Gossip Lanka

හරියටම එමි අම්මා කෙනෙක් වුනේ වෙසක් පෝය දවසේ අප්පච්චි මගේ රත්තරන් දුව කියලා එමීව බදාගත්තා

පුංචි තිරයත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයත් එකසේ ජයගත්තු ආදරණීය දක්ෂ කලාකරුවෙක් තමයි අකිල දනුද්දර කියන්නේ. ජැක්සන් ඇන්තනි සහ කුමාරී මුණසිංහ කියන ආදරණීය කලාකරුවන් දෙදෙනාගේ දෙවැනි දරුවා තමයි අකිල. බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව දන්නවා.

ඉතින් මේ සුන්දර හැඩි දැඩි  කඩවසම් රංගන ශිල්පියා මේ වෙද්දි ආදරණීය සුන්දර විවාහ ජීවිතයක් ගත කරනවා.ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ අකිල තාත්තා කෙනෙක් වෙන්න යනවා කියන දවසේ ඔහුට දැනුණු සතුට සහ ඔහු එදා හැසුරුණු විදිය පිළිබඳව පුවත්පතකට එකතු කරලා තිබුණු අදහස් කීපයක් ගැනයි. අකිල සහ එමී විවාහ වෙන්නේ අවුරුදු ගණනාවක් ආදරේ කරලා. ඒ නිසාම විවාහ වුණු ගමන්ම දරු සිහිනය සැබෑ වෙන්න ඕනි කියන බලාපොරොත්තුවෙන් ඔවුන් ජීවිතය ගත කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට කාලය ගත කරද්දි ඔහු වාසනාවන්ත වුණා උතුම් පිය පදවිය ලබන්න.ඉතින්  එදා තාත්තා කෙනෙක් වෙන්න යනවයි කියලා දැනුන මොහොතේ අකිලට හිතට දැනුනු ආදරණිය හැඟීම පිළිබඳව ඔහු කලකට ඉහත දී පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.

“අම්මෝ එදා තරම් සතුටක් හිතට දැනුනු දවසක් තවත් නැහැ. ඇත්තටම පියෙකු වීමට යනවා කියන ෆීලින් එක හරිම උත්තරීතරයි. ඒ සතුට වචන වලට කියන්න මට වචන නැහැ. මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගෙන අපමණ සතුටු වුණු මොහොතේ මම හිතුවා ඇයි දෙයියනේ මිනිස්සු විවාහයත් සමඟ දරුවන් හැදීම පමා කරන්නේ කියලා.

මමයි එමි විවාහ වුණේ අවුරුදු දහතුනක් ආදරය කරලා. අපි උපරිම  ආදරය විඳපු  දෙන්නෙක් විවාහයත් සමග දරුවෙක් හදන්න ඕනේ කියන මතයේ අපි දෙන්නම හිටියා. ඒ වගේම එමී අම්මා කෙනෙක් වෙන ලකුණු මේ කාලෙදි වෙයි කියලත් මම කලින් හිතාගෙන හිටියා හරියටම වෙසක් පෝය දවසේ  එයා අම්මා කෙනෙක් වෙන්න යන බව නිවරදිව තහවුරු වුණේ.

පණිවිඩය දැනගත්ත ගමන් මම අප්පච්චි ගාවට දුවගෙන ගිහින් අප්පච්චි කියලා හයියෙන් කියනකොටම අප්පච්චි බය වෙලා ඇයි මගේ පුතේ කියලා අහලා තප්පර ගානකින් එයා මගෙ රත්තරන් දුව කියලා එමීව බදාගත්තා  මම වචනයක් වත් කිව්වේ නැහැ. අම්මත් ඒ වගේම සතුටින් අපි දෙන්නාවම බදාගත්තාමම මුල ඉඳලම කියපු දෙයක් තමයි මට ලැබෙන පළමු දරුවා ගැහැනු දරුවෙක් කියන එක. ඒක හරියටම හරි එමිගේ උපන් දිනේ දවසේ අපේ කුසේ දුවෙක් ඉන්නවා කියලා හරියටම අපි දැනගත්තේ. අක්කා මුලින් දැනගෙන අපි දෙන්නට කිවුවෙ නැහැ උපන්දිනේ දවසේ අපි දෙන්නව ඒ පණිවිඩයෙන් පුදුම කරා”

ඉතින්  එදා ඒ ලැබුණු සුබ පණිවිඩය හරහා  ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට හුරතල් සිඟිති දියණියක් එකතු වෙනවා. ඒ කාලය අතරතුර දී අකිල  එමීද ගොඩක් ආදරෙන් පරිස්සමින් බලාගෙන තියෙනවා. ඒ වගේම තමයි පවුලෙන් සියලුම දෙනාගෙන් ඇයට ආදරය රැකවරණය ලැබෙනවා. ඒ නිසා මේ සුන්දර කාලය නිදහසේ විනෝදයෙන් ගත කරන්න ඒමී වාසනාවන්ත වුණා.  

අකිල හිතපු විදිහටම ආදරණීය දියණියක් ඔහුට ලැබෙනවා. ඉතින් මේ සිඟිති දියණියත් එක්ක  ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගතකරන්නට ඔවුන් දෙදෙනාටම හැකියාව ලැබේවා කියා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරන්නෙමු.