Gossip Lanka

චතුරිකා දරුවා කුසට ආපු දවසෙ ඉදන් කෑවේ මං හදලා දීපු බතුයි ව්‍යංජනයි ගයාන් වික්‍රමතිලක කියන අපූරු කතාව

පිය සෙනෙහස කියලා කියන්නේ මේ ලෝකෙ ප්‍රබලම සෙනෙහස කිව්වොත් නිවැරදියි. පිය සෙනෙහසට කවි ගී ලිය වුණේ නැතත් ඒ සෙනෙහස ගැන වචන කරන්නට හෝඩියේ අකුරු මදි. ඒ තරම්ම තමන්ගේ දරුවන්ට මේ ආදරණීය පියවරුන් හැමදාට ම හදවතින් ආදරේ කලා. ඉතින් ඒ වගේම තමන්ගෙ ආදරණීය දියණියට පණවගේ ආදරේ කරන රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ.

ගයාන් කියලා කියන්නේ කොහොමත් දරුවන්ට ආදරේ කරන කෙනෙක්. ඔහුගේ කලින් කසාදෙ ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා. මේ දරුවන් දෙන්නම පිරිමි දරුවන්. ඉතින් චතුරිකා පිරිස් සමග ගයාන් විවාහ වුණාට පස්සේ ඔවුන් දෙන්නට හම්බ වෙන්නේ ආදරණීය සිඟිති දියණියක්. පුතාලා දෙන්නෙක් හිටපු නිසා දියණියකගේ පැමිණීම අපේක්ෂා කරාද කියලා අහපුවාම ගයාන් දුන්නේ ඒ අවස්ථාවේදී පහත ආකාරයේ පිළිතුරක්.

මම දරුවන්ට හරිම ආදරෙයි. කවුරු ඉපදුනත් ආදරයෙන් පිළිගන්නවා කියලා හිතුවත් චතුරිකාගේ කුසේ වැඩෙන්නේ දියණියක් කියලා දැන ගත්තහම හිතට මහා සතුටකුත් එක්ක ලොකු වගකීමක් දැණුනා. ඇත්තටම ඒ පණිවිඩය දැනගත්ත වෙලාවේ හිතට දැණුන දේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. හරිම ආදරණීය වගේම හරිම හැඟුම්බරයි.

ඉතින් ගයාන්ට සිඟිති දියණිය ව මේ ලෝකයට උපත ලබද්දී ඒ සතුට දෙගුණ තෙගුණ වෙලා දැනුණා කියලා සදහන් කලා.  ඔහු සඳහන් කරන්නේ පුංචි දුව චතුරිකා වගේ චතුරිකාගේ රූපය ඒ වගේ ම ඒ ගතිගුණ එක්ක හැදෙනවා නම් ගොඩක් කැමතියි කියලයි. 

ඉතින් දරුවෙක් ලැබෙන්න ඉද්දී ගොඩක් දෙනෙක්ට නොයෙක් ආකාරයේ ආසාවන් හිතට දැනෙනවා. මේ විදිහට චතුරිකා දරුවා ලැබෙන්න ඉද්දි වඩාත්ම කැමැති වුණේ මොනව කන්නද කියලා අහපුවාම ගයාන් දුන්නේ අපූරු පිළිතුරක්.

කිව්වට විශ්වාස කරයිද දන්නෑ චතුරිකා දරුවා කුසට ආපු දවසෙ ඉඳලම ආසාවෙන් ඉල්ලුවේ එයාට මගේ අතින් කෑම උයලා දෙන්න කියලා. wedding වලට ගියත් කෑම ගැනීමට එළියට ගියත් කොටින්ම රාජභෝජන තිබුනොත් එයා නිතරම කන්න කැමති වුනේ මම උයන බත් ව්‍යංජන ටික තමා. මම උයද්දී තෙල් මිටි කිරි පාවිච්චි කළේ හරිම අඩුවෙන්. ඒ නිසාම පෝෂණයෙන් ඉහළ ගුණාත්මක බවින් වැඩි රස කෑමක් ඇයට මම නිතර ලබා දෙන උත්සාහ කරා.

ඒ විදිහට අදහස් දක්වන ගයාන් කියන්නේ ඇය රස කර කර කෑම කද්දී ඔහුට ගොඩක් සතුටු හිතුනා කියලයි. මේ වෙද්දි ගයාන් කියන්නේ ආදරණීය දරුවන් තුන් දෙනෙක්ගේ පියෙක්. ඒ කලින් කසාදේ දරුවන් දෙදෙනාත් එක්ක. ඉතින් ඉදිරියේදී ඒ දරුවන් දෙදෙනා සහ දියණිය එකට එකතුවෙලා සහෝදරයෝ වගේ ඉන්න එක ගයාන්ගේ එකම අරමුණ කියලා තමයි ප්‍රකාශ කළේ.

දරුවා ලැබෙන්න ඉන්න කාලේ ඉඳන්ම හොඳ ගති ගුණවලින් පිරි දරුවෙක් ලබන්නට ඕන නිසා හැමදාම මාසෙකට වරක් හෝ දෙවරක් ඔවුන් දෙන්නා එකතුවෙලා බෝධි පූජා තියනවා. ඒ වගේම හැමදාම රෑට පිරිත් අහන්නත් අමතක කරේ නැහැ. ඉතින් ආදරණීය දියණියන් සමග ඉතාමත් සොඳුරු ජීවිතයක්  ගතකරන මේ සුන්දර කලා තරු යුවළ ගේ සොඳුරු කැදැල්ල දිනෙන් දිනම දියුණු ඒවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.