තව මාස තුනකින් මම ලංකාවෙන් යනවා.මම මගේ සැමියා ඉන්න කටාර් වලට තමයි යන්නේ
පුංචි තිරයේ දඟකාර හැඩකාර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසංගා කියන්නේ.ඉතාමත් ලාබාල අවධියේ දි කලාවත් එක්ක සම්බන්ධ වන ඇය සුජාතා ටෙලි නිර්මාණය හරහා තමයි ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ.හර්ෂි කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් දේවල් කරන කෙනෙක්. මේ වෙද්දි අයගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඒ කියන්නේ කොටට කොන්ඩෙ කපලා ලස්සණ ටැටූ දාහතරක් කරලා ඇය ආසාවෙන් හිටපු සංගීතය පැත්තටත් අවධානය යොමු කරන්න හර්ෂි තීරණය කරලා.
ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි රංගන ශිල්පිනියක් වෙච්චි ඇය ගායිකාවක් වෙන්න තීරණය කළේ ඇයි කියන දේ.ඉතින් ඒ සම්බන්ධයෙන් අහපු අහපුවාම හර්ෂි කිව්වේ මේ වගේ කතාවක්.
මං පුංචි කාලෙ ඉදන්ම ගායනයට කැමැත්තෙන් හිටියේ රංගනය කියන්නේ මට දෙයියො දුන්නු තෑග්ගක් වගේ.ලංකාවේන් යන්න ඉන්න නිසා මට ඉදිරියේදී රංගනයට වෙන් කරන්න කාලය නැති වෙයි. හැබැයි ගායන කටයුතු මට කොහේ හිටියත් කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මම චූටි කාලෙ ඉඳන් කැමැත්තෙන් හිටිය දේ කරන්න කාලය හරි කියලා හිතුනා.”
ඒ විදියට අදහස් දක්වන හර්ශි පසුගිය කාලය ඇය ආදරේ කරපු ආදරණීය පෙම්වතා සමඟ විවාහ ගිවිස ගත්තා.ඒ වගේම තමයි ඇය ලංකාවේ කලාව අතහැරලා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස්ගත වෙන්න තීරණය කරනවා කියලත් සඳහන් කළා යන්නේ කවද්ද කොහෙටද යන්නේ කියලා ගොඩක් දෙනෙක් අයගෙන් අහලා තිබ්බ නිසා ඒ හැමෝටම ඒ ගැන හර්ෂි කිව්වේ මේ වගේ කතාවක්.
“තව මාස තුනකින් මම ලංකාවෙන් යනවා.මගේ සැමියා ඉන්න කටාර් වලට තමයි යන්න ඉන්නේ. සාමාන්‍ය පෙළ කරපු ගමන් තමයි මම ඉදිරි අධ්‍යාපන කටයුතුවලට ලංකාවෙන් යන්න හිටියේ.ඒත් ලංවී ටෙලිනාට්‍ය රූගත කිරීම් නිසා මට ලංකාවෙන් යන්න බැරි වුණා.තව කල් දාන අවශ්‍ය නැහැ දැම්මට මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගන්න යන්න පුළුවන්.අධයාපන කටයුතු කරන ගමන් ගායන කටයුතුවලට කාලය වෙන් කරන්නත් පුළුවන්”
හර්ෂි තමන්ගේ ඉදිරි අනාගත වැඩකටයුතු ගැන ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ ඉතින් ඇයගේ ඒ බලාපොරොත්තු සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර ගන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු