මට එයාව ගෙදර දාලා කොහෙවත් යන්න බෑ ෂූටිං ඉවර වුනු ගමන් මම ගෙදර යනවා
හර්ෂණ බෙත්මගේ කියන්නේ ඉතාමත් ලාබාල අවධියේ දී ම කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම තමයි කාලයක් තිස්සේම ඔහු පුංචි තිරය ටෙලි නාට්‍යයත් එක්ක එකතු වෙලා හිටියත් පසුගිය කාල සීමාවේදී නම් වැඩි වශයෙන් අපිට හර්ෂණගෙ රංගනයන් දකින්න ලැබුණේ නැහැ.
හැබැයි නැවත වතාවක් ඔහු ඔන්න කලාවත් එක්ක සම්බන්ධ වෙලා.ටික කාලයක් කලාවෙන් ඔහු විරාම අරගෙන හිටියේ පෞද්ගලික ජීවිතය සිද්ද වෙච්චි යම් යම් සිදුවීම් නිසා.ඒ වගේම තමයි කොයි කවුරුත් දන්නවා මීට අවුරුදු කිහිපයකට කලින් ඔහු විවාහ වුණේ ක්ෂේත්රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්චි වොල්ගා කල්පනී සමග කියන්න.
හැබැයි මේ වෙද්දි දෙන්නම මේ වෙද්දි වෙන්වෙලා ඉන්නේ.ඒ විවාහ ජීවිතයෙන් වෙන් උනාට පස්සේ හර්ෂණ නැවත වතාවක් ආදරණීය තරුණියකට ආදරේ කලා.ඔහුගේ බිස්නස් වැඩ කටයුතු කරද්දි තමයි හර්ෂණට ඇයව හම්බ වෙන්නේ.අද වෙද්දි ආදරණීය පියෙක් සහ මවක් වන මේ දෙදෙනාම ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා කියන්නත් කවුරුත් දන්නවා.මේ විදියට හැමදාමත් සතුටින් ඉන්න හේතුව තමයි දෙන්නා තුලම තියෙන විශ්වාසය සහ ආදරය. ඉතින් බිරිඳට තියන ආදරේ ගැන හර්ෂණ කිව්වේ මේ වගේ කතාවක්
“බිරිඳව ගෙදර දාලා තනියම මට ඉන්න බැහැ.එයා නැතුව ජීවිතය මට පාලුයි ඒ නිසා ෂූටිං ඉවර වුනාද මම ගෙදර.එයා මගේ හෙවනැල්ල වගේ එච්චරටම මම එයාට ආදරෙයි.එයාට මා වගේම මට එයාව නැතුව දවසක්වත් මොහොතක්වත් ඉන්න බැරි තරම් පාළුවක් දැනෙනවා.ඒක හරි පුදුම දෙයක් ගෙදර ඉන්නකොට ගෙදර සෑම වැඩක්ම එකට එකතු වෙලා අපි කරනවා.එයාට හරිම රහට උයන්න පුළුවන්.එයා හදන බිරියානි එක තමයි මම මෙතෙක් කාපු රසම බිරියානි එක. එයාට පුදුමත් ගුණයක් තියෙන්නේ”
තමන්ගේ ආදරණීය බිරිඳ ගැන හරිම ආඩම්බරයෙන් හර්ෂණ ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ.ඉතින් තවත් බොහෝ කාලයක් මේ විදිහටම ආදරෙන් සතුටින් ජීවිතය ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නේමු