Siri Lankawa

Web Postal

උඹට පණ තියෙනවද කියලා පවුලේ අයවත්බ්දොස්තරලවත් කියන්නෙත් නැහැ.w.ජයසිරි ජැක්සන් ගැන කියපු ආන්දෝලාත්මක කතාව

අපේ කලා ලෝකය තුළ ඉන්න ප්‍රවීණ ඒ වගේම සිනමාව හරහා විවිධ චරිත ඔස්සේ කරලියට ආපු දක්ෂ කලාකරුවෙක් තමයි ඩබ්ලිව් ජයසිරි කියන්නේ.ඔහු සිනමා විතරක් නෙමෙයි පසුකාලීනව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ගෞරවනීය චරිත රැසක් ම නිරූපණය කළා.

මේ වන විටත් කලාවත් එක්ක සක්‍රීයව දායක වෙලා ඉන්න ඔහු හැම වෙලාවකම සහෘද කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක් කියන්නත් පුළුවන්.ඒ නිසාම පසුගිය කාල සීමාවේදී හදිසි අනතුරක් නිසා තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජැක්සන් ඇන්තනි මහත්මයා පිළිබඳව ඩබ්ලිව් ජයසිරි මහත්මයා සංවේදී සටහනක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තිබුණා.

ඔහු මේ ආකාරය සටහනක් සමාජ මාධ් ඉගෙනුමට එකතු කරන්නේ කවුරුත් ජැක්සන් මහත්මයාගේ අලුත්ම තත්වය ගැන කිසිදු සටහනක් කරන්නැති කාල වකවානුවක් තුළ.ජැක්සන් ගේ ආදරණීය දියණිය මාධවී තාත්තට දැන් සුවයි කියල කිව්වට ගොඩක් දෙනෙක් ඒක පිළිගන්නෙ නැහැ.ඒ නිසාම සමාජයේ විවිධ මතිමතාන්තර මේ වෙද්දිත් නිර්මාණය වෙලා.එවැනි පරිසරයක ඩබ්ලිව් ජයසිරි මහත්මයා කිසිදු හරියාකාර තොරතුරක් නැති ජැක්සන්  ඇන්තනී ගැන තමන්ගෙ මුහුණ පොතේ පළ කළේ මේ වගේ කතාවක්.

‘ජැක්සන්,මචං,මට

එහෙම උඹව අමතන්න පුලුවං.මේ කාලයේ උඹ ගැන

විවිධ කයිකතන්දර එහෙමෙහෙ වෙනව.මොනවද කියල උඹට කවුරු හරි කියනව ද මම 

දන්නෙ නැහැ.උඹ මැරිල ද පණ තියෙනව ද කියල දන්නෙත් නැහැ.

ඒ ගැන පවුලෙ කවුරුත් කියන්නෙ නෑ.උඹ ගැන හොයාබලන දොස්තර මහත්තුරු කියන්නෙත් නෑ.

උඹ ගැන නන්දොඩවන අයට උඹ පිළිතුරු 

දෙන්නෙත් නෑ.උඹ නං විශ්මකර්ම මිණිහෙක්.අනික් මිණිස්සුන්ට ප්‍රතික්‍රියා දක්වමින් වචන හරඹ කරන

දවස්වල වගේම එහෙම නො කරන මේ දවස්වලත් උඹ

හරිම ජනප්‍රිය යි.

ඉතිං උඹ හා මම 

මරා හා සාද් ලෙස 

රඟපෑ “මරාසාද්” 

නාටකයේ උඹ කියනව වගේ කොට්ට උරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ලෝකය දෙස බලමු.”

කෙසේ නමුත් අවසානයේ මේ සුන්දර කලා කරුවාට ඉතාමත් ඉක්මන් සුවය ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *