Gossip Lanka

මුලින් අපේ ආදරේට ගෙදරින් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ ප්‍රශ්න ගොඩක් ආවා

ප්‍රවෘත්ති නිවේදනය තුළින් සුවහසක් ලාංකිකයන්ගෙන් සිත් සතන් වශී  කර ගත් රූමත් සුරූපී තරුණියක් තමයි ෆාතිමා නස්රින් කියලා කියන්නේ. පසුගිය දවස්වල ඇය පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තේ ෆාතිමා ගේ විවාහ මංගල්‍යය නිසයි. ඇය උපතින් මුස්ලිම් තරුණියක් වුණත් විවාහ වෙන්නේ  සිංහල කොල්ලෙක් එක්ක.

මේ විවාහ වෙන පුද්ගලයා හරිම විශේෂ කෙනෙක්. ඔහුත් තමන්ගේ මියුරු කටහඬ තුළින් සුවහසක් ලාංකිකයන්ගේ  හදවත් සොරා ගත් ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහට කටයුතු කරන මධුෂාන් ද සිල්වායි. ප්‍රේම සම්බන්ධතාවයක් මත මේ ආදරණීය යුවල 2019 දෙසැම්බර් මස තමයි විවාහ ජීවිතය ආරම්භ කරන්න පටන් ගන්නේ.

ඉතාමත් ආදරයෙන් මේ වෙද්දී සාර්ථක යුග ජීවිතයක් ගතකරන ෆාතිමා තමන්ගේ ආදරණීය සැමියා පිළිබඳ ව අදහස් දක්වන්නෙ මේ විදිහටයි.

මුල් කාලේදී නම් මධුෂානුයි මායි හොඳ යහළුවෝ. ඉතින් ඒ යාළුකම දන්නෙම නැතුව ආදරේකට පෙරළුනා. එය දැනට අවුරුදු දෙකහමාරකට විතර කලින්. අපි දෙන්නා සේවය කරන්නේ එකම ක්ෂේත්‍රයක නිසා ඒක මගේ හිතට ලොකු සහනයක්. ඒ හින්දා අපිට අපි ගැන තේරුම් ගන්නත් ගොඩක් පුළුවන්.ඒ නිසා වෙන්නැති අපි දෙන්නා අතර ප්‍රශ්න ඉතාමත් අඩුවෙන් ඇති වෙන්නේ.

සාමාන්‍යයෙන් මුස්ලිම් කෙල්ලක් සිංහල කොල්ලෙක් බඳිනවා කියලා කිව්වහම ගොඩක් දෙමව්පියෝ ඒ පිළිබඳව සිය දහස් වතාවක් හිතනවා. ඉතින් මේ දෙන්නටත් ඒ වගේ තත්වෙකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ පිළිබඳව ෆාතිමා අදහස් දැක්වූයේ මේ විදිහටයි.

මුල් දවස් වල ගෙවල් දෙකේම අපේ  ආදරේට කැමැත්ත ගන්න ගොඩක් අමාරු උනා. මොකද අපි දෙන්නා ආගම් දෙකක නේ. ඒ දේවල් අපි ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.

මධුෂාන් තමන්ගේ ආදරණීය බිරිඳ වන ෆාතිමාට හදවතින්ම ආදරය කරනවා. ඔහු සඳහන් කරන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ බොරු ආටෝප නැතුව සරලව ජීවිතය ගතකරන කෙනෙක් කියලයි. ඒ වගේම ඇය ගැන ඔහුගේ හිතේ විශාල බැඳීමක් සහ ආදරයක් තියෙනවා කියලත් සඳහන් කළා.

ඒ වගේම ඔවුන් දෙදෙනා කිසිම භේදයක් නැතුව පන්සල් පල්ලි ගිහින් තමන්ගේ ආගමික වතාවත් ඉටු කරන්නත් අමතක කරන්නේ නැහැ. මුලින් දෙමවුපියන්ගේ කැමැත්ත ලබා ගන්න ගොඩක් අපහසු වුණත් පසුකාලයේ දී මේ දෙන්නගෙ ඉතාමත් සුන්දර ආදරය පිළිබඳව ඔවුන් වටහා ගන්න ඇති.

එනිසාම අද වෙද්දි විවාහ වෙලා ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරන්න ෆාතිමා ට සහ මදුශාන්ට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ සුන්දර ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.