Gossip Lanka

ජූනි13 මම ඉපදෙද්දී 14ර පාන්දර අවුරුදු තුනේ මගේ අක්කා ජීවිතයෙන් සමුගත්තා

දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය කියන්නේ වර්තමානයේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ගායන ශිල්පිනියක්. ඉතින් ඇය මේ වන විට ආදරණීය දරුවන් දෙදෙනකුගේ සෙනෙහෙබර මවක් වුණා.

ඇය විවාහ වෙන්නේ ටිකක් වයස් ගත වෙලා උනත් ඇයට හැකියාවක් ලැබෙනවා ආදරණීය දරු සම්පත ලඟා කරගන්න වාසනාවන්ත වෙන්න. ඉතින් ඒ විදියට ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරපු මේ අපූර්ව ගායන ශිල්පිනිය පසුගිය දවසක ජීවිතයේ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා.

ඒ දීපිකා ප්‍රියදර්ශණී මහත්මිය ගේ ආදරණීය මෑණියන්ගේ වියෝව නිසයි. ඇය සහ ආදරණීය අම්මා අතර ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තිබුණා ඉතින් ඒ නිසාම මේ වියෝව ඇයට ටිකක් දරාගන්න දරා ගන්න අපහසුයි. ඒ ආකාරයෙන් සමුගත්ත මෑණියන් සිහිකර ඇය මුහුණු පොතට එකතු කරපු අපූරු සටහනක් තමයි පහතින් දක්වා තියෙන්නේ.

“දිවි සැරියෙ 88 වසරක් ආයු ලැබූ මගේ ආදරණීය අම්මා අද දින මෙලොවින් සදහටම සමුගත් බව ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සංවේගයෙනි.”

මේ විදියට අදහස් දක්වන ඇය මවගේ අවසන් කටයුතු වෙලාවේ දරා ගන්නවත් බැරි හරි සංවේදී කතාවක් පිළිබඳව මතකය ආවර්ජනය කළේ පහත ආකාරයටයි.

“ඊයේ ඉඳන් කිසිම දැනුම්දීමකින් තොරව මේ වෙනකම්ම අම්මා වෙනුවෙන් ඇවිත් ගෞරව කරාට ඔබ සියළුම දෙනාට ස්තුතියි. විශේෂ මට කියන්න ඕනි දේ තමයි අම්මා මේ ජීවිත ගමන එද්දී අද තමයි මගේ අතින් ගිලිහෙන ම දවස කියලා මට දැනෙන්නේ. ඒ තරම් බැඳීමක් මට ඇයත් එක්ක තිබුණා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ මගේ උපත සහ මගේ සොහොයුරියගේ විපත එකම දිනයේ සිද්ධ වෙච්ච නිසයි.

මගේ අම්මා එදා රෝහලට යන විට ඇඳුම් බෑග් එක සකස් කරලා දීල තියෙන්නෙ මගේ අක්කා. ඇය අජන්තා ශිරෝමාලා. ඒ වෙද්දී ඇයට අවුරුදු තුනයි. ඇයට ලස්සනට ගී කියන්න පුළුවන්. ඒ දවස්වල scan නැතිවුනත් ඇය අම්මට කිව්වලු අම්මේ නංගි බබෙක් ගෙදර ගේන්න කියලා. ඉතින් ඒ නංගි බබා මම තමයි.

ඉතිං මගේ අම්මා කිව්වා රාත්‍රී කාලේ ඔයා හම්බෙන්න ඉද්දි මම හීනයක් දැක්කා කියලා. විශාල සෙනගක් ගේ වට කරගෙන හිටියා එදා සුදු ඇඳගෙන  මට ගොඩක් අමාරු උනා. ඉතින් ඒ අමාරු වුණු මොහොතේ අම්මා දිගින් දිගටම පාර්ථනා කරලා තියෙන්නේ මග කුසේ ඉන්න දරුවාට  කිසිම කරදරයක් වෙන්න එපා කියලා. අම්මට අමතක වෙලා තියෙනවා ගෙදර ඉන්න අවුරුදු තුනේ දුව ගැන. අම්මට එහෙම ලොකු බයක් තිබෙන නැහැ.

ඒ උනාට සිදුවුණේ ජූනි13 මම උපදිද්දී දාහතර පාන්දර මගේ අක්කා මියයන එකයි. මගේ ආදරණීය අම්මා ජීවිතයේ අස්ථිර බව උගන්නපු එකම පාඩම තමයි මගේ අක්කගේවිපත සහ මගේ උපත.”

ඇය ඒ සංවේදී අවස්ථාවේදී අදහස් ඉදිරිපත් කළේ ඒ ආකාරයටයි. ඉතින් මේ විදිහට ජීවන රඟ මඩලින් සමුගත් ඇගේ ආදරණීය මව් තුමියට උතුම් නිවන් සැපත සැපත ම ළඟා කර ගන්නට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.