Gossip Lanka

මාව සංගීත ක්ෂේත්‍රයෙන් කවුරු අයින් කරත් ඒ බැඳීම ආදරය නැති කරන්න බැහැ

ගායන ලෝකය තුළ කලකට ඉහතදී නවක ගායක ගායිකාවන් රැසක් බිහි වෙන්න පටන් ගත්තා. විවිධාකාරයේ රූපවාහිනී ආයතන මගින් සංවිධානය කරපු රියැලිටි තරගවලින් තමයි මේ ආකාරයේ ගොඩක් තරු  බිහි වෙන්න පටන් ගත්තෙ. ඒ විදිහට නොයෙකුත් යෞවන කලාකරුවන් කලා ලෝකයට දායාද වෙද්දි වෙද්දි ඒ අතරින් එදා හිමිකරගත්ත ජනප්‍රියත්වය අදටත් හිමිකරගෙන ක්ෂේත්රය තුළ වැජඹෙන දක්ෂ ගායකයෙක් තමයි ගයන්ත විජේරත්න කියන්නේ.

ඔහු ගැන කතා කරද්දි රවුම් කඩේ ලග ඉදගෙන ඉන්නම් ගීතය හරහා තමයි බොහෝ දෙනෙක් ගයන්තට ආදරේ කරන්න පටන් ගත්තෙ. ඉතින් මේ සුන්දර කලාකරුවා නොයෙකුත් ආකාරයේ නව නිර්මාණයන් එක්ක ප්‍රේක්ෂකයන් හමුවට එන්න කාලෙන් කාලෙට උත්සාහ දරනවා

 සෑම පුද්ගලයකුගේම ළමා කාලය ගැන කතා කරද්දී ඔවුන්ට තියෙන්නෙ විවිධාකාරයේ වූ සුන්දර අත්දැකීම් ඒ වගේම විවිධාකාරයේ සුන්දර මතක සටහන්. ඉතින් ගයන්තගේ පෞද්ගලික ජීවිතේ ඔහුට මතක ළමා කාලය ගැන කතා කරද්දී ඒ විදිහට සුන්දර අත්දැකීම් රැසක් ඔහුත් ලබලා තියෙනවා. ඒ පිළිබඳව කලකට ඉහතදී පුවත්පතකට ගයන්ත කිව්වේ මේ වගේ කතාවක්.

“පුංචි කාලෙට යන්න අවස්ථාවක් ආවොත් මට තේරෙන පුංචි වයසට තමයි මම යන්න  කැමතියි මොකද එහෙම වුනොත් මම 4 වසර පහ වසර පන්තියේ ඉගෙනගත්ත කාලෙට යන්න ආසයි. ජීවිතයේ මම නිදහසේ ම හිටියේ සුන්දර කාලේ ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම නිදහසේ හිටියා. මගේ ගම මාවතගම. මගේ යාළුවෝ එක්ක මම මීට වඩා හරි සුන්දර කාලයක් ගත කරා ඒ කාලේ. මගේ අම්මා ගුරුවරියක් මගේ අත්තම්මත් ගුරුවරියක් අපි බොහෝ දේවල් ගෙවල්වලින් ඉගෙන ගත්තා. අත්තම්මා අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. එයා සරුංගල් හදන හැටි පවා අපිට කියලා දුන්නා ඒ හැමදේම එක්ක හරි සුන්දර ළමා කාලයක් මම ගත කලා”

ඒ විදියේ සුන්දර ළමා කාලයක් ඔහු ගත කරපු නිසා වෙන්න ඇති මේ විදිහට සොඳුරු කලාකරුවෙක් වෙන්නත් අවස්ථාව ලැබුණේ. ඉතින් ගයන්ත ගීත ගායනයට විතරක් දක්ෂ කෙනෙක් නෙවෙයි ඔහුටත් ආවේණික වූ සුවිශේෂී හැකියාවන් රැසක් තියෙනවා. ඔහු පරිගණක ක්ෂේත්‍රයේ මෘදුකාංග තාක්ෂණික අංශ ආදී දේවල් වලින් ඉගෙන ගන්න ආසා වෙච්ච කෙනෙක්. ඒ වගේම චිත්‍ර අඳින්නත් ගයන්තට ලොකු හැකියාවක් තියෙනවා කියලා ආරංචියි.

ඉතින් සංගීත ජීවිතය කරගත්තු මේ සුන්දර කලා කරුවාට කවදා හරිම දවසක සංගීත ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණොත් ඒක මොන විදිහටද දැනෙන්නෙ කියලා අහපුවාම ඔහු කිව්වේ මාව කවුරුන් හෝ කෙසේ හෝ සංගීත ක්ෂේත්‍රයෙන් අයින් කරත් ඒ සංගීතයත් එක්ක තියෙන බැඳීම ආදරය කවදාවත් නැති කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියන දේයි.

ඉතිං මේ සුන්දර කලාකරුවත් සංගීතයත් එක්ක ඒ තරම්ම ළැදියාවක් දක්වන කෙනෙක් මේ දිනවල අලුත් නිර්මාණ කිහිපයක් අතරින් ඔහු ප්‍රේක්ෂකයන් හමුවට එන්නත් සූදානමින්. ඉතින් ඒ වැඩ කටයුතු දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.