Gossip Lanka

දෙවෙනි ඉනිම කොටස් 10000 කරත් මම ඉන්නවා මං ආසයි ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ සහ සිනමා කලාව තුළ ප්‍රහසන ය ඉස්මතු කරමින් රංගනයේ යෙදෙන රංගන ශිල්පීන් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නා රංගන ශිල්පියෙක් තමයි දෙනුවන් සේනාධීර කියලා කියන්නේ. ප්‍රහසන තුළින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සිනමාව ජයගන්නා ඔහු මේ වන විට නිවේදක ශිල්පියෙක්  වශයෙන්ද අපිට දෙරණ නාළිකාව තුළින් දැක ගන්නට අවස්ථාව උදාවෙනවා.

රංගන ශිල්පියෙක් විදිහට ඔහු දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ  බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර අත්පත් කර ගන්නට සමත් වුණා. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය කියන්නේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ටෙලි නිර්මාණයක්. මේ නාට්‍යයේ ඔහු නිරූපණය කරන්නෙ මයික් කියන චරිතය.

මයික් කියලා කියන්නේ හැමදේම විහිළුවට ගන්නා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන චරිතයක් විදිහට තමයි මේ කතාවෙ පෙන්නලා තියෙන්නේ. මේ විදිහට කවුරුත් දන්න කියන රංගන ශිල්පියෙක් විදිහට  ස්ථාවරත්වයක් හදාගන්න ඔහු මුලින්ම කලාවත් එක්ක සම්බන්ධ වෙන්නේ සහාය නිෂ්පාදකවරයෙක් විදිහටයි.

ඊට පසුව දැන හැඳුනුම්කම් මත වෙළඳ දැන්වීම් වලට පෙනී සිටින ඔහු ක්‍රමයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නට මග සාදා ගත්තා. මුලින්ම ඔහු රංගනයෙන් දායක වෙන්නේ කිං හන්ටර් කියන චිත්‍රපටියට. ආරම්භයේ ඉදන්ම ප්‍රහසන චරිත වලට කැමතිද කියලා අහපුවාම දෙනුවන් දුන්නේ මේ වගේ උත්තරයක් 

හාස්‍යමය චරිත වලට තමයි මම කැමතියි . මට මුල ඉඳන්ම ලැබුණෙත් මම උත්සාහ කළෙත් හාස්‍ය චරිත වලට. මම හිතනවා මගේ විශේෂ දක්ෂතාවයක් තියෙන්නෙ හාස්‍ය රංගනයට කියලා. අපි හැමෝගෙම දේ බදා ගන්න උවමනා නැහැ. රංගනයට බොහෝ දෙනා ඉන්නවා. ඒ නිසා මං මේ හාස්‍ය චරිත ම කරගෙන ඉදිරියට යනවා.

ඔහු එයාකාරයෙන් තමයි අදහස් දක්වන්නෙ. මේ වෙද්දී දෙවනි ඉනිම ටෙලි නාට්‍යය දිගින් දිගට විකාශය වන මෙගා ටෙලිනාට්‍යයක් බවට පත්වීමත් සමගම එහි විවිධ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයා විවිධ ආකාරයේ අදහස් හුවමාරු කරන්න පටන් ගන්නවා.

මේ ටෙලි නාට්‍යය එක්තරා අවස්ථාවක තියෙනවා දෙනුවන්ට ගෑනු ළමයෙක් වගේ ගවුමක් ඇඳගෙන රඟපාන්න. ඉතින් ඒ අවස්ථාව බලපු ගොඩක් දෙනෙක් ඔහුට අසභ්‍ය වචනයෙන් බැනලා තිබුණා  මේ වගේ රඟපාන ලැජ්ජ නැද්ද කියලා. නමුත් මයික් නම් සඳහන් කරන්නේ ඔහු එවෙලෙට ගවුම ඇඳලා ඒ දර්ශනය කළේ ඔහුට ඒකට වැටුපක් ලැබෙන නිසා කියලා. ඒ දර්ශනය ඉවර වුණත් එක්කම ඒක ගලවලා එතනින් ඒක ඉවරයි කියලත් ඔහු සඳහන් කළා.

ඉතින් මයික් කියන චරිතය ඔස්සේ තමයි දෙනුවන් සේනාධීර ව මේ වෙද්දි ගොඩක් දෙනෙක්  දන්නේ. ඒ හේතුව නිසාම දෙවෙනි ඉනිම කොටස් දහදාහක් පහු කරත් ඔහු මේ ටෙලි නාට්‍යය වෙනුවෙන් හැමදාටම ඉන්නවා කියලා සඳහන් කළා. මේ නිර්මාණය නිසා ඔහුට ලැබුණු දේ බොහෝයි ලූ ඒ වගේම ඔහුට විවිධ රටවල් වල ඇවිදින්නත් අවස්ථාව ලැබිලා තියෙනවා.

මේ චරිතයට ඉදිරියේදී කරන්න ඕනේ උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන්න ඔහු නිතරම ඒ චරිතය පිළිබඳව අද්‍යක්ශකවරු න් සහ නිෂ්පාදකවරුන් සමග කතා බහ කරනවා කියලත් ආරංචියි. කෙසේ හෝ ඉදිරියේදී චාලි චැප්ලින් ,මිස්ටර් බීන් වැනි නම ගිය හාස්‍ය උත්පාදක නළුවෙක් වීම තමයි ඔහුගේ ඒකායන පරමාර්ථය.

ඉතින් ඒ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර ගනිමින් සාර්ථක නළුවෙක් විදියට ක්ෂේත්රය තුළ ඉන්නට වාසනාව ලැබේවා කියා අපි දෙනුවන් සේනාධීර ට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.