Siri Lankawa

Web Postal

එයා මම හදලා දෙන හැමදේම කන්න ඕනේ.මම හොඳ බිරිඳක්. අනුෂා සැමියා ගැන කියන අමුතු කතාව

අනුෂා දමයන්ති කියන්නේ පුංචි තිරයටත් රිදී තිරයටත් ආධුනික කලාකාරිනියක් නෙවෙයි.ඇය ගැන ඕනෙම කෙනෙක් දන්නවා ඒ වගේම තමයි අනුෂා කියලා කියපු හම ගොඩක් දෙනෙක් ඇයට ආදරෙයි. රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරපු ඇය කලකට කලින් දේශපාලන වේදිකාව තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් විදිහට වැඩ කටයුතු කළා.

ගොඩක් දෙනෙක් පසුගිය කාලයේ කලාකරුවන් විදිහට දේශපාලනය කරපු එක නිසා ප්‍රේක්ෂකයන්ගේ හදවතින්ම සමාව ගත්තා.හැබැයි අනුෂා කිසිම දවසක තමන්ගේ මතය වෙනස් කරේ නෑ.ඇය එදත් අදත් හැමදාම කියන්නේ ඇය ඒ හිට ගත්තු දේශපාලන චරිතය වෙනුවෙන් කවදාවත් දුක් වෙන්නැහැ කියලයි.

ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී වසර ගණනාවක ආදර සම්බන්ධතාවයක් විවාහයකින් අවසන් කර ගන්නත් ඇය වාසනාවන්ත වුණා.මේ ආදර කතාව මාධ්‍යයට රහසක් රහසක් වෙලා තිබුණත් ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වූවා ට පස්සේ හැම කෙනෙක්ම ඇයගේ පෙම්වතා ගැන දැනගත්තා.

මේ වෙද්දි ඉතාමත් හොඳ බිරිඳක් විදිහට සැමියා වෙනුවෙන් යුතුකම් ඉටුකරන ඇයගෙන් එක්තරා අවස්ථාවකදි විනෝදාත්මක වැඩසටහනක් අතරතුර දී ප්‍රශ්නයක් ඇහුවා.ඇයගෙන් ඇහුවේ සැමියා ඇය හදලා දෙන කෑම වලින් ගොඩක් ආසාවෙන් කන්නේ මොන කෑම ද කියලා. ඒ අවස්ථාවේදී ඇය පිළිතුරු දුන්නේ මේ විදිහටයි.

“එයා මම හදලා දෙන හැමදේම කන්න ඕනේ.එයා ඇත්තටම කැමතියි මම දන්නෑ මොන හේතුවක් නිසාද කියලා පරිප්පු කන්න.ඉතින් එයා හින්දා වෙනදට වඩා මට උයන්න පුළුවන්.ඒ කියන්නේ මම හොඳ බිරිඳක් මම එක එක කෑම එයාට හදලා දෙනවා.එයා කනවා රහයි කියලා.”

ඉතින් ඇය ඔය විදිහට තමයි තමන්ගෙ ආදරණීය ස්වාමිපුරුෂයා සමඟ ගත කරන ඒ සුන්දර ජීවිතය ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *