Gossip Lanka

අපි කලාවෙන් ජීවත් වන අය කලින් අපි හොඳට කාලා ඇඳලා හිටියා ජීවිතයේ අමාරු කාලය ගැන සංවේදී වූ හිමාලි

මුලින්ම නිවේදිකාවක් විදිහට ශේත්‍රයට එන මේ සුන්දර තාරකාවිය ගැන අද වෙද්දි බොහෝ දෙනෙක් දන්නවා. දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ඇය විසින් රඟ පෑ ඒ ආන්දෝලාත්මක  චරිතය නිසා නැවත වතාවක් හිමාලි සයුරංගි කියන චරිතය ප්‍රේක්ෂකයන් අතරට යන්න පටන් ගන්නවා.

පුංචි තිරය හෝ වේවා සිනමාව හෝ වේවා තමන්ට ලැබෙන ඕනෑම නිර්මාණයක් ඉතාමත් සතුටින් බාර අරගෙන හරවත් චරිත විශිෂ්ට ලෙස රංගනයෙන් හැඩ කරන ඇය වෙළඳ දැන්වීම් හඬකැවීම් නිවේදනය සහ ගීත ගායනය වැනි බොහෝ අංශ  වලට දක්ෂතාවයක් දක්වන කෙනෙක්.

බොහෝ අවස්ථාවන්වල දී හිමාලි මෙගා ටෙලි  නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. ඇය සඳහන් කරන්නේ සියලුම දෙනා ආර්ථික අර්බුදයට ඉන්න නිසාත් නිෂ්පාදකවරු අඩුවීම නිසා නිසාත් ගෙවන මුදල් ප්‍රමාණය අඩුවීම වැනි කාරණා නිසාත් අද දීර්ඝ ටෙලි නාට්‍යය කලාවට ඒ විදිහට කලාකරුවන් යොමුවෙලා ඉන්නවා කියන දේයි.

ඉතින් ඇය මේ දිනවල දිවි තුරා ටෙලිනාට්‍ය තුළත් රංගනයෙන් කටයුතු කරනවා ඒ වගේම පසුගිය දවසක සුනාමි  චිත්‍රපටියේ ඇය අද්විතීය රංගනයක නිරත වුණා. ඉතින් මේ රඟපෑම නිසා එහි හොඳම සහය නිළියට හිමි සම්මානය ලබාගන්නා හිමාලයට අවස්ථාව උදා වුණා.

රට තුළ පැන නැගිලා තියෙන ඇතිවෙලා තියන මේ සෝචනීය තත්වය කලාකරුවන්ට හෝ වේවා සාමාන්‍ය වැසියන්ට හෝ වේවා අනෙකුත් පුද්ගලයන්ට හෝ වේවා දරාගැනීමට නොහැකි අති දුෂ්කර කාලයක්. ඉතින් හිමාලිත්  මේ රටේ පවතින තත්වය පිළිබඳව  කලකිරීමෙන් ජීවත් වෙන කෙනෙක්. ඇය ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“ඇත්තටම කිව්වොත් හැම වැඩක්ම ඇණහිටලා තියෙන්නේ නිවේදිකාවක් විදියට සහ වෙළඳ දැන්වීම් හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් මම කටයුතු කළා. ඒත් මේ වෙන වෙන විට ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ අපි ව්‍යාපාරිකයෝ නෙවෙයි කලාවෙන් ජීවත් වෙන අය. මේ කාලේ උදා වෙන්න කලින් අපි හොඳට කාල බීල ඇඳල හිටියා. වසංගත තත්ත්වයක් එක්ක සහ ඊට පස්සේ මේ සිද්ධ වූ ආර්ථික කඩා වැටීමත් එක්ක අපි ඉතාම කනගාටුදායක  තත්වයකට මුහුණ දෙනවා. නිර්මාණ හදන්න නිෂ්පාදකවරු නැහැ ව්‍යාපාරිකයෝ තමයි බොහෝ වෙලාවට නිෂ්පාදන කටයුතු කරන්නේ. ඒත් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටුනහම ඔවුන් කොහොමද ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ.”

ඉතින් ඇය ඒ රට තුළ පවතින තත්ත්වය පිළිබඳව ඒ ආකාරය විස්තරයක් තමයි පුවත්පතකට සඳහන් කරලා තිබුණේ.