මම ස්වභාවිකත්වයට කැමති කෙනෙක්.මම සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා නෑ කොන්ඩේ හිටවලා නැහැ
නිරූපණ ක්ෂේත්‍රය තුළ විටින් විට ආන්දෝලනාත්මක
සිදුවීම්වලට මූලික වෙච්චි ඒ වගේම දක්ෂතාවයන් වලින් කරලියට ආපු චරිතයක් තමයි චුලා පද්මයෙන්ද්‍ර කියන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ වසර 25ක පමණ කාලයක් අඛණ්ඩව ඇය විවිධ ක්ෂේත්‍රයන් වල නියැලෙමින් අත්දැකීම් ලබා ගත්ත නිරූපිකාවක්.
ඒ වගේම තමයි නිරූපණ පාසල් පවත්වාගෙන ගෙන යමින් සිසු සිසුවියන්ට නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන ඇය මේ දවස් වල ඇයගේ නිරූපණ පාසලේ සිසු සිසුවියන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට සූදානම් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
ඒ වගේම චූලා සඳහන් කරන ආකාරයට අද වෙන විට හැම තැනම නිරූපණ පාඨමාලා තියෙනවා. හතු පිපෙනවා වගේ කිසිම ප්‍රමිතියකින් තොරව බිහිවන මේ නිරූපණ පාසල් මගින් නවකයන් දන්නෙම නැතුව අමාරුවෙ වැටෙනවා කියලත් ඇය සඳහන් කරනවා.ඒ වගේම වර්තමානයේ ගොඩක් දෙනෙක් තමන්ගේ දරුවන් නිරූපණ ක්ෂේත්‍රයට එනවට අකමැතියි.
ඒකට හේතුව විදිහටත් ඇය සඳහන් කරන්නේ නිරූපිකාවක් දිහා වැරදි ඇහැකින් බලන්න පුළුවන් කට්ටකට අද නිරූපණ ක්ෂේත්‍රය ඇද වැටිලා කියලයි. ඒ වගේම පසුගිය කාලසීමාව පුරාවටම චූලා ගැන කතා කරන්න පටන් ගත්තේ ඇය විවාහක රූ රැජන තරගාවලියේ දී පළමු ජයග්‍රාහිකාව ගේ ජයග්‍රහණය අහෝසි කරමින් යම් සිදුවීමකට මුහුණ දීපු නිසයි.
ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී නිරූපන ශිල්පිනියන්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕනි දෙයක් තමයි ස්වභාවික සුන්දරත්වය කියන දේ.ගොඩක් අය කෘතිම දේවල් බාවිතා කරලා තමන්ගේ ස්වභාවික සුන්දරත්වය හානිකරගන්නා කාලයක ඒ ගැන චූලා කිව්වේ මේ වගේ කතාවක්.
“අනිවාර්යෙන්ම මම ස්වභාවිකත්වයට කැමති කෙනෙක් මම සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා නැහැ කොන්ඩ හිටවලා නැහැ.වර්තමානයේ දී හොලිවුඩ් බොලිවුඩ් ශිල්පීන් පවා ඔවුන් මෙතෙක් කලක් භාවිතා කළ ඇතැම් සිලිකන් යොදා යොදාගනිමින් ශරීරය සිදුකළ ශරීරයේ සිදු කළ වෙනස්කම් ඉවත් කරමින් ඉන්නවා.අපි වයසට යනකොට සම රැළි වැටෙනවා ඒ දේවල් නවත්වන්න බැහැ නවත්වන්න බැහැ නමුත් කෘතිම දේවල් වලට වඩා සබාවික ක්‍රම කොයිතරම් භාවිතා කල හැකිද ලස්සන වෙන්න”
අවසානයේ ඇය සඳහන් කළේ නිරූපණ ක්ෂේත්‍රයට ඕනෑම කෙනෙක් හදවතින් සුන්දරයි සුන්දරයි නම් හෝ රූපයෙනුත් අනිවාර්යෙන්ම සුන්දරයි කියලයි.ඉතින් ඉදිරියේදී ඇයගේ නිරූපණ පාසල තුළින් තවත් අලුත් වැඩකටයුතු කීපයක් ම කරන්න තෝරා සූදානමින්.ඒ සියලු වැඩකටයුතු වලට අපිත් හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.