එදා මාව පව් කියලා තමයි වෙළෙඳ දැන්වීමකට ගත්තේ එතකොට මට වයස අවුරුදු දාහතයි
දිනක්ෂි ප්‍රියසාද් කියන මේ රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ. ඇය ගැන ඕනිම කෙනෙක් දන්නවා. ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගත්තු කලාකාරිනියක් නිසා නව පරපුර අතරත් ජනප්‍රිය තරුවක්.
දින්ක්ෂිගේ මුළු පවුලම කලාවත් එක්ක සම්බන්ධයි.ඒ වගේම තමයි නංගිලා දෙන්න නම් කලාවත් එක්ක සම්බන්ධ වුණේ පුංචි කාලේ ඉඳන්.ඒ දෙන්නට ගොඩක් අවස්ථා ලැබිලා තියෙන්නෙ දිනක් සිත වඩා නංගිලා දෙන්නා සූදුවට මහතට හිටපු නිසා කියලා ඇය කියනවා.පාට නිසා හැමදාමත් දිනක්ෂි ප්‍රතික්ෂේප වෙලා. ඉතින් ඇය ඒ අතීතය ගැන නිහතමානීව කිව්වේ මේ වගේ කතාවක්.
“මම පුංචි කාලේ ලස්සනයි කියලා මට දැනිලා නෑ.මගේ නංගිලා දෙන්නා ලස්සනයි සුදුයි.හැමෝගෙම ඇස් ගියේ ඒ අය ළඟට.පුංචි කාලේ එයාලා වෙළඳ දැන්වීම් වලට පවා ගත්තා.ආසයානු සමාජ මතයක් තියෙනවා සුදු කියන්නේ ලස්සන කියලා. සුදු මහත බබාලට වැඩි දෙනෙක් ආදරේ කරනවා ඒ නිසා.ලස්සන කියන රාමුව ඇතුලේ නම් මට පුංචි කාලෙදි මොකුත් ලැබුණේ නැහැ.දවසක් හැමදාම නංගිලා දෙන්නාව වෙළඳ දැන්වීම් වලට ගන්නවා එනිසා අන්කල් මාව පව් කියලා වෙළඳ දැන්වීමකට ගත්තා.එතකොට මට වයස අවුරුදු 17යි.ඊට පස්සේ මට වෙළඳ දැන්වීම් ගොඩකට ආරාධනා ලැබුණා.අද වෙද්දි මම ශේත්‍රයට ඇවිල්ල වසර දහයක්.ඒ වෙනකම්ම මට ප්‍රේක්ෂකයෝ ආදරෙයි”
ඇය අතීතේ වැඩිය ලස්සන උනේ නැති වුණාට අද නම් ගොඩක් ලස්සන තාරකාවක් වෙලා අවසන්.මොනතරම් අභියෝග බාධක තිබුණත් දිනක්ෂි අවසානයේ සඳහන් කළේ ඇය ජීවිතය ජයගත්තා කියන හැඟීම ඇයට අද තියෙනවා කියන දේ. එ වගෙම තමයි මේ වෙද්දි සාරංග දිසාසේකර කියන ජනප්‍රිය රංගන ශිල්පියා සහ ආදරණීය දියණියත් එක්ක තමයි ඇය ජීවිතය ජීවිතය බෙදා ගන්නේ.ඉතින් ඒ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේමු.