Siri Lankawa

Web Postal

මගේ පළවෙනි බබා නැති වුණා.අවුරුදු ගාණක් අපි ලයිෆ් එකෙන් පිටිපස්සට ගියා  ධනංජයගේ බිරිඳ හෙළි කරන සංවේදී කතාව

ධනංජය සිරිවර්ධන කියන්නේ පුංචි තිරය තුලින් නිරන්තරයෙන් ම අපිට දකින්න හම්බෙන සුන්දර කලාකරුවෙක්.ඒ වගේම තමයි ඔහු රංගන ශිල්පියෙක් ට අමතරව මේ දිනවල නිවේදන ශිල්පියෙක් විදියටත් වැඩ කටයුතු කරනවා.

ඉතින් ඒ දේවල් එක්ක කලාවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න ධනංජය මේ වැඩි ආදරණීය දියණියකගේ පියෙක්.ඒ වගේම තමයි ඔහු විවාහ වුණේ ගුවන් සේවයත් එක්ක වැඩ කටයුතු කරපු ආදරණීය තරුණියක් වන ශෂිනි සමඟයි.විවාහ වුණාට පස්සේ ඇය තීරණය කරනවා ගුවන් සේවයට සමු දීලා තමාගේ පවුල් ජීවිතයට අංක එක දෙන්න.

ඒ විදිහට හිතපු ඇය ඉක්මනින්ම දරුවෙක්  බලාපොරොත්තු වුණා.හැබැයි දරුවෙක් දරුවෙක් බලාපොරොත්තු වුණාට පස්සේ හිතන් ඇති අවස්ථා කිහිපයකදීම ජීවිතයේ හරිම අවාසනාවන්ත සිදුවීම් කීපයකට ඇයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් ශෂිනි කිව්වේ මේ වගේ කතාවක්.

“පලවෙනි pregnet වුන එක මම හොඳට සැමරුවා.ඒ උනාට ඇත්තටම උනේ අපේ පලවෙනි බබා නැති වුණා.අපි එහෙම වෙයි කියලා හිතුවේ නැහැ මාස කීපයක් ඇතුළත් එහෙම වුණේ.අවුරුදු ගාණක් අපි life එකෙන් පිටිපස්සට ගියා ඒක නිසා.අපි හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා.ඊට පස්සේ තමයි හිතුණේ මේක ගොඩාක් සීරියස් දෙයක් කියලා.පස්සේ අපි නැවත ප්ලෑන් කළා.බබෙක් ආවා.මොකක් හරි පෙර කරපු පවකට එයත් ගියා.”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ධනංජයගේ ආදරණීය බිරිඳ ඇයගේ අමිහිරි අත්දැකීම් පිළිබඳව අදහස ඉදිරිපත් කරලා තිබුණේ.කෙසේ නමුත් මේ වන විට ආදරණීය දියණියකගේ මවක් වන ඇයට තවත් බොහෝ කාලයක් සතුටින් ම සතුටින්ම ධනංජය සමග යුග ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *