ඇත්තටම විවාහය සම්බන්ධයෙන් ගෙදරින් මට බලපෑම් කරන්නේ නෑ මගේ අම්මගේ තේරුම් ගැනීම මට වටිනවා
අපේ කලා ලෝකය තුළ මේ දවස්වල පුංචි තිරයේ ටෙලි නිර්මාණ කීපයක් හරහා ම හරහාම ජනප්‍රිය වෙච්ච ආදරණීය කලාකාරිනියක් තමයි අනුරාධ එදිරිසිංහ කියන්නේ.ඇය කලාවට එන්නේ වෙළඳ දැන්වීම් හරහා ඊට පස්සේ මෝස්තර නිරූපිකාවක් විදිහට වැඩ කටයුතු කරපු ඇයට ටෙලිනාට්‍ය වල ප්‍රධාන චරිත කීපයක්ම නිරූපණය කරන්න අවස්ථාව උදාවුණා.
කෝලම් කුට්ටම ටෙලි නාට්‍යය සහ අක්ෂි කියන ටෙලි නිර්මාණයන් දෙක තුළ මේ දවස් වල ඇය ප්‍රසිද්ධ ජනප්‍රිය ආකර්ෂණීය චරිතයක් වෙලා.මේ විදිහට නිතරම සිනාවෙන් කාලය ගතකරන අනුරාධ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් එක සුහදශීලී චරිතයක්.ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී ඇයගේ ජීවිතය වටිනාම පුද්ගලයෙකුගේ පුද්ගලයෙකු ගේ වියෝව ඇයට දරා ගන්නට සිද්ධ වෙනවා.ඒ තමයි අනුරාධාගේ ආදරණීය ආදරණීය තාත්තා ගේ ජීවිත ගමනේ සමුගැනීම.ඉතින් ඒ සියලුම දේවල් එක්ක ඉතාමත් සැහැල්ලුවෙන් ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලා ගෙන ඉන්න අනුරාධා තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.තමන්ගේ සමකාලීන යාලුවෝ බොහෝ දෙනෙක් විවාහ ජීවිතයට යද්දි මේ විදියට ඇයි තවමත් තනිකඩ කියලා අහපුවාම අනුරාධ කිව්වේ මේ වගේ කතාවක්.
“යාලුවෝ ටික නම් පෝලිමට බඳිනවා ඇත්තටම මට විවාහය සම්බන්ධයෙන් ගෙදරින් කිසිම බලපෑමක් කරල නැහැ.ඒ අම්මගේ තේරුම් ගැනීම මට ගොඩක් වටිනවා විවාහයට වයස කාලයක් නැහැ වයස යන නිසා විවාහ වෙන්න ඕනි කියනවා නම් ඒක මෝඩකම.මම මේ ලෝකෙ වැඩිපුරම ආදරය කළ පිරිමි චරිතය මගේ තාත්තා.තාත්තා හදිස්සියෙන් අපෙන් වෙන්වෙලා අවුරුදු හයක්.දුවෙක් විදියට තාත්තාගේ වියෝව දරාගන්න අමාරුයි මගේ හිත හොයන්නෙම මගේ තාත්තා වගේ මාව ආරක්ෂා කරන මට වටිනාකමක් දෙන මාව තේරුම් ගත්ත කෙනෙක්.”
ඉතින් ඇය හිතන ආකාරයෙන්ම ආදරණීය චරිතයක් ඇයට මුණ ගැසේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු