හැමෝම හිතන විදියට කසාද බැඳලා දරු මල්ලො හදාගෙන ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ
නිතරම කලාව තුළින් දැක බලා ගන්න හැකියාව නොලැබුනත් ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් නිර්මාණත් එක්ක එකතු වෙලා ඉන්න මේ සුන්දර කලාකරුවා පිළිබඳව අමුතුවෙන් හඳුන්වන්න ඕනි නැහැ.රංගන ශිල්පියෙක් කියන භූමිකාවට අමතරව මේ දවස්වල අධ්‍යක්ෂක භූමිකාව හරහාත් ප්‍රේක්ෂකයන් හමුවට ආ ඔහු ජගත් මනුවර්ණ රංගන ශිල්පියා.
ඔහු ජාත්‍යන්තරය ජයගත් අධ්‍යක්ෂක වරයෙක් ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.මේ දිනවල ජගත් ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ටෙලි නාට්‍යයක් ඒ තමයි කොඩි ගහ යට ටෙලි නිර්මාණය.හැම වෙලාම කලාවත් එක්ක ඔහු සම්බන්ධ වෙලා ඉන්නවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියලත් මං මුලින් කිව්වා ඒ වගේ ටෙලි නිර්මාණත් එක්ක වැඩිය දකින්න නැත්තේ ඇයි කියලා අහපුවාම ජගත් කිව්වේ මේ වගේ කතාවක්.
“රංගන ශිල්පියෙකු විදිහට තමයි වේදිකාව හරහා මම කලාවට එන්නේ.ඒකට හේතුව රඟපෑම කියන දේ මම කැමැත්තෙන් සහ ආසාවෙන් කරන දෙයක්.ඒ නිසා චරිතයක් ලැබුනහම ටිකක් හොයනවා බලනව වැඩියි.මට කරන්න පුළුවන් මට්ටමක තියෙනවද ගැලපෙනවද එහි පිටපත කොහොමද ඒ වගේම දේවල් ටිකක් හොයල බලල තමයි චරිතය කරන්නේ. රඟපානවා කියන විෂය වියදම් කළ යුතු දෙයක් නෑ විඳවන්න නැතුව මගේ ගැන හොඳට දන්න නිසා මගේ විදිහ දන්න නිසා මට ගැළපෙන ඒවට විතරයි අධ්‍යක්ෂකවරු කතා කරන්නේ.”
ඔවුන්ට දෙයක් සාර්ථකව කරන්න පුළුවන් කියලා හිතුණොත් විතරයි ඒ චරිතය තෝරාගන්නේ ඒ නිසා වෙන්න ඇති ජගත් කියන මේ සුන්දර කලාකරුවා නිතරම හැම ටෙලි නිර්මාණයකින්ම නිර්මාණයකින්ම අපිට දැක බලාගන්න බලා ගන්න හැකියාව ලැබෙන්නේ නැත්තේ.
කලාව ගැන ඒ විදියට අදහස් දක්වන ඔහු ආදරය ප්‍රේමය ඒ වගේම පවුල කියන සංකල්ප පිළිබඳව කොහොමද හිතන්නේ කියලා අහපුවාම කිව්වේ මේ වගේ කතාවක්.
“ඒවා සාමාන්‍ය විදිහට ජීවිතය ගත වෙමින් යනවා හැමෝම කරන විදිහට කසාද බැඳලා දරු මල්ලො හදාගෙන කුටුම්භ ගත ජීවිතයක් ගත කළ යුතුය කියන තැන ඉන්න කෙනෙක් නෙවෙයි මම. නිදහස්කාමී විදිහට ජීවිතය ගෙවන්නේ.කලාවේ මගේ වැඩ වලට ඒ නිදහස් මනස වැදගත් කලාව දේශපාලනය රඟපෑම මේ සියල්ල මගේ ජීවිතයේ කොටසක්.ඒ සියලු දේ එක්ක අරමුණ ටිකක් තියෙනවා ඒ අරමුණු ඔස්සේ වැඩ කරනවා.”
ඒ විදිහට අදහස් දක්වන ජගත් මනුවර්ණ කලා කරුවාට ඔහුගේ සියලුම බලාපොරොත්තු වූ ආකාරයෙන් විශිෂ්ට කරගන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.