Gossip Lanka

නම කියූ පමණින් මුළු රටක්ම හඳුනන කෙනෙක් බවට පත් වෙනවා – ෆැලන් ඇන්ඩ්‍රියා

ෆැලන් ඇන්ඩ්‍රියා කියන නම අද වෙනකොට බහුතරයක් දෙනා දන්න සහ කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා තිබෙනවා. ඊට හේතුව ඇය රියැලටි තරඟාවලියක් හරහා ඉදිරිපත් වුණු විශාල පරාසයක කටහඬක් හිමි අපූරු ගායන ශිල්පිනියක් නිසාවෙන. ඉතින් ඇය පසුගිය දවසක පුවත්පතක් සමඟ සම්බන්ධ වෙලා ඇගේ මේ දවස් වල විස්තර පිළිබඳවත් අලුත් වැඩ කටයුතු පිළිබඳවත් කතා කරලා තිබුණා.

 ඇය කියන විදිහට අතපසු වුන වැඩ මේ දවස් වල නැවතත් අරඹලා තිබෙන නිසා යම් කාර්ය බහුලතාවයක් මේ දවස් වල තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් අලුත්ම ගීත කිහිපයක් කලත් ඒවා එළි දැක්වීමට අවස්ථාවක් ලැබුණේ නැහැයි කියලත් සඳහන් කරනවා. නමුත් වැඩසටහන් කිහිපයක දී ම ඇයට ඇගේ ගීත ගායනා කරන්නට අවකාශය ලැබුණා කියන කාරණාවක් සඳහන් කරලා තිබුනා

 අද බොහෝ දෙනා කියන කතාවක් තමයි තරු විදිහට කලා ලොවට ඇවිල්ලා ඉන්න ගොඩක් දෙනා ටික කාලයකින්  නිවිලා යනවා කියන කාරණාව.. නමුත්  ෆැලන් සඳහන් කරන්නේ එය තමන්ගේ අතේ තියෙන කාරණාවක් බව.. තමන්ගේ අලුත් නිර්මාණ තුළින් තමයි ඔවුන්ට එම තරු ගුණය  ඉදිරියට පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔවුන් අලුත් නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළේ නැත්නම් සහ ඒවා ප්‍රේක්ෂකයින් ආදරයෙන් බාර ගත්තෙ නැත්නම් ඔවුන්ට කලාවේ ඉදිරි ගමනක් යන්නට බැහැයි කියන කාරණාව ඇය සඳහන් කරල තිබුණා.

 ඇය පිළිබඳව තවත් බොහෝ දෙනෙක් කතා කරපු කාරණාවක් වෙන්නේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ දී ඇයගේ ප්‍රතිවාදී තරගකාරිය මාධ්‍යයක සඳහන් කරපු ප්‍රකාශයක් නිසාවෙන්. ඇයට තරගයක් තිබුණේ තුන්වෙනියා  සමඟ කියලා ඇය එහිදී සඳහන් කරල තිබුණා. ඉතින් මේ කියන කාරණා වලට ලොකු බලපෑමක් ඇති කරේ නැහැයි කියලා තමයි  ෆැලන් සඳහන් කරන්නේ. එයට හේතුව මෙම තරඟය සඳහා ඇයට අවශ්‍ය වෙලා තිබුණේ අවසාන තරගයට මුහුණ දෙන්නටලු. ඉතින් පුංචි කාලේ ඉඳන් දුටු සිහිනයක් තමයි ඇයට එසේ ඉටු කරගන්නට හැකියාව ලැබිලා තිබෙන්නේ.

 කොහොම වුණත් අවසාන තරගයේ ජයග්‍රහණය ලබන්නට  ගොඩක් වාසනාවන්ත වුණා කියන කාරණාවත් සඳහන් කරලා තිබුනා. ඩ්‍රීම් ස්ටාර් තරඟයේ දී වගේම තවදුරටත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔවුන්ට ලොකු පිටුවහලක් ලැබෙනවා කියන කාරණාව  සදහන් කරනවා. එත් එක්කම ඇය සඳහන් කර දෙයක් තමයි ඇගේ ලොකුම හීනය වෙන්නේ ලොකු පිරිසක් ඉදිරියේ ගීත ගායනා කිරීම. එයට දොර විවෘත වෙලා තිබෙනවා කියන අතරම සංගීත ක්ෂේත්‍රය තුළ ඇගේ නම කියූ පමණින් මුළු රටක්ම හඳුනන කෙනෙක් බවට පත් වෙන්නට සහ ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තු වෙනවා කියලත් සඳහන් කරනවා.

 බොහෝවිට රියැලිටි තරගවලින් පැමිනෙන ගායිකාවන් ගායකයන් ගායනා කරන්නේ ප්‍රවීණයන්ගේ ගීත නමුත් සහ ඇය කියන දෙයක් තමයි වේදිකාවක් තුළ දී තමන්ගේ ගීතයක් ගායනා කිරීමට ඉල්ලීම් කරන බවත් නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් ඇතැම් විට ප්‍රවීණ ගායකයන්ගේ ගීත ගායනා කරන්නට ඉල්ලීම් ලැබෙන අතර ඒවා ඉෂ්ට කරන්නටත් ඔවුන් බොහොම ආදරයෙන් යොමුවන බව සඳහන් කෙරෙනවා.

 කොහොම වුණත්  ෆැලන් කියන්නේ වෙනස් විදියේ කටහඬක් තිබෙන ලංකාවේ මෑතකදී බිහි වුණේ නැති හඬක් තිබෙන ගායිකාවක්. ඉතින් ඇය අලුත් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන්ට අලුත් වැඩක් ඉදිරිපත් කරන්නට යොමු වෙයි කියන කාරණාව අපි බලාපොරොත්තු වෙනවා සහ ගායිකාවක් විදිහට ක්ෂේත්‍රයේ ඉහලට යන්නට  ප්‍රාර්ථනා කරනවා.