Gossip Lanka

මම අවුරුදු හතක්ම එක දිගට සම්මාන ගත්ත නිළියක් අතීතය සිහිපත් කරපු දිනක්ෂි

සාරංග දිනක්ෂි කියලා කියන්නේ මේ දවස් වල වැඩි වශයෙන් ම සමාජ මාධ්‍ය  තුළ කතා බහට ලක්වුනු මාතෘකාවක්. ඒකට මූලිකම හේතුව ඔවුන් දෙදෙනා ආදරණීය සිඟිති දියණියගේ දෙමාපියන් බවට පත්වීම නිසයි. ඉතාමත් සතුටින් සාරංග සමඟ යුග ජීවිත ගතකරන දිනක්ෂි කියන්නේ සැහැල්ලුවෙන් නටලා කරලා විනෝදයෙන් ඉන්න කැමති කෙනෙක්.

ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසත් නිවේදිකාවක් විදිහටත් පුංචි තිරයෙන් අපිට දැක බලා ගන්නට අවස්ථාව උදා වුණා. පුංචි කාලේ ඉඳන්ම පවුල් පසුබිම තුළත් ආදරණීය පියා කලාවට සම්බන්ධවීම නිසාත් ඔවුන්ට නිතැතින්ම කලා ලෝකයට දොරගුළු විවර වුණා.

සහෝදරියන් තුන්දෙනෙක් ඉන්න ගෙදර වැඩිමහල් ම දියණිය දිනක්ෂි. විවිධ ටෙලි නිර්මාණවලටත් සිනමා නිර්මාණ වලටත් රංගනයෙන් දායක වූ ඇය කලාවට පැමිණියට පස්සේ එක දිගට සම්මාන හතකට උරුමකම් කියන්නට වාසනාවන්ත වුණා. ඒ පිළිබඳව දිනක්ෂි කිව්වේ අවුරුදු හතක් එක දිගට සම්මාන හතක් ගත්ත නිළියක් මම කියලයි.

මුදල් මත පදනම් නොවී තමන්ට ලැබෙන චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට ඇය දෙපාරක් හිතන්නේ නැහැ. දක්ෂ රංගන ශිල්පිනියක් වගේම මේ වෙද්දි ආදරණීය බිරිඳක් ඒ වගේම ආදරණීය මවක් වන ඇය මනා ලෙස තව කෙනකු තේරුම් ගන්න පුළුවන් ඒ වගේම තම සහකරුවාට සාර්ථක ජීවිතයක් ගත කරන්නට නිතරම උදව් උපකාර කරන කෙනෙක් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.

මේ වෙද්දි  ආදරණීය දියණියව ලැබිලා ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇය ඉදිරියේදී අපිට ටික කාලෙකින් නැවත වතාවක් රංගන ශිල්පිනියක් විදිහට දැක බලා ගන්නට අවස්ථාව උදා වේවි.

සමාජ මාධ්‍ය තුළ නිතරම සාරංග සහ දිනක්ෂිව විවේචනය කළත් ඒ අතරින් ඔවුන්ගේ හොඳ ඒ වගේ මේ පවුල් ජීවිතේ ලස්සන දකින අයත් ඉන්නවා. ඒ වගේ ඉදිරියේදීත්  සතුටින් සහ සමගියෙන් ඉතාමත් සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි සාරංගට සහ දිනක්ෂිට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.