Gossip Lanka

ඒමී නැතුව පාලුයි කියලා අකිල දාපු පෝස්ට් එකට ජැක්සන් සංවේදීව දුන් පිළිතුර

ජැක්සන් ඇන්තනි කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නිර්මාණ කලාව තුළත් සිනමාව තුළත් මතක හිටින චරිත රැසක් නිරූපණය කරපු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. මේ වන විට ජැක්සන් රංගන ශිල්පියෙක් විතරක්ම නෙවෙයි. ඔහු දක්ෂ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයෙක්.

වර්ෂ 1958 ජූලි මස 8 වැනි දින උපත ලබන ඔහු හය වතාවක් හොඳම නළුවා සම්මානය දිනා ගන්න වාසනාවන්ත වුණා. පුංචි තිරය රිදී තිරය විතරක් නෙවෙයි  ඔහුට වේදිකාව කියලා කියන්නෙත් නුපුරුදු තැනක් නෙවෙයි. ජැක්සන් විවාහ වෙන්නේ ක්ෂේත්රයේ දක්ෂ ගායිකාවක් වගේම රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන් කුමාරි මුණසිංහ මහත්මිය සමඟයි.

මේ විවාහයෙන් ආදරණීය දියණියක් සහ  පුතා දෙන්නෙකුගේ ආඩම්බරකාර පියෙක් වෙන්න මේ වෙද්දි ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. දරුවන් තුන් දෙනාම උසස් අධ්‍යාපනය නිසි නිසියාකාරව හදාරා අම්මගේ තාත්තගේ ගුරුහරුකම් මැද කලා ක්ෂේත්‍රයක් එක්ක මේ වෙද්දි එකතු වෙලා ඉන්නවා.

ඉතින් මේ කලා පවුලේ දෙවනියා තමයි අකිල ධනුද්ධර කියලා කියන්නේ. ඔහුත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් විදිහට අපිට හඳුන්වන පුළුවන් චරිතයක්. මේ දිනවල රංගන කටයුතුත් එක්ක ඉතාමත් කාර්යබහුල  ජීවිතයක් තමයි අකිල ගත කරන්නේ. ඔහු විවාහ වෙන්නේ  එමී නැමැති තරුණියක් සමඟයි ඉතින් ඉතාමත් සුන්දර ජීවිතයක් ගතකරන මේ ආදරණීය යුවල මේ වෙද්දි ආදරණීය චූටි දියණියකගේ දෙමව්පියන්.

මේ විදිහට තමන්ගේ දියණියගෙන් සහ  බිරිඳ ගෙන් ඈත් වෙලා කාලය ගත කරන අකිල දැනුණු හුදකලා හැඟීම් එක්ක  පසුගිය දවසක මුහුණ පොතට ආදරණීය බිරිඳ සිප ගෙන සිටින ඡායාරූප දෙකක් එකතු කරමින් ,

ඔයා නැතුව පාලුයි මැණික

කියලා සඳහන් කරලා තිබුනා. ඉතින් ඒ ඡායාරූපයට ම යටින්  ජැක්සන් ඇන්තනි මහත්මයාත්  හරි සංවේදී අදහසක් එකතු කරලා තිබුණේ පහත ආකාරයටයි.

මේ දවස්වල  මගේ පණ තුනම රජරට ගෙදර හිස් පිට්ටනියක්

ජැක්සන් ඇන්තනි මහත්මයා  දරුවන් තුන් දෙනාම මේ වෙද්දි ගෙදර නැති නිසා ඔහුටත් දැනුණු ඒ හැඟීම මේ ඡායාරූපය යටින් සටහන් කළා තිබුණා. එ විතරක් නෙවෙයි මේක දැකපු අකිල

අප්පච්චි නැතුවත් පාලුයි

යනුවෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. කෙසේ නමුත් විවේක ලද සෑම අවස්ථාවකදීම මේ පවුල සතුටින් සමගියෙන් කල් ගත කරන්න අමතක කරන්නේ නැහැ. ඒ විදිහට ගත කරන  සමගිය හැමදාමත් ඔවුන් ළඟ තියේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.