Siri Lankawa

Web Postal

එක් කෙනෙක් දාලා තිබ්බා ජැක්සන් ඇන්තනී ලා සුසන්තලා  විතරද අසනීප වෙන්නේ කියලා. සංවේදී කතාවක් කියන සුසන්තා චන්ද්‍රමාලි

අපේ කලා ලෝකය තුළ ප්‍රවීණ කලාකාරිනියක් විදියට හඳුන්වන්න පුලුවන් රංගන ශිල්පිනියක් තමයි සුසන්තා චන්ද්‍රමාලි කියන්නේ.ඇය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට තමයි ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ.වසර ගණනාවක්ම කලාව වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු කරපු ඇය ඇයගේ එක්කම ආදරණීය දියණියන් කලාව වෙනුවෙන් එකතු කරනවා.

ඇයත් ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා. ඒ වගේම තමයි පසුගිය කාලසීමාව පුරාවටම සුසන්තා චන්ද්‍රමාලි කියන මේ රංගන ශිල්පිනිය පිළිබඳව  වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තෙ ගත්තේ ඇය පියවුරු පිළිකාමය රෝගී තත්වයකින් පෙලුනු නිසයි.

ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ආශිර්වාදය සහ උත්සාහයන් වල ප්‍රතිඵලයක් විදිහට ඇය මේ රෝගී තත්ත්වයෙන් ගොඩ ආවා.නමුත් අවාසනාවකට නැවත වතාවක් ඇය පියවුරු පිළිකා රෝගය තත්ත්වයට මුහුණ දීලා කියලා 2023 අවුරුද්දේදී කරපු පරීක්ෂණ මගින් තහවුරු වුණා.

මේ හේතු කාරණා එක්ක රට තුළ පවතින තත්ත්වයක් නිසා ඇයගේ පිළිකා රෝගයට අවශ්‍ය කරන එන්නත් සපයා සපයාගන්න වෙලා තියෙන්නේ මුදල් ගෙවලා.ඇත්තටම  අවශ්‍ය කරන ගාන මේ වෙද්දි හිතාගන්නවත් බැරි තරම් ඉහළ අගයක් ගන්නවා කියලා සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සඳහන් කළා.එනිසාම ඇය සහ ඇය වටේ සිටින බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් උදව් උපකාර ඉල්ලුවා.මානුෂිය හදවත් තියෙන මිනිස්සු ඇයට උදව් කරද්දී තවත් සමහර වූ ලාභ ප්‍රයෝජන මත සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරයන් ප්‍රචාරය කළා.එ සියලු දේවල් සම්බන්ධයෙන් කලකිරුණු සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අදහස් දැක්වූයේ මේ විදියටයි.

“එක් කෙනෙක් දාල තිබ්බා ජැක්සන් ඇන්තනී ලා සුසන්තා චන්ද්‍රමාලි ලා විතරක්ද අසනීප වෙන්නේ කියලා.මම දන්නවා මම තරම් වේදනා විදින කෙනෙක් මම තරම් අත්දැකීම් ලබන කෙනෙක් තවත් නැතුව ඇති කියලා.මම අපේක්ෂා රෝහලේ හිටියේ.මාත් එක්ක කතා කරපු නම්බර් දීපු අය පහුවදා නෑ එක්කොඉ සතියකින් නෑ.මම කියන්නේ හොඳ හිතින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න.නැත්නම් නිශ්ශබ්ද වෙන එක තමයි හොඳම”

ඉතින් ඇය ඔන්න ඔය විදිහට තමයි සංවේදීව අදහස් ඉදිරිපත් කරලා තිබුනෙ කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් ඇයට සුව වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *