Gossip Lanka

විසේ තිබ්බට කොලු ගති නෑ කියන ලොක්කී නාට්‍යයේ දෙවෙනි

ලොක්කී ටෙලි නාට්‍යයේ දෙවෙනි ලෙස බොහොම සැර චරිත ඔස්සේ මේ දවස් වල අපට මුණගැසුන චරිතයක් ඉන්නවා.මේ චරිතයට පණපොවන්නේ කවුද? ඇය තමයි ධනුශිකා සඳරේණු. ඉතින් ගොඩක් අය ඇයට කතා කරන්නේ දනූ කියලා. පසුගිය දවසක ඇය පුවත්පතක් සඳහා ඇගේ සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තිබුණා.

එහිදී ධනු කියන්නේ කවුද කියන එ ඇය සදහන් කරලා තිබුණේ බොහොම සාමාන්‍ය ගෑණු ළමයෙක් විදියට.නර්තන අංශයෙන් ගුරුවරියක වීමේ අපේක්ෂාවෙන් නර්තනය ඉගෙන ගන්න ඒ ඔස්සේ රංගනයට බොහොම අපූරුවට කෙරෙන ගැහැණු ළමයෙක් විදිහටයි ඇය සඳහන් කරන්නේ.

දනූ ගේ ගම පිලියන්දල. මව පියා සහ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙක් තමයි ඇයට සිටින්නේ .සෞන්දර්ය සරසවියට තේරිලා නර්තන අංශයෙන් උපාධිය ලබාගෙන ගුරුවෘත්තියට බැඳීමේ අපේක්ෂාවෙන් හිටපු ඇයට කාශ්‍යප දිසානායක මහත්මයාගේ උදව් උපකාර ඔස්සේ ලොක්කී ටෙලි නාට්‍යයට සහභාගි වෙන්නට ඇයට අවස්ථාව ලැබෙනවා.

ඇත්තටම ධනූ කියන්නේ ටිකක් විසේකාර චරිතයක් වුණත් කොලු ගතියක් නැහැයි කියලා තමයි සඳහන් කරල තිබුනෙ. කලින් රඟපාලා නැති එකේ පලවෙනි අත්දැකීම විදිහට ඇයට ලොක්කී නාට්‍යයේ දෙවනි ගේ චරිතය ලොකු අත්දැකීමක් වුනා කියලයි සදහන් කරන්නේ.

ඉතින් ඇය රංගනයට දායක වීම ගෙදර අයට ලොකු සතුටක් කියලා සඳහන් කරලා තිබුන. ඒත් සමඟ චූටි අයිය තමයි රංගනයේ අඩුපාඩු පෙන්නල දීල හොඳම විචාරය ලබා දෙන්නේ. ලොකු අයියා නං නරඹලා බොහොම විමසිල්ලෙන් ඉන්නවා කියන කාරණාවත් සඳහන් වෙනවා. ඇගේ පවුල කලා පවුලක් නෙවෙයි. නමුත් අයියටත් තාත්තටත් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කියලා තමයි කියන්නේ.

ආදරය ගැනත් ඇය යම් යම් කරුණු කාරණා කිහිපයක් මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කරලා තිබුණා. ආදරයේදී හරිම සංවේදී කියන අතරම ඇය ආදරයට හරිම ලෝබයි කියලා තමයි සඳහන් කරල තිබුණ. අම්මයි තාත්තයි ඇයට වැඩිය අයියලා දෙන්නට ආදරේ කරනකොට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා කියන කාරණාවත් සඳහන් කරනවා. ඉතින් ඇයගේ ලෝකය සහ ආදරය වෙන්නෙත් අම්මා තාත්තා සහ අයියලා තමයි කියලායි කියන්නේ.

ඉතින් ජීවිතය සුන්දරයි කියන අතරම කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් සුන්දර කරගෙන ජීවිතය විඳින්න ඕන සහ ජීවිතය විදින්න පුරුදු වෙන්න ඕනි කියලත් ඇය සඳහන් කරනවා. ඇය ඉතින් රංගනයට අමතරව නර්තනය විෂය මාලාවට සම්බන්ධව අධ්‍යාපන හදාරන සිසු සිසුවියන්ට පන්ති කරනවා කියලත් සඳහන් කරලා තිබුනා. ඒ නිසා රංගනයටත් සම්බන්ධ වෙලා ඉන්න නිසා දවස හරිම කාර්යබහුලයි කියලත් සදහන් කරනවා .

ඉතින් විවාහය ගැන හිතලා තියෙනවද කියන කාරණාව ගැන කතා කරනකොට ඇය කියන්නේ විවාහයට පෙර ඇය සහ ස්වාධීන වෙන්නට ඕනේ කියලා. ඇගේ ස්ව උත්සාහයෙන්ම ස්ථාවර වෙලා පසුව විවාහය ගැනත් කටයුතු සලකා බලන බව සඳහන් කරනවා. දැනට ඇය ගැන හොයලා බලන්න සෙනෙහස ආදරේ දක්වන්න කෙනෙක් ඕනෙ වෙන්නෙ නැහැයි කියලා තමයි සඳහන් කරල තිබුනෙ. සරල දේවල් වලින් ඉක්මනටම ඇයට සතුටු වෙන්නට පුළුවන් කෙනෙක්.

ඉතින් අම්ම තාත්ත ඉන්න තැන යාලුවෝ සිටින තැනදි හරිම සතුටින් සහ විවේකයක් ලැබුණහම යාළුවොත් එක්ක පොඩි සවාරියක් යන්නටත් කටයුතු කරනවලු. ඇය රංගනයට පිවිසෙන්නට කලින් රැකියාවක් කරනවා. මේ රැකියා කරන ආයතන වල ඇයට තවමත් හොඳ යාළුවො ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා බොහොම අපූරුවට ජීවිතේ විඳින මෙම රංගන ශිල්පිනියකගේ හොඳම ගුණාංගය ඉක්මනට හිත උණුවීම සහ දුර්වලකම ඉක්මනටම මිනිස්සුන්ව විශ්වාස කිරීම කියලයි ඇය එම පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කරල තිබුනෙ.

ඉතින් කොහොම වුණත් අපි අයට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි රංගන කටයුතුත් කරගන්නට ලැබෙන්නට කියලා. වගේම අලුත් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා හමුවෙන්න කියලාත්.