Gossip Lanka

මම එයාව බදින්න හිටියෙ. ඒත් ඒ වෙද්දි එයා වෙන කෙනෙක් එක්කත් යාලුවෙලා මාස තුනක්

යූටියුබ් කලාව අලුත්ම මගකට යොමු කරමින් විශාල ප්‍රේක්ෂකයන් රැසක් සිනා සයුරේ ගිල්වපු දක්ෂ චරිතයක් තමයි අනුෂ්ක  උදාන කියන්නේ. මේ නම අහපු සැනින් එසැනින් බොහෝ දෙනෙක් ද ඔහු කවුද කියන්න අවබෝධයක් තියෙනවා ඒ වගේම ගොඩක් දෙනෙක් ඔහු ගැන දන්නවා.

ඉතින් අනුශ්ක උදාන කියනවාටත් වඩා වස්ති කණ්ඩායමේ ආරම්භක ම සාමාජිකයා කියලා කිව්වොත් නොදන්න කෙනෙක් උනත් මොහු පිළිබඳව දන්නවා. ඒ තරම්ම අනුශ්ක උදාන ඇතුළු කණ්ඩායමගේ රංගනයෙන් හැඩවෙන   wasthi video  යූටියුබ් මිලියන ගණන්  නැරඹුම් වාර ලබාගෙන තියෙනවා.

මේ විදිහට youtube තුළින්  ආදායම් ලබන ඔහු  අසරණ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් එයින් කොටසක් වෙන් කරන්නත් අමතක කරන්නේ නැති වීම විශේෂත්වයක්. වර්තමානය වන විට වස්ති කණ්ඩායම විසින් ඔවුන්ගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කර ගෙන බොහෝ උත්සව අවස්ථාවන්වලදී සහභාගිත්වය ලබා දෙනවා.

මේ කණ්ඩායමේ ප්‍රධානම චරිතය වන අනුශ්ක උදාන ගැන කතා කරද්දී ඔහු පුංචි කාලේ ඉඳන්ම ගායකයෙක් වෙන්න ඕනි කියන සිතුවිල්ලෙන් හිටපු කෙනෙක්.ඒ වගේම තමයි ඔහු ගත කරපු ළමා කාලය එතරම් සුන්දර කාලයක් නෙවෙයි. ජීවිතයේ වැඩි කාලයක් පාරේ පුංචි කුලී ගෙදරක තමයි අනුෂ්ක ජීවත් වෙන්නේ. ඔහුට හරියට  නිදා ගන්නවත් සැප පහසුකම් තිබුණේ නැහැ. නමුත් ඒ සියලුම අභියෝග ජයගෙන අද වන විට ඔහු  තමන්ගේම මහන්සියෙන් යම්කිසි ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඉන්නව.

මේ වන විට ක්ෂේත්රය තුළ අනන්‍යතාවයක් හදාගෙන ඔහුගේම තාලයකට ජීවත්වෙන අනුෂ්ක තාමත් තනිකඩ චරිතයක්. ඔහු විවාහ වෙලා නැහැ. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා අනුෂ්ක විවාහ වෙන්නේ නැත්තේ මොකක් හරි පෙම්  පටලැවිල්ලක් නිසා ඇතිවුණු ගැටලුවක් නිසා ද කියන ප්‍රශ්නය. ඉතින් එක්තරා සාකච්ඡාවක් අතරතුරේ දී ඔහු මේ පිළිතුරට හරිම අවංකව හදවතින් සංවේදීව උත්තර දුන්නා.

මම තීරණයකට එනවා අවුරුදු 27 දී බඳිනවා කියලා. බඳින්න තීරණය කරාට දවස කවද්ද කියලා  එයාට කියලා තිබුණෙ නැහැ. පස්සේ තීරණය කරා. ඒත් ගෑනු ළමයට ඒක කියලා තිබුණෙ නැහැ. එහෙම ඉතින් හිතාගෙන ඉන්න කොට තමයි මට පස්සේ දෙයක් ආරංචියි වෙන්නේ. මම එයාට propose කරන්න හිටියේ තඩියා ගෙ වෙඩින් එක දවසෙදි. මම ඒ වෙද්දි ප්ලෑන් එක හදලා තිබ්බේ දණ ගහලා මුද්දක් දෙන්න. ඒත් පස්සේ ඊට මාස තුනකට විතර කලින් මට ආරංචි වුණා එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. මට ඒ වේදනාව දරාගන්න බැරි වුණා depression මට්ටමට ආවා.ඊට පස්සේ ඒක හරි ගියා. “

ඊට පස්සේ ඔහු අවසානයේ සඳහන් කරනවා අපිට අපේ මනස වත් පාලනය කරගන්න බැරි තැන අපි වෙන කෙනෙක්ව පාලනය කර ගන්නේ කොහොමද කියන දේ. ඉතින් මේ විදිහට ජීවිතේ ආදරේදි අමිහිරි මතක සටහන් වලට මුහුණ දුන්නත් අනුශ්කට ඔහුට දැනෙන ආදරයක් හිමිකර ගන්නට ඉදිරියේදී වාසනාව ලැබේවා කියා අපේ හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.