ඇත්තටම මට කණගාටුයි.ජැක්සන් ගැන පුෂ්පා රම්‍යා හෙදිය කියපු ඇත්තම කතාව
ජැක්සන් ඇන්තනීගේ කියන්නේ අපේ කලාව තුළ ඉන්න තව කෙනෙක්ට සම කරන්න බැරි තරම් දක්ෂ රංගන හැකියාවක් තියෙන කලාකරුවෙක්.ඉතින් මේ කලාකරුවා පසුගිය අවුරුද්ද එක්තරා රූගත කිරීමකට සහභාගි වෙලා නැවත අනුරාධපුර ප්‍රදේශය හරහා ගෙදර එන අවස්ථාවකදී දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා.
මේ රිය අනතුර නිසා ඔහු දැනට අවුරුද්දකට ලඟ කාලසීමාවක් ම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තමයි ප්‍රතිකාර ලබන්නේ.ඔහුගේ මේ අවාසනාවන්ත රෝගී තත්ත්වය නිසා අද වෙද්දි ජැක්සන් ඇන්තනීට ආදරේ කරන ගොඩක් දෙනෙක් ඔහුගේ සුවය තකා විවිධ ආගමික වතාවත් සිද්ධ කරනවා.
එ වගේම තමා ඒ පසුගිය කාල සීමාවේදී සීමාවේ දී එතුමා ගැන නොයෙකුත් කට කතා සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්න පටන් ගත්තා. ජැක්සන් කොහොමද ඒ තරම් කාලයක් දැඩි සත්කාර ඒකකය මැෂින්වලින් ඉන්නේ,වෙන ලෙඩක් ආවොත් ඒ ලෙඩා ට මොකද කරන්නේ ඔන්න ඔය වගේ ගැටලු ගැටළු සහගත ප්‍රශ්ණයක් තමයි හැම තැනම කතා වෙන්න පටන් ගත්තේ.
ජැක්සන් ඇන්තනි මහත්මයාට මේ වන විට පූර්ණ සුවය ලැබිලා නැති නිසා ඔහුව මැෂින්වලින් ගලවන්න කිසිසේත්ම හැකියාවක් නැහැ.ඒක අවදානම් සහගත වැඩක්.මුලින්ම ඔහු රෝහල්ගත කරාට පස්සේ හොඳින් කතාබහ කරලා හිටියලු.පස්සේ දෙවැනි වතාවට කරපු ශල්‍යකර්මයක් නිසා තමයි ජැක්සන් ඇන්තනි මහත්මයාට මේ විදිහට නිහඩ වෙලා ඉන්න සිදුවෙලා තියෙන්නේ කියලා තමයි ආරංචි වෙන්නේ.
කොහොම නමුත් ජාතික රෝහලේ හෙදියක් විදිහට භාරදූර කාර්යයක් ඉටු කරන පුෂ්පා රම්‍යා මහත්මියගේ නම භාවිතා කරලා යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා ජැක්සන් ඇන්තනි මහත්මයා මේ වන විටත් ජීවිතෙන් සමු අරගෙන කියන පුවතක් ප්‍රචාරය වුණා.ඇත්තටම මේකේ සත්‍ය අසත්‍යතාවය කවුරුත් විමසන්නෙ නැතුව මේ කතාව තව තවත් ප්‍රචාරය කළා.ඒකට පිළිතුරු වශයෙන් ඇය තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුමට අපූරු සටහනක් එකතු කරනවා. ඉතින් ඇය ජැක්සන් ඇන්තනි මහත්මයා වෙනුවෙන් එකතු කරපු සටහන පහතින් උපුටා දක්වා ඇත.
“ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බොහෝ කරුණු ගැන ඇත්තේ කනගාටුවකි
කිසිදු පදනමක් නැති සමහර You tube
ඔහුගේ සිදුනොවූ මරණයක් තලු මරමින් ප්‍රකාශ කරන අයුරු අප්‍රසන්නය. විශේෂයෙන් “Test One” නැමති You Tube හි ජාතික රෝහලේ හෙදියක් ලෙස නම් කරමින් Ramya Kumari යන මුහුණු පොතේ හෙදියක් ප්‍රකාශ කරයි ලෙස විවිධ සාවද්‍ය අදහස් සමාජය තුල පැතිරීම කනගාටුදායකය . එලෙස අදහස් ප්‍රකාශ කිරීම නීති විරෝධීය. එම මුහුණු පොත මිනිසුන් නොමග යැවීමට මාගේ ජායාරූප භාවිතා කිරීමද අප්‍රසන්නය.
මෙවන් ප්‍රචාරවලට නොරැවටෙන්න. එවන් සාවද්‍ය අදහස් ප්‍රකාශ කරන්නන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය.”
