ විදිහට ඔහු මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරන්නේ කලින් විවාහ ජීවිතය තුළ දී සිද්ධ වුණා කියන සිදුවීම් ඉස්මතු කර පෙන්වන නිසා කියලා තමයි සඳහන් කළේ. කෙසේ නමුත් මේවගේ ඇත්ත නැත්ත මොනවා වුණත් අජිත් මුතුකුමාරණ තමන්ගේ මුහුණු පොත හරහා සජීවීව වීඩියෝ පටයක් නිකුත් කරමින්  අදහස් කිහිපයක් පළ කළා.

ඔහු මේ විදිහට සිදු කරපු ප්‍රකාශ වලින් කීපයක් පහතින් දක්වා ඇත

මට සාමාන්‍යයෙන් කිසි කෙනෙක්ගෙ දේවල් හොරා කන්න ඕනේ නැහැ. හරියන් නෑ අයිං වුණා එච්චරයි කියන කතාව. කෙලින් කතා කරළා කෙලින් වැඩ කරන එක තමයි හොඳම දේ.

මං ඇවිල්ලා දකුණේ සිංහයෙක් වගේ හිටපු මනුස්සයෙක්.අදටත් එහෙමයි. පවුල් ජීවිතය සම්බන්ධව තෝරාගත්තු මනුස්සයා වැරදුනා. ජීවිතය වැරදිලා තියෙද්දි තව තැනකට ගිහිල්ලා එතනත් වැරදුනා.

මගේ පාඩුවේ ඉන්න දීලා ඔයගොල්ලන්ගේ වැඩක් ඔයගොල්ලෝ කරගන්න. මෙතනින් මේක ඉවර කරන්න. මම කට ඇරියොත් වෙච්ච සියලු දේ මම දන්නවා.

සියලුම දේවල් මම හදලා දුන්නේ කරගෙන යන්න මිසක් පහර ගාන්න නෙවෙයි. කාපු බීපු තැන් වලට මං ගහන්න කැමති නෑ මොකද මගේ අම්මත් ගැහැනියක් නේ. ගෑණුන්ගෙන් සාමාන්‍ය තර්ක කරන්න ගේම ඉල්ලන්න මම කැමැති නැහැ.

බෑන්ඩ් එක නැති කරා වගේ මගේ ජීවිතය නැති කරා වගේ මගේ ප්‍රසිද්ධියේ නැති කරන්න උත්සාහ කරන්න එපා සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම 2022 එනවා වෙනස් විදිහකට  ඒකත් බලන් ඉන්න මොකද ඒක නැති කරේ අම්මලා දූලා එකතු වෙලා තමයි. ඒ වගේ බාල වැඩ මිනිස්සුන්ට කරන්න එපා.

ඉහත සඳහන් කළේ ඔහු විසින් සිද්ධ කරපු ප්‍රකාශයේ අන්තර්ගත වන ප්‍රධාන කරුණු කීපයක්. ඉතින් මේ ආකාරයේ ප්‍රකාශයක් අජිත් මුතුකුමාරණ සිද්ධ කරන්නේ  කලින් විවාහයේ බිරිඳ සහ දරුවන් විසින් යූටියුබ් නාලිකාවක මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කරපු යම් යම් කරුණු කාරණා නිසාවෙන් කියලා තමයි ප්‍රකාශ කළේ.

ඉදිරියටත් ඒ ආකාරයේ ප්‍රකාශයක් සිද්ද කරනවා නම් අනිවාර්යෙන්ම ඔහු ඒ සියලුම දෙනාගේ රහස් එලියට දානවා කියලත්  මෙහිදී සඳහන් කළා. අජිත්ට පාඩුවේ ඉන්න දෙන්න නැතුව ඒ ජීවිතයට ඇඟිලි ගහන්න ආවොත් අන්තිමට එයා නරක කෙනා කියලා කියන්න එපා කියලත් සදහන් කරා.