Siri Lankawa

Web Postal

මගේ මුළු පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා මට ඉන්නවා දුවලා දෙන්නෙක් හා පුතෙක්

කලා ලෝකය තුළ ප්‍රවීණ කලාකරුවෙක් විදිහට විදියට හඳුන්වන්න පුලුවන් ඒ වගේම දසක ගණනාවක් තිස්සේම කලාව වෙනුවෙන් තමන්ගෙ කාලය කැප කරපු රංගන ශිල්පියෙක් තමයි බුද්ධදාස විතානආරච්චි කියන්නේ.රංගන ශිල්පියෙක් ඒ වගේම තවත් අවස්ථාවකදී වැඩසටහන් නිවේදකයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් හමුවට එන එතුමා  නව පරපුරත් එක්ක හරිම අපූරුවට  ගනුදෙනු කරන සුන්දර කලාකරුවෙක්.ඉතින් කලාකරුවෙක් විදිහට එහෙමත් නැත්නම් ප්‍රවීණ කලාකරුවෙක් විදිහට ඔහු ආ ඒ ගමන් මඟ ගැන බුද්ධදාස විතානාරච්චි මහත්මයා කිව්වේ මේ වගේ කතාවක්

“මම අවුරුදු 15 පමණ ජාතික රූපවාහිනිය සති අන්ත වැඩසටහන් ඉදිරිපත් කළා.මගේ අරමුණ වුණේ ඉදිරිගාමී සමාජයක් වෙනුවෙන් මතවාදයක් සකස් කිරීම.රූපවාහිනියට ගුවන් විදුලියට සම්බන්ධ වුණේ ඒ වෙනුවෙන්.වේදිකා නාට්‍යයක රූපණය කළ චරිත හරහා කළෙත් ඒ මතවාදය සමාජගත කිරීමයි.මා රූපවාහිනී වැඩසටහන ඔස්සේ සුභ උදෑසනක් වෙනුවට ආයුබෝවන් කියන්න පුරුදු කළා.එය සමාජගත වුණා”

ඒ වගේම තමයි එතුමා මේ වෙද්දි විවාහ වෙලා දරු මුළු මුනුපුරු මිනිපිරියන් ගේ බොහොම දකින්නත් වාසනාවන්ත වෙච්ච චරිතයක් ඒ වගේම තමයි බුද්ධදාස විතානාරච්චි මහත්මයාගේ ආදරණීය බිරිඳ වෘත්තියෙන් හෙද නිලධාරිනියක්.ඔහු විවාහ වෙන්නේ ඔහුගේ පළමු පෙම්වතිය වෙච්ච ඇයත් එකයි. ඇය ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ හෙද විද්‍යා අංශයේ ප්‍රධානී ලෙසත් කටයුතු කරලා තියෙනවා.

අද වන විට ජීවිතය ජීවිතයේ සැඳෑ සමය ගත කරන මෙතුමා කිසිම දවසක කලාවෙන් සමු ගන්නේ  නැහැ විශ්‍රාම යන්නෙත් නෑ කියලා සඳහන් කරනවා ඒ කියන්නේ ඔහුට හැකියාව තියෙන තාක් කල් ඔහු කලාවත් එක්ක එකතු වෙනවා කියලා තමයි කියන්නේ.ඒ වගේම තමන්ගේ පවුලේ වතගොත ගැනත් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ මුළු පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මට ඉන්නවා දුවලා දෙන්නෙක් හා පුතෙක්. මගෙත් ලොකු දුව ප්‍රියංවදා කලා කටයුතුවලට සම්බන්ධ නැහැ.පොඩි දුව සුලෝචනා ලංකාවේදී වේදිකා නාට්‍ය ටෙලි නාට්‍යවල රංගනයෙන් සහ රූපවාහිනී නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා.ඕස්ට්‍රේලියාවේ සිට ඇයත් එවැනි කටයුතුවලට සම්බන්ධ වුණා පුතා සිද්ධාර්ථ ඔහු ලංකාවේදී රූපවාහිනිය සංස්ථාවේ නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කළා”

ඉතින් දරුවනුත් කලාවට යොමු කරන්න තරම් වාසනාවන්ත වෙච්ච මේ සුන්දර කලා කරුවාට තවත් බොහෝ කාලයක් කලාව වෙනුවෙන්  ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *