ටුවර් එකක් ගිහාම බිරිඳටයි දරුවටයි හැම දෙයක්ම ගන්නවා මට මොනවත් ගන්නේ නැති තරම්
ක්‍රිකට් වලට ආස කරන ඕනෑම කෙනෙකු ඔහු ගැන දන්නවා.ඒ වගේම ඔහුගේ සුන්දර හිනාවට ආදරේ කරන ක්‍රිකට් ලෝලින් ලෝලින් ගොඩක් දෙනෙක් ඉන්නවා.එදා මෙදා තුර මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අනූපමේය සේවයක් ඉටු කරපු මේ දක්ෂ ක්‍රීඩකයා නමින් ධනංජය සිල්වා.
නම කිව්වත් සැනින්ම ඕනිම කෙනෙක් ඔහු ගැන දන්නවා ධනංජයට ආදරේට ගොඩක් අය කතා කරන්නේ ධනා කියලා.ඒ වගේම ඔහු මේ වෙද්දි විවාහකයි මෙවැනි ආදරණීය සිඟිති දියණියකුත් ඔහුට ඉන්නවා.ඉතින් ධනංජය විවාහ වුණේ පාසල් කාලයේ ඉදන්ම ඔහු ආදරය කරපු ආදරණීය පෙම්වතිය එක්ක.
ඇයත් එක්ක ඉතාමත් අවබෝධයෙන් ජීවිතය සතුටින් ගත කරන ඔහු සෑම අවස්ථාවකදීම ක්‍රිකට් වලටත් ආස බිරිඳක් ඉන්න නිසා ඇය අයගෙන් ලැබෙන සහයෝගය ගැනත් වචනෙන් කියන්න බෑ කියලත් සඳහන් කරනවා. ඒ වගේම තමයි ටුවර් එකක් ගිහාම විශේෂෙන්ම බිරිඳට සහ දරුවාට මතක හිටින දෙයක් ගේන්නත් ධනංජය අමතක කරන්නේ නැහැ.
“බිරිඳටයි දරුවන්ටයි තමයි මම හැම දෙයක්ම ගන්නේ.මට මොනවත් ගන්නේ නැති තරම් විශේෂයෙන්ම එක එක විදිහේ ඇඳුම් දෙන්නටම ගෙනත් දෙනවා.එයා කැමති විලවුන් වර්ග රූපලාවන්‍ය දේ ගෙනල්ලා දෙනවා.එයත් ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක් නිසා එයාලට තෑගි කියනවට වඩා කොහොමහරි මැච් එක දිනලා එන්න තමයි මට කියන්නේ”
ඉතින් අවසානයේ ඔහු කිව්වේ ඉදිරියේදී කණ්ඩායමට ඇතුළත් නොවී හිටියත් කවදහරි එළියෙ ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සපෝට් එක අනිවාර්යෙන්ම දෙනවා කියලයි.