Gossip Lanka

තමන් උපන් වාට්ටුවේම හෙදිය සමග අද දින සේවය කරන පින්වන්ත වෙදදුරු

මේ ලෝකයේ හමුවීම් කියන්නෙ ඉතාමත් සුන්දර බැඳීමක්. වසර ගණනාවක් ගෙවී අමතක වී තිබුණත්  හමු වීමක් තුලින් ඒ බැඳීම් යළි ශක්තිමත් කරගන්න ඕනෙම පුද්ගලයෙක්ට පුළුවන්. නමුත් ඒ සොඳුරු හමුවීම් සෑම පුද්ගලයකුගේ ම මතකයේ නැහැ.බොහෝදෙනෙක් වැඩිවියට පත්වීමත් සමගම  මේ සොඳුරු හමුවීම් මතකයෙන් බැහැර කරනවා. නමුත් බැඳීමක සොඳුරු බව හඳුනා ගත් මිනිසුන් කෙදිනකවත් ඒ මතකයන් අමතක කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ මතකයන් නැවත වතාවක් කවදා හෝ සිහිපත් කරන්න ඔවුන් සූදානමින් ඉන්නවා.

ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේත් ඒ ආකාරයේ හරි අපූරු අපූරු මතකයන් සමග හමු වෙච්චි සුන්දර හමුවීමක් පිළිබඳවයි. මේ කතාවේ ප්‍රධාන පුද්ගලයා තමයි අනුරාද බණ්ඩාර අත්තනායක කියලා කියන්නේ. පුංචි කාලේ ඉදන් ඉගෙනීමට දක්ෂ අනුරාධ අධ්‍යාපනය ලබන්නේ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයෙන්.

හොඳින් අධ්‍යාපනය ලබන ඔහු  වාසනාවන්තයෙක් වෙනවා සියලුම දෙනාගේ රෝබිය නසන්නට හැකි වෛද්‍යවරයෙක් වශයෙන් ඉගෙන ගැනීමට සඳහා  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශයට තේරී පත්වෙන්න. එතැන් පටන් හොඳින් අධ්‍යාපනය හදාරා වෛද්‍ය විද්‍යාලයෙන් ඔහු පිටවෙන්නේ ආදරණීය වෛද්‍යවරයෙකු ගේ භූමිකාව අකුරටම ඉටු කරනවා කියන චේතනාව ඇතිව.මේ විදිහට ඔහු වෛද්‍යවරයෙක් වශයෙන් පත්වීම් පත්වීම් අරන් එන්නේ රත්නපුර රත්නපුර ශික්ෂණ රෝහල වෙතට. අනුරාද වෛද්‍යවරයා කියල කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම එක පාරක් දැක්කොත් දකින කෙනාගේ නෙත ගත සිත පිනවන අපූරු රූපයකට හිමිකම් කියන රූමත් වෛද්‍යවරයෙක් කිව්වොත් නිවැරදියි.

ඔහු තුළ තියන මානුෂීය ගතිගුණ ඔහුගේ සුන්දර සිනහව සහ සුන්දර මුහුණේ කැඩපත වගේ. මේ ආකාරයෙන් රත්නපුර රෝහලට පැමිණෙන වෛද්‍යවරයා කුඩා කාලයේ බිළිඳෙකු වශයෙන් මේ රෝහලේම තමයි උපත ලබන්නේ. එදා පත්වීම් අරන් එන ඔහුට හරි අපූරු දෛවෝපගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

ඒ තමයි එදා පුංචි දරුවකු වශයෙන් මේ රෝහලේ උපත ලබන ඔහුව  කැත කුණු අතගාලා හොදින් බලා ගත්තු ආදරණීය  හෙදියගේ මුණගැසීම. අනුරාධ ඉපදෙන කාලයේදී මේ ආදරණීය හෙද මහත්මිය යෞවන වියේ පසුවෙන  තරුණියක්. එදා ආදරයෙන් අත ගාලා හදපු ඒ ආදරණීය දරුවා නැවත වතාවක් ඇය සේවය කරන රත්නපුර රෝහලේ වාට්ටුවේ  අද දින ho වශයෙන් සේවය කරන්නට එකතු වෙලා. එදා යෞවනියක් විදිහට ඔහුව රැකබලා ගත් මේ ආදරණීය හෙදිය අද වන විට ඒ වාට්ටුවේ ලොකු මිස්.ඉතින් බැඳීමක වටිනාකම හිත තුළ  තිබුණු නිසා  අනුරාධ වෙදදුරු ඒ සොඳුරු හමුවීම තමන්ගේ මුහුණු පොත හරහා අකුරු කරන්නේ පහත ආකාරයෙන්.

එකමත් එක කාලෙක මා මේ වාට්ටුවේම බිළිඳෙකු ව සිටි අතර  ඇය යොවුන් හෙදියක්ව උන්නාය. අද මම මා උපන් ඒ සුන්දර වාට්ටුවේ HO ය. ඇය ආදරණීය ලොකු මිස්‍ ය.

බැඳීමක වටිනාකම සියලුම දෙනාට පැහැදිලි කර දුන් මේ ආදරණීය වෙද දුරටත් සෙනෙහෙබර හෙද තුමිය ටත් අපෙ නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු.