මම චුට්ට ඇත්නම් අඬනවා.ආදරේ කරද්දි කෙල්ල නිතරම මං ගැන හොයලා බලන්න ඕනි.දිනේෂ් කියන අමුතු කතාව
සෙංකඩගල නුවරට කියන ගීතය නිසා මේ දවස් වල වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්න ගායකයෙක් තමයි දිනේෂ් ගමගේ කියන්නේ.ඉතාමත් කෙටි කාලයක් තුළ හොඳ නිර්මාණ කිහිපයක් හරහා ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තු ගායකයෙක් විදිහට අපිට මේ සුන්දර ගායකයාව හඳුන්වන්න පුළුවන්.මේ වන විට ප්‍රසංග වේදිකාව තුළ කාර්ය බහුලම ගායකයන් අතර ඉන්න ප්‍රධානම ගායකයෙක් තමයි දිනේෂ් කියන්නේ.
ඔහු නුවරඑළිය ප්‍රදේශයේ හැදී වැඩෙන තරුණයෙක්. ඔහු කියන විදිහට අද වන විට ඔහු සංගීතය තෝරගත්ත නැත්නම් අනිවාර්යෙන්ම නුවරඑළියට වෙලා එළවළු වවන්න එහෙමත් නැත්නම් වගාවක් කරගෙන තමයි ඉන්න වෙන්නේලු.නමුත් සංගීතය තෝර ගත්තු නිසා අද වෙද්දී දිනේෂ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
එ වගෙම තමයි ඔහුගේ ජීවිතයට ආදරණිය සහකාරිය කුත් හම්බ වෙලා ඉන්නවා.ඇය තමයි කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්.හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මේ ආදර කතාව ගැන කිසිම අදහසක් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඉදිරිපත් කරලා තිබ්බෙ නැහැ. නමුත් දිනය සහභාගී වන බොහෝ ප්‍රසංග වලට ශනුද්‍රිත් සහභාගී වෙලා ඔහුට උදව්වක් වෙනවා.ශනූ ගැන නං අපි හැමෝම දන්නවා දිනේෂ් ගැන තමයි අපි ටිකක් අඩුවෙන් දන්නේ. එලෙසම පසුගිය දවසක දිනේෂ් තමන්ගෙ නොදුටු පැත්තක් ගැන ප්‍රේක්ෂකයන් හැමෝටම කිව්වේ මේ වගේ කතාවක්.
“මම ටක් ගාලා අඬනවා පණ්ඩිතයා වගේ කියෙව්වට මට ටක් ගාලා ඇඬෙනවා.ඉක්මනින් මාව රවට්ටන්න පුළුවන් මම කියන්නේ පවුලේ අයට වුණත්.මම ආදරය නිසා ඕනම දෙයක් විශ්වාස කරන කෙනෙක් ඒ හින්දා මට රිදෙනව වැඩියි.ආදරය කරන තැන් වලදී මට ගොඩක් රිදුනා.relationship එහෙක දි වුණත් කෙල්ල මං ගැන පොඩ්ඩක් වැඩිපුර හොයන්න ඕනේ.එහෙම වුනොත් මං රණ්ඩු වෙලා තියෙනවා.මං දන්නවා ඒක සාධාරණ නෑ කියලා.ඇත්තටම ඒක එහෙම කරන්න බෑ කියලත් මම දන්නවා.”
ඉතින් ඔන්න ඔය විදිහට තමයි දිනේෂ් තමාගේ සංවේදීකම සහ ආදරය දිහා බලන විදිය ගැන අදහස ඉදිරිපත් කරලා තිබ්බේ.