ඇය ඈත් වුණේ මගේ වරදින්.මේ අවුරුද්දේ මොකක් හරි වෙනසක් වෙයි.ප්‍රසිද්ධියේ ගොඩක් දේවල් කියන්න බෑ
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ කලාවට ඇවිල්ලා ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉන්න ආදරණීය චරිතයක් බවට පත් වෙච්චි කෙනෙක්.ඔහු සිනමා තරුවක් විදිහටත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ නමගිය කලාකරුවෙක් විදිහටත් විවිධ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා. ඉසුරු සිනමාව තුළ ආන්දෝලාත්මක එහෙමත් නැත්නම් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි වලට තමයි බහුතරයක් ම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ
ඒ වගේම රංගන ශිල්පියෙක් ට අමතරව ඔහු මේ දවස් වල නිවේදන ශිල්පියෙක් විදියටත් වැඩ වැඩසටහන් මෙහෙය වනවා.ඒ වගේ කලා කටයුතු රැසක් එක වැඩ කටයුතු කරන ඔහු කලාවට එන්න කලින් යුදහමුදාවෙ නිලධාරියෙක් විදියට තමයි කටයුතු කරලා තියෙන්නෙ. නමුත් මේ වන විට ඔහු හමුදා සේවයෙන් අයින් වෙලා පූර්ණ වශයෙන්ම තමන්ගෙ වෘත්තිය බවට පත් කරගෙන තියෙන්නේ කලාව.
ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේ දී වැඩි වශයෙන්ම ඉසුරු ගැන කතා කරන්න පටන් ගත්තෙ ඔහු සහ තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු අතර ආදර සම්බන්ධතාවයක් තිබිලා මේ සම්බන්ධතාවය බිඳ වැටෙනවා කියන ප්‍රකාශයක් සමාජය හරහා හුවමාරු වෙච්චි නිසයි.කොහොම නමුත් දෙන්නම මේ දේවල් ගැන විවෘතව අද වන විටත් කතා කරලා නැහැ.නමුත් එක්කම එකම අවස්ථාවකදී යූටියුබ් වැඩසටහනක් අතරතුර නිවේදකයා ඉසුරු ගෙන් අහනවා ඔයා පපුවේ කොටාගෙන හිටපු ඔළුවේ තියාගෙන හිටපු ඒ ආදරණීය ආදරවන්තියට මොකද උනේ කියලා.ඒ වගේම විවාහ වෙන්න අදහසක් නැද්ද කියලත් ඔහු ඇහුවා.ඉතින් ඒ වෙනුවෙන් ඉසුරු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“මෙහෙමයි වැරැද්ද මගේ ඇය ඈත් වුණේ මගේ වරදින්.මම දෛවය කියන දේ සෑහෙන්න විශ්වාස කරනවා.ඇත්තටම මේ වෙලාවේ මම හිතනවා කසාද බැඳලා දරුවෙක් හිටියෙ නැත්තෙ හොඳට කියලා.මේ සිස්ටම් එක ඇතුලෙ මාර දුකක් විඳින්නේ අනිත් රටවල් වල දරුවෝ කොයි වගේ තැන් වල ද අද ඉන්නේ.කොහොම නමුත් මේ අවුරුද්ද වෙනසක් වෙයි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා මොකද ප්‍රසිද්ධියේ ගොඩක් දේවල් කියන්න බැහැ”
කොහොම නමුත් ඔහු වෙනසක් සිද්ධ සිද්ධවේවි කියල ඉඟියක් දෙන්නේ ඔහුගේ විවාහ ජීවිතය ගැන වෙන්න ඇති.කෙසේ නමුත් ඒ සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියා අපිත් හදවතින්ම මේ කඩවසම් රංගන ශිල්පියාට සුභ පැතුම් එක් කරන්නෙමු