Gossip Lanka

පුංචි පැටියා එනකන් අපි මග බලන්ඉන්නෙ බිමල් ජයකොඩි දරු සුරතල් ගැන පළමුවරට කී කතාව

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය සහ ප්‍රවීණ කියලා කට ඇරලා කියන්න පුළුවන් දක්ෂ  රංගන ශිල්පියෙක් තමයි බිමල් ජයකොඩි කියලා කියන්නේ. එදා ඉදන් අද දක්වා තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට ප්‍රතිභාපූර්ණ රංගන කෞෂල්‍ය විදහා දක්වන්න ඔහුට හැකියාව ලැබුණු නිසාමද මන්දා මේ තරම් නිර්මාණ ප්‍රමාණයකට බිමල්ට ආරාධනා ලැබෙන්නේ.

ඉතින් ඔහු විවාහ වෙන්නේ ක්ෂේත්‍රයේම දක්ෂ රංගන ශිල්පිනියක් වන පුංචි කාලේ ඉඳන්ම කලා ලෝකයත් එක්ක අත්වැල් බැදගත්තු සුජානි මේනකා සමගයි. ඉතින් ඒ දෙදෙනා ගතකරන ඒ සුන්දර ජීවිතේ නිසාම මේ වෙද්දී දෙන්නට දෙන්නා නැතුවම බැරි තත්වෙකට පත් වෙලා.

ඉතින් පසුගිය දිනක ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට වසර පහළොවක් ගතවෙලා. ඒ සොඳුරු නිමේෂය වෙනුවෙන් දෙදෙනාට දෙදෙනා ආදරණීය විදියට අදහස් හුවමාරු කර ගන්නත් අමතක කරේ නැහැ. ඒ වගේම සුජානි මේනකා ඔබේ බිරිඳ වීම ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ කියලා අහපු අවස්ථාවක බිමල් ජයකොඩි ඉතාමත් ආදරණීයව අදහස් ප්‍රකාශ කළේ පහත ආකාරයටයි.

“ඇය තමයි මගේ කළමනාකාරවරිය. හැමදේම හොඳට හොයලා බලලා ඉස්සරහට යන්න ඇයට හොඳ හැකියාවක් තියෙනවා. ඇය මගේ බිරිඳ වීමත් මම ඇගේ සැමියා වීම පිළිබඳ වත් මට තියෙන්නේ හරිම ආඩම්බරයක්. ඇයට හොඳ ඉවක් වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඉවසීමකින් යුතුව චරිතයක් තේරුම් ගන්න ඇයට හැකියාව තියෙනවා.”

ඒ වගේම ඔහුගේ රඟපෑම තුළ ඒ කිසියම් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සියල්ලම බිමල්ට කියාදෙන්න ඇය අමතක කරන්නේ නැහැ. ඉතින් අවසානයේදී බිමල් සඳහන් කරන්නේ ඔහුගේ හුස්ම ටික ඇය කියලයි. අවුරුදු පහළොවක් ගත වෙලා  තියෙද්දිත් ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ සුන්දර ජීවිතයක් ගත කරනවා.

ඒකට ප්‍රධානම රහස මොකක්ද කියලා අහපු අවස්ථාවක බිමල් සඳහන් කරන්නේ එදා ඉඳන් අද දක්වාම ඔවුන් දෙදෙනා ඉතාමත් හොඳ අවබෝධයෙන් කටයුතු කරන නිසා තමයි මේ ආකාරයේ විවාහ ජීවිතයක් රඳාපවතින්නේ කියලා. දෙන්නා අතර තරගයක් නැති නිසා අනිත් පුද්ගලයන් එක්කත් තරඟයක් නැති නිසාත් පාඩුවේ නිදහසේ කාලය ගත කරන්න මේ ආදරණීය යුවලට හැකියාව ලැබිලා තියෙනවා.

ඉතින් මේ සුන්දර හමුවීම සිද්ධවෙන්නේ රම්‍ය සුරම්‍ය කියන ටෙලිනාට්‍ය රූපගත කිරීමක් හරහා. එය ටෙලි නාට්‍යය තුළ ඔවුන් දෙදෙනාට නිරූපණය කරන්න තිබුනේ පෙම්වතුන් ගේ චරිත. ඒ විදියට හමුවෙලා වසර පහළොවක් ගත වෙන තැන මේ සුන්දර කැදැල්ලට අමුත්තෙක් එක් කරගෙන ඒ සුන්දරත්වය තව තවත් වැඩි කරගන්න හිතන්නේ නැද්ද කියලා අහපු අවස්ථාවක ඒ පිළිබඳව පළමු වරට හරිම ආදරෙන් ඔහු අදහස් දක්වලා තිබුණේ පහත ආකාරයටයි.

ගොඩක් අය හරිම ආදරණීය විදිහට අපෙන් අහපු ප්‍රශ්නයක් ඕක. ඒ අපිට තියන ආදරය නිසා කියලත් අපි දන්නවා. ඔවුන් අපට ආශිර්වාද කරනවා ඒ වෙනුවෙන්. අපි බලාගෙන ඉන්නවා ඒ වෙනුවෙන්. අපි ගාවට එහෙම අමුත්තෙක් ආවොත් ආදරයෙන් අපි පරිස්සම් කරගන්නවා.

ඒ විදිහට තමයි ඒ ප්‍රශ්නය ගැන පළමු වතාවට බිමල් ජයකොඩි අදහස් දැක්වුයේ. ඉතින් කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් දරු සුරතල් ලබන්නට ඔහුට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.