Gossip Lanka

අපි හැමදාම හිටියේ කුලියට ගෙවල් 14ක විතර හිටියා සමහරදාට කන්නත් නෑ 2017 මම ඉස්සරලාම ගෙයක් ගත්තා

දිනක්ෂි ප්‍රියසාද්ගේ කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගනිමින් තමන්ගෙම කියලා තැනක් ස්ථාවරත්වයක් හදාගත්තු දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ පියා චිත්‍රපට ක්ෂේත්‍රයෙන් නිරත පුද්ගලයෙක් නිසා මේ පවුලේ ආදරණීය දියණියන් තුන්දෙනාටම කලා ලෝකයට එන්න දොරගුළු විවර උනා.

ඉතින් ඒ අතරින් පවුලේ වැඩිමහල් ම කෙනා තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඇය ගැන කතා කරනවා නං අද වන විට දිනක්ෂි  විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟයි. මේ වන විට මේ ආදරණීය කැදැල්ලට පුංචි සිඟිති දියණියකුත් එකතු වෙලා. ඉතින් ඔවුන් දෙදෙනාට සමාජය ආශිර්වාද කරන අතර තවත් බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරන අවස්ථාත් අපි දැකලා තියෙනවා.

කෙසේ නමුත් ඒ සියලුම දේවල් කනට ගන්නෙ නැතුව හැම මොහොතකම සතුටින් ඉන්න තමයි දිනක්ෂිටයි සාරංග ටයි අවශ්‍ය. ඒ වගේම තමයි ඇය මේ විදිහට ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තරුණ කාලයේ බොහෝ ඇප කැප වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා. අපි හැමදාම දිනක්ශිගේ වර්තමාන ජීවිතේ කතා කරත් අතීතය ඇයගේ ජීවිතය පිළිබඳව කතා කරලා නැති තරම්.

ඉතින් මේ කියන්න යන්නේ දිනක්ෂි  පොඩි කාලේ ජීවත් වෙච්ච විදිහ සහඒ ජීවිතයේදී ඇය මුහුණ දීපු ගැටලුකාරී තත්ත්වයන් ගැනයි. කවුරුත් හිතන්නේ නෑ දිනක්ෂි  වගේ දුෂ්කර ජීවිතයක් ගත කරපු කෙනෙක් ද කියලා. ඇත්තටම බොහෝ දෙනෙක් ඇය මේ අදහස ප්‍රකාශ කරාට පස්සේ  මේ කතාව ඇත්තද  කියලා අහළා තිබුනා. ඉතින් ඇය වැඩසටහනකදී  අම්මා තාත්තා නංගිලත් එක්ක ගතකරපු ඒ දුෂ්කර කාලයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“අපි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු පවුලක්. වැඩියෙන්ම ආර්ථික ප්‍රශ්න. ඉතින් ඒ දේවල් එක්ක කවදාවත් තාත්තිට අම්මි ටයි අපේ ගෙයක් කියලා ගෙයක් ගන්න හමුවුණේ නැහැ. අපි හැමදාම කුළියට හිටියේ. අපි ගෙවල් දාහතරක ඉඳලා තියෙනවා රෙන්ට් එකට.

ඒ උනාට අම්මි තාත්ති දෙන්නම අපි හොඳ ස්කූල් වලට යැව්වා. ඉතින් ඒවට වියදම් කරලා  ඉස්කෝලේ වෑන් වල යවලා ඒවට කිසිම අඩුපාඩුවක් අපි වෙනුවෙන් එයාලා කළේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගෙ රස්සාව ෆිල්ම් ඉන්ඩ්‍රස්ටි එක නිසා ඒක ස්ථාවර නැහැ. ඒවත් එක්ක තාත්තිගේ රස්සාවත් නිසා අපි සෑහෙන්න ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දුන්නා.

සමහර දවස් වලට කන්න බොන්නවත් නැති උනු දවස් තිබුණා අපිට. මම දැකලා තියෙනවා අම්මි අපි වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා. ඉස්කූල් ෆීස් ගෙවන්න ඒවට අම්මි මාර මහන්සි වෙලා සල්ලි හොයපු කාලවල් තිබුණා. ඉතින් එයාට හොඳට ඇඳුම් මහන්න පුළුවන් ඒ ටැලන්ට් එකෙන් ඇඳුම් මහලා එයා සල්ලි අරගෙන ඒවා ඉතුරු කරලා තමයි අපි වෙනුවෙන් ගොඩක් දේවල් කලේ.

ඒ නිසා මට පොඩි කාලේ ඉඳං ඕනෙවුනා අපි හැමෝටම එකට ඉන්න ගෙයක් ගන්න ඕනි කියන එක. ඒක තමයි මගේ හීනේ උනේ. මම ඉගෙන ගන්න ටිකක් දක්ෂයි. මම university ගිහිල්ලා අවුරුදු තුනක් study කළා. එක තැනකදි මට අධ්‍යාපනය අතහැරුණා. මොකද මගේ පවුල ගොඩ ගන්න මට ඕනේ උනා. ඒ දේවල් එක්ක මම අධ්‍යාපනය පොඩ්ඩකට නවත්තලා full-time වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් එහෙම වැඩ කරලා  ඒ හම්බවෙච්ච සල්ලි වලින් තමයි 2017 එතකොට මට අවුරුදු  විසි හතයි මම ඉස්සෙල්ලම ගෙයක් ගත්තා. ඒක තමයි මගේ ජීවිතේ ලොකුම achivement එක. “

ඉතින් ඇයට බයින දොස් කියන බොහෝ දෙනෙක් දිනක්ෂිගෙ ජීවිතය පිටිපස්සේ තියෙන මේ දුෂ්කර  කාලය ගැන දන්නෙ නැහැ. කෙසේ නමුත් ඇය අද වන විට ජීවිතය දිනා අවසන්. ඒ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.