මූලින් අපේ සම්බන්ධයට ගෙදරින් කැමැති වුණේ නැහැ පස්සේ එයාල කැමති වුණා දැන් හැමෝටම වඩා එයාට ආදරෙයි
වේදිකාව හරහා පුංචි තිරයත් රිදී තිරයත් ජය ගත්ත මේ සුන්දර කලාකාරිනිය ගැන ඕනෙම කෙනෙක් දන්නවා. ඇය නමින් හෂිනිකා කරලියද්ද.නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය හරහා පසුගිය කාලසීමාවේදී ඇයගේ විශිෂ්ට රංගනයක් අපිට බලන්නට අවස්ථාව උදා වුණා.
ඊට අමතරව අරුන්දතී,කබල් ජෝඩුවක්,හොරු සමග හෙළුවෙන් වැනි වේදිකා නාට්‍ය රැසකටද ඇය රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.රංගන ශිල්පිනියක්ද අමතරව හසිනි කාට හරි අපූරු දක්ෂතාවයක් තියෙනවා ඒක තමයි හොන්ඩා කැවීමට කෑ වීමට ඇති හැකියාව. ඇයට ඒ සඳහා අවස්ථා උදා වෙච්ච ආකාරය පිළිබඳව ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“ඇත්තටම ඒක අහඹු සිදුවීමක්.මම එයාට කියන්නේ සුදු නංගි කියලා එයා හඬ කැවීම් ක්ෂේත්‍රය ඒ වෙද්දි හිටිය කෙනෙක්.එයා හරහා මට සිරස නාලිකාවට සම්බන්ධ වෙන්න ලැබුණා.ඇත්තටම කෙනෙක් මාව හඬකැවීම් ශිල්පිනියක් කියලා හඳුන්වන කොට මට සතුටුයි.ගොඩක් අය මගේ කටහඬින් මාව අදුනගෙන තියෙනවා ඒ ගැන මට හරිම සතුටුයි”
ඒ වගේම තමයි ඇය කොළඹට වැඩමුළුවකට සම්බන්ධ වෙන්න ආවට පස්සෙ තමයි රඟපාන්න අවස්ථාව උදාවෙන්නේ.ඒ විතරක් නෙවෙයි ජීවිතයේ සහකාරිය මුණ ගැහෙන්නෙත් මේ කලා කටයුතු අතර තුළදී.හැබැයි ඒක හරිම සුන්දර සිදුවීමක්.එය අතීතය ගැන හචනි කා කිව්වේ මේ වගේ කතාවක්.
“මම පස්සෙ කේ කොළඹ ඉඳලා කුරුණෑගල ගියා මගදී පාරවල් වහලා බස් බස්වලින් බහින්න සිද්ධ වුණා. එතන මල්ලී කෙනෙක් හිටියා එයා මගෙත් එක්ක කතා කලා මම හොඳින් කතා කළා.අපි බස් එකෙන් බැහැලා පයින් ගියේ මම නුවර බස් වල තමයි යන්නේ මම යන බස් එකේ මේ මල්ලිත් නැග්ගා.
ඊට පස්සේ මල්ලි මගේ නම්බර් එක ඉල්ලුවා මම මගේ බෝඩිමේ නම්බර් එක දුන්නා.ඊට පස්සේ ටික දවසකින් මට කෝල් එකක් එනවා මතකද මාව අර මල්ලි කියලා.මම මතකයි කියලා කතා කලා. පස්සේ ඒ මල්ලි අක්කේ මගේ අයියා කෙනෙක් ඉන්නවා එයා ඔයාට ගොඩක් කැමතියි පොඩ්ඩක් ඉන්න මම එයාට දෙන්නම් කියලා කෙනෙක්ට දුරකථනය දුන්නා.ඒ තමයි කුමාර මගේ සැමියා අපි කතා කළා.අපි දෙන්නටම කැමැත්තක් ඇති වුණා මුලදි නම් ගෙදරින් අපිට අකමැති වුණා.ඒත් පස්සේ එයාලා කැමැත්ත දුන්නා.”
මුලදි අකමැති වුණත් දැන් නම් ඇයටත් වඩා ගෙදර අය ඔහුට ආදරය කියලා කියල ඇය කියනවා ඉතින් තවත් බොහෝ කාලයක් මේ සුන්දර පවුලට සතුටින් ම ජීවත් වෙන්නට වාසනාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නේමු.