Siri Lankawa

Web Postal

මම සාමාන්‍ය පෙළ ඉවර වෙලා මාස හතරකින් පළවෙනි ටැටු එක ගැහුවා-  හර්ෂි රසංගා 

පුංචි කාලේ ඉඳන්ම කලාවට ආධුනික රංගන ශිල්පිනියක් නොවුණා ඇයට ගොඩක් දෙනෙක් මේ දිනවල ආදරේ කරනවා.ඒ වගේම තමයි ඇය පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණයන් හරහා අපිට දැක බලා ගන්නත් අවස්ථාව උදා වෙලා. එදා සුජාතා ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු  ඇය පුංචි තිරයේ පෙම්වතියගේ චරිත රැසක් මේ වනවිට නිරූපණය කරලා තියෙනවා.

ඒ වගේම තමයි පසුගිය රයිගම් සම්මාන රාත්‍රියේදී නැඟී එන රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමි කර ගත්තු ඇය කලාව තුළ ජනප්‍රිය වේගන එද්දි ලංකාව අතහැර යන්න සූදානමක් තියෙනවා කියලත් ආරංචි වුණා.ඒකට හේතුව ඇය කලකට කලින් විවාහ වුනා ඒ මාස කීපයක් දැනහැඳින ගත්තු ආදරණීය පෙම්වතත් එක්ක.

එහෙම විවාහ වෙච්ච ඇය සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය නතර කරපු නිසා ඇය තීරණය කරනවා විදෙස්ගත වෙලා ඇය කැමති අංශයකින් උපාධිය හදාරන්න.මේ විදිහට ඇය විදෙස් ගත වෙන්නේ කටාර් රාජ්‍යයට. මේ රටේ තමයි ඇයගේ ස්වාමිපුරුෂයා ඉන්නේ ඒ නිසා එහෙ ගිහින් අධ්‍යාපන කටයුතු කරනවා කියලත් ඇය සඳහන් කළා.

ඒ කාලය තුළ නම් කලාව මග හැරෙන නිසා ඇයට ලස්සන සින්දු කියන්නත් පුළුවන් හින්දා හර්ෂ තීරණය කරලා තියෙනවා සංගීතය පැත්තට වැඩිදුර අවදානය යොමු කරන්න.සංගීත වැඩකටයුතු වැඩ කටයුතුත් එක්ක විදෙස්ගත වෙලා අධ්‍යාපනය හදාරන්න තීරණය කරන ඇය තව ඉතාමත් නොබෝ දිනකදී විදෙස්ගත වෙනවා කියලා තමයි ප්‍රසිද්ධියේ සඳහන් කරලා තිබ්බේ.

ඒ වගේම ගොඩක් අය දන්නව හංසි කියන්නේ ලස්සනට අඳින්න ලස්සනට ටැටු කරන්න ගොඩක් ආස කෙනෙක්. ඇය කරන විලාසිතා ගැන ඇය කිව්වා මේ වගේ කතාවක්.

“මම පැෂන් වලට කැමතියි හැබැයි මම පැසන් කරන්නේ මට පහසු නම් විතරයි ෆැෂන් එක කියලා අමාරුවෙන් ඇඳන් ඉන්න ඇඳුම් මම තෝර ගන්නෙ නැහැ. මගේ ඇගේ දැන් ටැටු 11 තියෙනවා.මම සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා මාස හතරකින් පළවෙනි ටැටු එක ගැහුවා.මගේ මේ ටැටු 11ම මගේ ජීවිතේට මොනයම් මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ දේවල්. මගේ පළවෙනිලවෙනි ටැටු එක කලෙ මගෙ වයසෙම වගේ ගර්ල් කෙනෙක් එයාට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබ්බෙ නැහැ tattoo ගැන.දැන් මගේ ටැටු කරන්නේ පානදුරේ ඩෙවිල්ස් ටැටු එකෙන්.පරණ ටිකත් එයා පුළුවන් විදිහට නැවත හැදුවා ඒත් එක ටැටූ එකක් තියෙනවා  මගේ ලග්නේ ගහපු ටැටු එක. ඒක කොච්චර හැදුවත් ඒකෙ අඩුපාඩු හදන්න අමාරුයි.”

ඉතින් ඇය කරන විලාසිතා ගැන ඒ විදියට තමයි කිව්වේ.විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්න ඇයට නැවත වතාවක් ලංකාවේ කලාවත් එක්ක එකතුවෙන්න වරම් ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *