Gossip Lanka

ලංකාවේ ඉන්න දේශපාලඥයන් මේ රට හූරගෙන කාලා ගෑස්,කිරිපිටි මිල දරාගන්න බෑ දසුන් පතිරණ කියන සැර කතාව

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත්  සිනමාව තුළත් ආන්දෝලනාත්මක චරිත රැසකටම රංගනයෙන් දායකත්වය දැක්වූ රංගන ශිල්පියෙක් තමයි දසුන් කියලා කියන්නේ. ඔහුගේ ආන්දෝලාත්මක චරිත හේතුවෙන්ම පුංචි තිරයේදී සම්මානනීය නළුවෙක් වශයෙන් ද ඔහුට පිදුම් ලබන්න අවස්ථාව උදා වුණා.

ඉතින් කාටත් අමාරු කාලේ දසුන් ආදරණීය බිරිඳ වන හංසි දිසානායක සහ සිඟිති දියණියන් දෙදෙනා එක්ක ගෙදරට වෙලා තමයි කාලය ගත කරන්නේ.  ඉදිරියේදී  මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ සහෝ ,අරුණ ජයවර්ධන මහතාගේ මාරියා ආදී නිර්මාණයන්  විකාශය වීමට නියමිතයි කියලත් දසුන් සඳහන් කළා.

ඕනෑම අවාසනාවන්ත කාලයක් ආවොත් මුලින්ම ඒක කලා කරුවාට තමයි අභියෝගයක් වෙන්නෙ කියලා දසුන් කියනවා. ඒ නිසා නළුවෙක් විදිහට මේ ක්ෂේත්‍රයෙන් යමක් ගමක් හොයාගන්න ඔවුන්ට අපහසු වෙලා තියෙනවා. ඒ හේතුන් මත දසුන් තීරණය කරනවා ලු මේ රට අතහැරලා යන්න.

ඔහු ඒ පිළිබඳව කීප අවස්ථාවකදීම අදහස් දක්වලා තිබුණා. වැඩිදුරටත් ඒ පිළිබඳව ඔහු කිව්වේ මේ ආකාරයේ දෙයක්.

මම කොහොමත් අවුරුද්දකට එක නිර්මාණයක් හෝ දෙකක් බාරගත්තේ. ලැබෙන හැම නිර්මාණයක්ම හෝ මෙගා කියන රැල්ලේ නිර්මාණ වලට මම කොහොමත් දායක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ලංකාවෙන් ඉන්නවට වඩා එළියට ගිහිල්ලා ඉන්න එක හොඳයි කියලා. නැත්නම් නළුවෙක් විදිහට පවතින්න බෑ. මොකද දේශපාලන වශයෙන් වත් නාළිකාවලින් නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

නිර්මාණයක් කරලා සාධාරණ මුදලක් ලැබෙන්නේ නැහැ. youtube වලින් නාලිකා බොහොමයක් උපයනවා අඩුම තරමේ එහි කොටසක් වත් අපිට ලැබෙන්නෙ නැහැ. වර්තමාන ටෙලිනාට්‍ය කියන්නෙම මහා දුකක්. ඒ නිසා ලංකාවේන් ගිහිල්ලා හොඳට කාලා බීලා දරුවන් එක්ක හරි සතුටින් ඉන්න එක වටින නිසා ලංකාවෙන් යනවා.

ඉතින් ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ටිකක් කනස්සල්ලෙන් ඉන්න දසුන් තමන්ගේ පවුලේ යහපත උදෙසා විදේශගත වෙන්න තීරණය කරනවා. ඔහු මීට කලින් නම් ලංකාවෙන් යන්න කිසිසේත් හිතපු කෙනෙක් නෙමෙයි. නමුත් කරන්න දෙයක් නැති නිසා තමන්ගේ ආදරණීය බිරිඳට ස්වීඩනයේ පදිංචිය තියෙන නිසාත් ලබන අවුරුද්දෙ අප්‍රේල් වගේ වෙද්දි ලංකාවෙන් යන්න ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඉතින් ලංකාවේ තියෙන්න වූ වාතාවරනය පිළිබඳව දසුන් අදහස් ඉදිරිපත් කරන්නත් අමතක කළේ නැහැ. ලංකාවේ ඉන්න දේශපාලඥයන් මේ රට හූරගෙන කාලා මිනිස්සුන්ට වෙච්ච දෙයක් නැහැනේ. පාරට පොඩ්ඩක් බැහැලා  බලන්නකෝ ගෑස්මිල කිරිපිටි මිල උහුලගන්න බැරුව මිනිස්සු කොච්චර අඬනවා ද කියලා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම ඉන්න අයට අපිට කියන්න පුළුවන්ද සල්ලි දීලා ෆිල්ම් එකක් බලන්න කියලා.

දසුන් වර්තමානයේ සමාජය තුළ පවතින තත්ත්වය පිළිබඳව අදහස් ඉදිරිපත් කලේ ඒ විදිහට. කෙසේ නමුත් තමන් විදේශ ගත උනත් මොන යම් හෝ නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව උදා වුණොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ ඔහු සලකලා බලන්න සූදානම්.

ඉතින් ඔහු ගත කිරීමට සූදානම් වෙන ඉදිරි ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම මේ සොඳුරු කලාකරුවාට සුබ පැතුම් එක් කරන්නෙමු.