මම යුද හමුදාවේ සේවය කළා වගේම පදික වේදිකාවේත් බඩු විකුනුවා මට ඕනේ මම කරන දේට කැපවෙන්න
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කිව්වහම මේ සුන්දර රංගන ශිල්පියා ගැන ඕනෙම කෙනෙක් දන්නවා.ඔහු අද වෙද්දි රංගන ශිල්පියෙක් විතරක්ම නෙවෙයි දක්ෂ වැඩසටහන් නිවේදකයෙක් විදිහටත් වැඩ කටයුතු කරනවා.ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණයක් රැසකට තමන්ගේ රංගන දායකත්වය ලබා දීපු ඉසුරු තාමත් තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.
කාලෙකට කලින් ඔහු ක්ෂේත්රයේ ම තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමඟ සම්බන්ධතාවයක් තිබ්බා සහ ඒ සම්බන්ධතාවය දැන්නෑ කියලත් රසිකයන් අතර ප්‍රසිද්ධ වෙලා තිබ්බා.කොහොම නමුත් පුංචි කාලේ ඉඳන්ම ඉසුරුට ඕනි වෙලා තියෙන්නේ තමන් කරන දේ හරියට කරන්න.හැබැයි කවදාවත් ජනප්‍රිය වෙන්න ඕනි කියලා හීනයක් නම් ඉසුරුට තිබිලා නෑ.ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
“මම පාරේ යද්දී මිනිස්සු මා දිහා බලන්න ඕනේ සෙල්ෆි ගහන්න ඕනි කියල මට පිස්සුවක් නැහැ.මම කරන වැඩ ගැන ෆේස්බුක් එකේ අප්ඩේට් කරන්නෙත් නෑ. මට ඕනේ කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මා කරන දේට කැප වෙන්න.මම යුද හමුදාවේ සේවය කරන කාලේ බොහෝ රස්සාවල් කලා.
වතාවක පදිකවේදිකාවේ බඩුත් විකුණුවා.මේ මොන දේ කළත් මට ආත්ම තෘප්තිය කියන දේ තියෙන්නෙ කලාව තුළ කියලයි මම හිතන්නේ.මොකද කිව්වොත් පාසල් කාලේ දැන් නාට්‍ය කරලා තිබ්බා හීනයකට වඩා අදත් මට තියෙන්නෙ හෙටත් තියෙන්නේ ආත්ම තෘප්තිය උදෙසා යමක් කිරීම පමණයි”
ඉතින් ඔහු ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන මේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.