Siri Lankawa

Web Postal

මගේ තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් අම්මා ගුරු උපදේශිකාවක් කලින් මම බැංකුවක වැඩ කළා

චන්න පෙරේරා කියන මේ දැවැන්ත සිනමා තාරකාව පිළිබඳව  ඕනිම කෙනෙක් මෙවැනි දන්නවා.ඔහු ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරය ජයගත්තු රංගන ශිල්පියෙක් කියලා කියන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක්. චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයෙක් විදිහට මේ දවස්වල වැඩි වශයෙන් කටයුතු කරන ඔහු අංජලිකා කියන සිනමා නිර්මාණය හරහා ශ්‍රී ලංකාවේ සිනමා ශේත්‍රයට  පූජා උමාශංකර් කියන  රංගන ශිල්පිනියක් හඳුන්වා දුන්නා.

චන්න පෙරේරා ගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරද්දි කරද්දි ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ තවත් අතිශයින් දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්චි ගයත්‍රි ඩයස් සමඟ.හැබැයි මේ වෙද්දි නම් මේ දෙදෙනාම මේ විවාහයට සමුදීලා දෙපැත්තකට වෙලා තමයි ජීවත් වෙන්නේ. කොහොම නමුත් ආදරණීය දරුවන් දෙදෙනකුගේ පියෙක් වෙච්චි චන්නට පුංචි කාලේ ඉඳන්ම   ලොකුවට ඉගෙන ගන්න ආසාවක් නම් තිබෙන නැහැ.

ඔහුට සාමාන්‍ය පෙළ කරාට පස්සේ නළුවෙක් වෙන්න ඕනි කියන ආසාව ඇවිල්ලා තියෙනවා. හැබැයි ගෙදරින් ඒ හීනෙට කිසිසේත් චන්නට අවසරය හම්බ හම්බවුණේ නැහැ.එය අතීතය ගැන චන්න කිව්වේ මේ වගේ කතාවක්.

“මම මේ ක්ෂේත්‍රයට එන කාලේ මේ ක්ෂේත්‍රය රංගනය හෝ කලාව තුළින් ලොකුයි ස්ථාවරයක් හදා ගන්න පුළුවන් කේෂ්ත්‍රයක් කියලා පිළිගත්තෙ නැහැ.ඒ කාලේ රංගන ශිල්පියෙකුට ඉතාමත් අඩු අවස්ථා ගානක් තමයි තිබ්බේ.සිනමාව ගැන අඩුවක් තක්සේරුවක් තිබ්බ කාලෙක තමයි මම කලාවට ආවේ.අපේ ගෙදර තිබ්බේ පුංචි කාලේ ඉදන් අධ්‍යාපනික පසුබිමක්. පුංචි කාලේ නම චිත්‍රපටි බලන්න ආසාවක් නළුවෙක් වෙන්න ඕනේ කියලා ආසාවක් නැහැ මම සාමාන්‍ය පෙළ කරලා ඉද්දි තමයි මට එහෙම හිතුණේ.මගේ තාත්තා අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් අම්මා ගුරු උපදේශිකාවක්.ඒ පසුබිම තුළ මගේ මල්ලිලා තුන්දෙනා වුණත් අධ්‍යාපනයට යොමු වෙලා හිටියෙ.ඊට පස්සේ තාත්තා මාව බලෙන් බැංකු රැකියාවකට දැම්මා”

පස්සේ බැංකු රැකියාවකට ගියපු චන්න්ද් ඒ රැකියාවෙන් අයින් වෙලා තමයි  රඟපාන්න ආවේ.කොහොම නමුත් එදා ඔහු ගත්ත තීරණය ගැන අද සතුටු වෙන්න පුළුවන් ස්ථාවරත්වයක් හදාගෙන අවසන්.එනිසාම චන්නගේ ඉදිරි ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේ මු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *