Siri Lankawa

Web Postal

මම කිස් කරන විදිහ දැකලා සමහරු කියනවා හස්බන් මාත් එක්ක කොහොම ඉන්නවද දන්නෑ කියලා 

එක්තරා නාලිකාවක රියැලිටි වැඩසටහනක් ජයග්‍රහණය කරලා කලාවට එන්න වාසනාව ලබා ගත්ත මේ සුන්දර ජනප්‍රිය රංගන ශිල්පිනිය නමින් චතූ රජපක්ෂ. ඇය මේ රියලිටි තරගාවලියෙන් පස්සේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් ජනප්‍රියත්වයට පත්වුණා. 

ඊට පස්සේ මෑත කාලයේ දී රිදී තිරය හා පුංචි තිරයත් එක්ක එකතු වෙච්චි ඇය රන්ජන් රාමනායක  එක්ක ගේම් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය කුත් නිරූපණය කළා.ඉතින් කාටවත් කලාවට එක පාර එන්න බෑ. ඇයටත් ඒක ඒ විදිහම තමයි.ඇය ක්ෂේත්‍රයට  එන්නෙ 2016 වර්ෂය එක්තරා පුද්ගලයෙකුගේ ආරාධනාවක් මත.

මේ වෙද්දි කලාව තුළ ස්ථාවර වෙලා විවාහ ජීවිතයත් ඉතාම සාර්ථකව ගත කරන ඇය විවාහ වෙන්නෙත් ව්‍යාපාරිකයෙක් එක්ක.එ වගේම තමා ඒ පෞද්ගලික ජීවිතේ තුළ රංගන කටයුතු සාර්ථක කරගන්නට ඔහුගෙන් ඇයට විශාල සහයෝගයක් ලැබෙනවා ලු.ඒ වගේම තමයි ඇය නිතරම ප්‍රේමණීය දර්ශන නිරූපණය කරපු එක් නාට්‍යයක් තිබ්බා ඒ බන්ධනා ටෙලි නාට්‍යයේ ඇය කරපු ලක්මි කියන චරිතය. ඉතින් ගොඩක් දෙනෙක් මේ චරිතයට ඇයගේ පෞද්ගලික ජීවිතයත් අල්ලගෙන විවිධ ආකාරයෙන් මඩ ප්‍රචාර කරන්න පටන් ගත්තා.ඉතින් ඒ සම්බන්ධයෙන් චතු කිව්වෙ මේ මගේ කතාව.

“ලග්මි කියන චරිතය නිතරම ප්‍රේමයෙන් ඉන්න චරිතයක්. විශ්වව සිප ගන්නවා දැකලා සමහරු කියනවා මගේ සැමියා කොහොම ඉන්නවද දන්නෑ කියලා. සමහර මගෙන් අහලා තියෙනවා සැමියාගෙන් ප්‍රශ්න එන්නේ නැද්ද කියලා.කවදාවත් නීති රීති දාලා කොටු කරල මාව තියාගන්න සැමියා උත්සාහ කරන්නේ විවාහ වුණාට පස්සේ තමයි මම ගොඩක් චරිත නිදහසේ කරන්නේ”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය තමන්ගේ සැමියා සහ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන ගොඩක් දෙනෙක්ට පිළිතුරු දීල තිබ්බේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *